Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 12:7 - Sinhala Revised Old Version

7 නුඹලාගේ සියලු හිසකේ පවා ගණන්කර තිබේ. භයනොවෙන්න. නුඹලා බොහෝ ගේකුරුල්ලන්ට වඩා අගේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 ඔබගේ හිසකෙස් සියල්ල පවා ගණන් කොට ඇත. බිය නොවන්න; ඔබ ගේකුරුල්ලන් රාශියකට වඩා අගනේ ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

7 සැබවින් ම ඔබගේ හැම හිස කෙසක් පවා ගණන් කොට ඇත. බය නො වන්න! ගේ කුරුල්ලන් රාශියකටත් වඩා ඔබ වටී.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 ඔබගේ හිසකෙස් සියල්ල පවා ගණන් කොට ඇත. බිය නොවන්න; ඔබ ගේකුරුල්ලන් රාශියකට වඩා අගනේ ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 12:7
10 හුවමාරු යොමු  

ආකාශයේ පක්ෂීන් බලන්න, උන් වපුරන්නේවත් කපාගන්නේවත් අටුවල රැස්කරගන්නේවත් නැත; නුඹලාගේ ස්වර්ගීය පියාණන්වහන්සේද උන් පෝෂණය කරනසේක. නුඹලා උන්ට වඩා බොහෝ වටිනවා නොවේද?


නුමුත් නුඹලාගේ හිසකෙසක්වත් නැති නොවන්නේය.


එවිට ඈ: ලේවලට පළිගන්න අය විසින් තවත් විනාශනොකරන පිණිසද ඔවුන් මාගේ පුත්‍රයා නැතිනොකරන පිණිසද රජ්ජුරුවෝ ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සිහිකෙරෙත්වයි කීවාය. ඔහුද: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම නුඹේ පුත්‍රයාගේ ඉසකෙසක්වත් බිම නොවැටෙන්නේයයි කීවේය.


එවිට සෙනඟ සාවුල්ට කථාකොට: ඉශ්‍රායෙල්හි මේ මහත් ගැළවීම සිද්ධකළ යොනාතාන් නසින්ට ඕනෑද? එසේ නොවේවා. ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවාසේම ඔහුගේ හිසෙන් කේශයක්වත් බිම නොවැටෙන්නේය; මක්නිසාද ඔහු දෙවියන්වහන්සේ සමඟ අද දවසේ ක්‍රියාකෙළේයයි කීවෝය. මෙසේ යොනාතාන් නොනසින ලෙස සෙනඟ ඔහු මුදාගත්තෝය.


එබැවින් කෑම කන මෙන් නුඹලාට අවවාදකරමි. මක්නිසාද එය නුඹලාගේ ආරක්ෂාව පිණිස ඕනෑකෙරේ. නුඹලාගෙන් කිසිවෙකුගේ ඉසකේ ගහක්වත් නැති නොවන්නේයයි කීවේය.


ඔබගේ හස්තකර්ම කෙරෙහි ඔහු අධිපති කළසේක; එසේය, සියල්ල ඔහුගේ පාද යට දැමූසේක.


එසේවී නම් බැටළුවෙකුට වඩා මනුෂ්‍යයෙක් කොපමණ උතුම්ද? එබැවින් සබත් දවසේදී යහපත්කම් කරන්ට යුතුයයි ඔවුන්ට කියා–


රාත්‍රියේදී ගීතිකා දෙන්නාවූ මාගේ මැවුම්කාර දෙවියන්වහන්සේ කොතැනදැයි කිසිවෙක් නොඅසන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්