ඵල නෙළන කාලය ළංවූ කල තමාට අයිති ඵල ලබාගන්නා පිණිස ඔහු තමාගේ දාසයන් ගොවීන් වෙතට යැවීය.
ලූක් 20:16 - Sinhala Revised Old Version ඔහු ඇවිත් ඒ ගොවීන් විනාශකොට, මිදිවත්ත අන්‍යයන්ට දෙන්නේයයි කීසේක. ඔව්හු ඒ අසා: එසේ නොවේවයි කීවෝය. Sinhala New Revised Version ඔහු අවුත් ඒ ගොවීන් වනසා, මිදි වත්ත අන්‍යයන්ට දෙනු ඇතැ”යි වදාළ සේක. සිංහල කාලීන පරිවර්තනය ඔහු ඇවිත් මේ බදුකරුවන් මරා, ඒ මිදි වත්ත වෙනත් අයට බාර දෙනු ඇතැ” යි පැවසූ සේක. ඒ ඇසූ ජනයා, “නෑ; එසේ නො වේවා!” යි පැවසූහ. Sinhala New Revised Version 2018 ඔහු අවුත් ඒ ගොවීන් වනසා, මිදි වත්ත අන්‍යයන්ට දෙනු ඇතැ”යි වදාළ සේක. |
ඵල නෙළන කාලය ළංවූ කල තමාට අයිති ඵල ලබාගන්නා පිණිස ඔහු තමාගේ දාසයන් ගොවීන් වෙතට යැවීය.
ඔව්හු කථාකොට: ඔහු ඒ නපුරු මනුෂ්‍යයන් භයානකලෙස විනාශකොට, නියම කාලවලදී තමාගේ ඵල කොටස දෙන්නාවූ වෙන ගොවීන්ට තමාගේ මිදිවත්ත භාරදෙන්නේයයි කීවෝය.
රජ්ජුරුවෝ උදහස්වී, තමාගේ යුද්ධසේනාවන් යවා ඒ මිනීමරුවන් විනාශකොට, ඔවුන්ගේ නුවර ගිනිලැවුවේය.
එබැවින් මිදිවත්තේ ස්වාමියා කුමක් කරන්නේද? ඔහු ඇවිත් ඒ ගොවීන් විනාශකොට මිදිවත්ත අන්‍යයන්ට දෙන්නේය.
එසේ වුවත් මා තමුන් කෙරේ රජකම්කරනවාට කැමති නූණාවූ මේ මාගේ සතුරන් මෙහි ගෙනැවිත්, මා ඉදිරියෙහි මරන්නැයි කීවේයයි කීසේක.
ඔහු මිදිවත්තෙන් පිටත දමා මැරුවෝය. එහෙයින් මිදිවත්තේ ස්වාමියා ඔවුන්ට කුමක්කරනවා ඇද්ද?
එවිට පාවුල්ද බාර්ණබස්ද භය නැතුව කථාකරමින්: දෙවියන්වහන්සේගේ වචනය පළමුකොට නුඹලාට කියන්ට යුතුව තිබුණේය. නුඹලා ඒක පහකොට, සදාකාල ජීවනයට තමුන් නුසුදුස්සන් බව නුඹලාම විනිශ්චයකරගන්න හෙයින්, මෙන්න, අපි අන්‍යජාතීන් අතට හැරී යමුව.
එසේවී නම් දෙවියන්වහන්සේ තමන්ගේ සෙනඟ අත්හැරදැමූසේක්දැයි අසමි. එසේ නොවේවා. මක්නිසාද මමත් ආබ්‍රහම්ගේ වංශයේ, බෙන්යමින්ගේ ගෝත්‍රයේ ඉශ්‍රායෙලිතයෙක්ය.
එසේවී නම් ඔවුන් පැකුලුණේ වැටෙන පිණිසදැයි අසමි. එසේ නොවේවා. එහෙත් ඔවුන් ජ්වලිතකරවන පිණිස ඔවුන්ගේ වැටීම කරණකොටගෙන අන්‍යජාතීන්ට ගැළවීම පැමිණ තිබේ.
එසේවී නම් අපි ඇදහිල්ල කරණකොටගෙන ව්‍යවස්ථාව අවලංගුකරමුද? එසේ නොවේවා. අපි ව්‍යවස්ථාව ස්ථිරකරමුව.
එසේ නොවේවා. ඔබවහන්සේගේ වචනවලින් ඔබ සාධාරණව පෙනෙන පිණිසත් ඔබ විනිශ්චයකරනු ලබන කල ජය ගන්න පිණිසත්ය කියා ලියා තිබෙන ලෙස, සියලු මනුෂ්‍යයන් බොරුකාරයන් වුණත් දෙවියන්වහන්සේ සැබෑ බව පෙනේවා.
එසේවී නම් කිමෙක්ද? අපි ව්‍යවස්ථාව යටතෙහි නොව කරුණාව යටතෙහි සිටින නිසා පව්කරමුද? එසේ නොවේවා.
එසේවී නම් ඒ යහපත් දේ මට මරණය වූයේද? එසේ නොවේවා. නුමුත් මෙසේ වුණේ යහපත්වූ එක කරණකොටගෙන මට මරණය ඉපදවීමෙන් පාපය පාපය ලෙස පෙනෙන පිණිසත්, ව්‍යවස්ථාව කරණකොටගෙන පාපය ඉතා පාපිෂ්ඨව පෙනෙන පිණිසත්ය.
එසේවී නම් කුමක් කියමුද? ව්‍යවස්ථාව පාපයද? එසේ නොවේවා. නුමුත් ව්‍යවස්ථාවෙන් දැන නොගත්තා නම් පාපය කුමක්දැයි මා නොදැන සිටිනවා ඇත. මක්නිසාද: තණ්හා නොවෙන්නැයි ව්‍යවස්ථාවෙහි කියා නොතිබුණා නම් තණ්හාව කුමක්දැයි මා විසින් නොදැන සිටිනවා ඇත.
නුඹලාගේ ශරීර ක්‍රිස්තුස්වහන්සේගේ අවයවයන් බව දන්නේ නැද්ද? එසේවී නම් මම ක්‍රිස්තුස්වහන්සේගේ අවයවයන් පැහැරගෙන වේශ්‍යාවියෙකුගේ අවයවයන් කරම්ද? එසේ නොවේවා.
නුමුත් ක්‍රිස්තුස්වහන්සේ තුළ ධර්මිෂ්ඨකරනු ලබන්ට සොයමින්ම අපිම පවා පව්කාරයෝව පෙනෙමු නම්, ක්‍රිස්තුස්වහන්සේ පාපයේ සේවකයෙක් වනසේක්ද? එසේ නොවේවා.
එසේවී නම් ව්‍යවස්ථාව දෙවියන්වහන්සේගේ පොරොන්දුවලට විරුද්ධද? එසේ නොවේවා. මක්නිසාද ජීවත්කරන්ට පුළුවන්වූ ව්‍යවස්ථාවක් දෙනලද්දේ නම්, ධර්මිෂ්ඨකම සැබවින් ව්‍යවස්ථාවෙන් වෙනවා ඇත.
නුමුත් අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කුරුසිය ගැන මිස වෙන කිසි දෙයක් ගැන පාරට්ටුකරගන්ට මට නම් සිද්ධ නොවේවා; ඒ කරණකොටගෙන ලෝකය මටද මා ලෝකයටද කුරුසියෙහි ඇණ ගසනුලද්දේ විය.