Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මාක් 12:9 - Sinhala Revised Old Version

9 එබැවින් මිදිවත්තේ ස්වාමියා කුමක් කරන්නේද? ඔහු ඇවිත් ඒ ගොවීන් විනාශකොට මිදිවත්ත අන්‍යයන්ට දෙන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 ඉතින් මිදි වතු හිමියා කුමක් කරනු ඇද් ද? ඔහු ඇවිත් ඒ ගොවීන් නසා දමා මිදි වත්ත අන් අයට පවරනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

9 “මිදි වතු හිමියා ඊට කුමක් කරයි ද? ඔහු ඇවිත් බදුකරුවන් මරා, ඒ මිදි වත්ත වෙනත් අයට බාර දෙනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 ඉතින් මිදි වතු හිමියා කුමක් කරනු ඇද් ද? ඔහු ඇවිත් ඒ ගොවීන් නසා දමා මිදි වත්ත අන් අයට පවරනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 12:9
33 හුවමාරු යොමු  

ඇරත් යෙසායා ඉතා නිර්භීතව කථාකරමින්: මා නොසෙවුවන්ට සම්බවීමි; මා ගැන විභාග නොකළවුන්ට ප්‍රකාශවීමියි කියයි.


එසේ වුවත් මා තමුන් කෙරේ රජකම්කරනවාට කැමති නූණාවූ මේ මාගේ සතුරන් මෙහි ගෙනැවිත්, මා ඉදිරියෙහි මරන්නැයි කීවේයයි කීසේක.


එබැවින් නුඹලාට මම කියමි–දෙවියන්වහන්සේගේ රාජ්‍යය නුඹලාගෙන් අහක්කොට එහි ඵල උපදවන ජාතියකට දෙනු ලබන්නේය.


රජ්ජුරුවෝ උදහස්වී, තමාගේ යුද්ධසේනාවන් යවා ඒ මිනීමරුවන් විනාශකොට, ඔවුන්ගේ නුවර ගිනිලැවුවේය.


එවිට ඔහු ගොස් තමාට වඩා දුෂ්ටවූ වෙන ආත්මයන් සත්දෙනෙකු තමා කැටුව ගෙන එන්නේය, ඔව්හු ඇතුල්ව එහි වාසයකරති. එසේ ඒ මනුෂ්‍යයාගේ පළමු ස්වභාවට වඩා අන්තිම ස්වභාව නපුරුවන්නේය. මේ නපුරු පරම්පරාවටද එසේම වන්නේයයි කීසේක.


මක්නිසාද ඉර උදාවන තැන් පටන් බස්නා තැන දක්වා මාගේ නාමය ජාතීන් අතරේ උතුම්ය; සියලුම ස්ථානවල සුවඳ දුම්ද පිරිසිදු පූජාවක්ද මාගේ නාමයට ඔප්පුකරනු ලබන්නේය. එසේය, මාගේ නාමය ජාතීන් අතරේ උතුම්යයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.


එම්බා වනයේ තිබෙන මාගේ කන්ද, නුඹේ සම්පතද නුඹේ සියලුම වස්තුද නුඹේ සියලු පළාත්වල කළ පාපය නිසා නුඹේ උස් තැන්ද කොල්ලයක් කොට දෙන්නෙමි.


නුඹලාගේ නාමය ශාපයක් පිණිස මාගේ තෝරාගත්තවුන්ට නුඹලා තබා යන්නහුය, ස්වාමිවූ දෙවියන්වහන්සේ නුඹ නසා තමන්ගේ මෙහෙකරුවන්ට වෙන නාමයක් තබනවා ඇත.


තව ස්වල්ප කලකින් ලෙබනොන් වනය උයනක් වෙන්ටත් උයන වනයක් කොට ගණන් ගනු ලබන්ටත් තිබෙනවා නොවේද?


තවද නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කී සියලු යහපත් දේ නුඹලා කෙරෙහි පැමුණුණාක් මෙන්ම, නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාට අණකළ තමන්ගේ ගිවිසුම නුඹලා කඩකර ගොස් අන් දෙවිවරුන්ට සේවයකර ඔවුන්ට නමස්කාරකරන කල,


ඵල නෙළන කාලය ළංවූ කල තමාට අයිති ඵල ලබාගන්නා පිණිස ඔහු තමාගේ දාසයන් ගොවීන් වෙතට යැවීය.


එවිට උරුමය අපට වන්නේය කියා, ඔහු අල්ලා, මරා, මිදිවත්තෙන් පිටතට දැමුවෝය.


ගෙවල් සාදන්නන් විසින් එපාකළ ගලම කොනේ ප්‍රධාන ගල කරනු ලැබීය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්