Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




රෝම 11:1 - Sinhala Revised Old Version

1 එසේවී නම් දෙවියන්වහන්සේ තමන්ගේ සෙනඟ අත්හැරදැමූසේක්දැයි අසමි. එසේ නොවේවා. මක්නිසාද මමත් ආබ්‍රහම්ගේ වංශයේ, බෙන්යමින්ගේ ගෝත්‍රයේ ඉශ්‍රායෙලිතයෙක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 එසේ නම් දෙවියන් වහන්සේ සිය සෙනඟ අත් හළ සේක් දැ යි මම ප්‍රශ්න කරමි. කොහෙත් ම නැත. මන්ද, මමත් ආබ්‍රහම්ගේ පෙළපතට ද බෙන්ජමින්ගේ ගෝත්‍රයට ද අයත් ඉශ්රායෙල් ජාතිකයෙක්මි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

1 එසේ නම් මා අසන්නේ, දෙවියන්වහන්සේ ස්වකීය ජනයා අත්හැරිය සේක් ද? කොහෙත්ම නැත! මමත් ඉශ්‍රායෙලයෙක්මි. ආබ්‍රහම්ගේ පෙළපතින් පැවතෙන බෙන්ජමින් ගෝත්‍ර වාංශිකයෙක්මි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 එසේ නම් දෙවියන් වහන්සේ සිය සෙනඟ අත් හළ සේක් දැ යි මම ප්‍රශ්න කරමි. කොහෙත් ම නැත. මන්ද, මමත් ආබ්‍රහම්ගේ පෙළපතට ද බෙන්ජමින්ගේ ගෝත්‍රයට ද අයත් ඉශ්රායෙල් ජාතිකයෙක්මි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




රෝම 11:1
17 හුවමාරු යොමු  

ඔව්හු හෙබ්‍රෙව්වරුද? මමත් එසේමය. ඔව්හු ඉශ්‍රායෙලිතයෝද? මමත් එසේමය. ඔව්හු ආබ්‍රහම්ගේ වංශයද? මමත් එසේමය.


ස්වාමීන්වහන්සේ නුඹලා ස්වකීය සෙනඟ කරගන්ට ප්‍රසන්නවූ බැවින් තමන්ගේ මහත් නාමය නිසා තමන් සෙනඟ අත්නොහරිනසේක.


අටවෙනිදා චර්මඡේදිතවූයෙමි, ඉශ්‍රායෙල් වංශයේ, බෙන්යමින්ගේ ගෝත්‍රයේ කෙනෙක්මි, හෙබ්‍රෙව්වරුන්ගෙන් හෙබ්‍රෙව්වෙක්මි; ව්‍යවස්ථාව ගැන නම්, එරිසියෙක්මි;


යෞවන අවස්ථාවේ පටන් මාගේ ජාතීන් අතරෙහිද යෙරුසලමෙහිද මාගේ හැසිරීම මුල පටන් සියලු යුදෙව්වරු දනිති.


මම කිලිකියේ තාර්සස්හි උපන් යුදෙව්වෙක්ය, නුමුත් මේ නුවර වැඩී, පියවරුන්ගේ ව්‍යවස්ථාවේ නියම පිළිවෙළේ හැටියට ගමාලියෙල්ගේ පාදමූලයෙහි උගන්වනු ලැබ, අද නුඹලා සියල්ලන් සිටින්නාක්මෙන් මමත් දෙවියන්වහන්සේ ගැන ජ්වලිතව සිටියෙමි.


ඔවුන් මාගේ දෙවියන්වහන්සේට කීකරු නූණනිසා උන්වහන්සේ ඔවුන් පහකරදමනසේක. ඔවුන් අන්‍ය ජාතීන් අතරෙහි මුළාවූ අය වන්නෝය.


මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන් සෙනඟ ඉවත නොදමනසේක, තමන් උරුමයද අත් නොහරිනසේක.


මාංසාකාරයෙන් මාගේ නෑයන්වූ මාගේ සහෝදරයන් උදෙසා ක්‍රිස්තුස්වහන්සේගෙන් වෙන්වී ශාපලද්දෙක් වෙන්ට පුළුවන්නම් ඊටත් කැමතිවෙමි.


එසේ නොවේවා. ඔබවහන්සේගේ වචනවලින් ඔබ සාධාරණව පෙනෙන පිණිසත් ඔබ විනිශ්චයකරනු ලබන කල ජය ගන්න පිණිසත්ය කියා ලියා තිබෙන ලෙස, සියලු මනුෂ්‍යයන් බොරුකාරයන් වුණත් දෙවියන්වහන්සේ සැබෑ බව පෙනේවා.


ස්වාමීන්වහන්සේ කථාකොට: මා විසින් ඉශ්‍රායෙල් පහකරදැමුවාක්මෙන් යූදාත් මාගේ ඇස් හමුයෙන් පහකරදමා, මා තෝරාගත් මේ නුවර වන යෙරුසලමද මාගේ නාමය එහි පවතින්නේයයි මා කී ගෘහයද අත්හැර දමන්නෙමියි කීසේක.


ස්වාමීන්වහන්සේ සදාකාලේටම පහකරනසේක්ද? තවත් කරුණා නොකරනසේක්ද?


ඔහු ඇවිත් ඒ ගොවීන් විනාශකොට, මිදිවත්ත අන්‍යයන්ට දෙන්නේයයි කීසේක. ඔව්හු ඒ අසා: එසේ නොවේවයි කීවෝය.


එසේවී නම් ඔවුන් පැකුලුණේ වැටෙන පිණිසදැයි අසමි. එසේ නොවේවා. එහෙත් ඔවුන් ජ්වලිතකරවන පිණිස ඔවුන්ගේ වැටීම කරණකොටගෙන අන්‍යජාතීන්ට ගැළවීම පැමිණ තිබේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්