එසේ හෙයින් ඔබ සම්බවිය හැකි ප්‍රස්තාවයකදී සෑම භක්තිවන්තයාම ඔබට යාච්ඤාකෙරේවා. සැබවින් මහත් ජලධාරාවන් ගලන කල ඒවා ඔහු වෙතට නොපැමිණෙන්නේය.
ලූක් 19:42 - Sinhala Revised Old Version අහෝ නුඹේ සමාදානයට අයිති කාරණා මේ දවසේදීවත් නුඹම දැනගෙන සිටිනවා නම් යහපත! එහෙත් දැන් ඒවා නුඹේ ඇස්වලින් සැඟවී තිබේ. Sinhala New Revised Version “අහෝ, ඔබට ශාන්තිය සලසන දේ ගැන මේ උදාර දිනයේ දී වත් ඔබ දැන සිටියා නම්! එහෙත් එසේ නො වී ය, එය ඔබේ දෙනෙතින් සැඟවී ඇත. සිංහල කාලීන පරිවර්තනය “අහෝ! නුඹ, නුඹට සාමය සලසන දෑ ගැන මේ දවසේදීවත් දැන සිටියා නම්! එහෙත් ඒවා නුඹේ ඇස්වලින් සඟවනු ලැබ තිබේ. Sinhala New Revised Version 2018 “අහෝ, ඔබට ශාන්තිය සලසන දේ ගැන මේ උදාර දිනයේ දී වත් ඔබ දැන සිටියා නම්! එහෙත් එසේ නො වී ය, එය ඔබේ දෙනෙතින් සැඟවී ඇත. |
එසේ හෙයින් ඔබ සම්බවිය හැකි ප්‍රස්තාවයකදී සෑම භක්තිවන්තයාම ඔබට යාච්ඤාකෙරේවා. සැබවින් මහත් ජලධාරාවන් ගලන කල ඒවා ඔහු වෙතට නොපැමිණෙන්නේය.
ඔව්හු නොදනිති, ඔව්හු කල්පනා නොකෙරෙති. මක්නිසාද නොපෙනෙන හැටියට ඔවුන්ගේ ඇස්ද තේරුම් නොගන්න හැටියට ඔවුන්ගේ සිත්ද වසා තිබේ.
අනේ, නුඹ මාගේ ආඥාවලට ඇහුම්කන්දුන්නා නම් නුඹේ සමාදානය ගංගාවක් මෙන්ද නුඹේ ධර්මිෂ්ඨකම මුහුදේ රැළ මෙන්ද වන්නේය.
ස්වාමීන්වහන්සේ සම්බවෙන්ට සිටිද්දී උන්වහන්සේ සොයා, උන්වහන්සේ ළංව සිටිද්දී උන්වහන්සේට යාච්ඤාකරන්න.
නුමුත් නුඹලා ඒක අසන්නේ නැත්නම්, මාගේ ආත්මය රහස් තැන්වලදී නුඹලාගේ උඩඟුකම ගැන අඬා, බොහෝසෙයින් කඳුළු වගුරුවනවා ඇත; ස්වාමීන්වහන්සේගේ රැළද වාලට ගෙනයනු ලැබූ නිසා මාගේ ඇස්වලින් කඳුළු ගලනවා ඇත.
මා ජීවමාන බව සැබෑවා සේම, දුෂ්ටයා තමාගේ මාර්ගයෙන් හැරී ජීවත්වෙනවාට මිස, දුෂ්ටයා නසිනවාට මම ප්‍රසන්න නොවෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක. ඉශ්‍රායෙල් වංශය හැරෙන්න, නුඹලාගේ නපුරු මාර්ගවලින් හැරෙන්න; නුඹලා නසින්නේ මක්නිසාදැයි ඔවුන්ට කියන්න.
නුඹ විමසා බලන කාලය නුඹ නොදැන සිටි බැවින්, නුඹේ සතුරන් විසින් නුඹ වටේට පස්වැටියක් නගා, නුඹ වටකොට, සියලු දිසාවෙන්ම නුඹ කොටුකරගෙන,
නුඹ සහ නුඹ තුළ සිටින නුඹේ දරුවන්ද පොළොවේ ගසා, නුඹ තුළේ ගලක් පිට ගලක් තිබෙන්ට නාරින දවස් පැමිණෙන්නේයයි කීසේක.
උන්වහන්සේ සියල්ලන්ගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන සමාදානයේ යහපත් ආරංචිය ප්‍රකාශකරවමින් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට එවනලද වචනය නුඹලා දන්නහුය;
එවිට පාවුල්ද බාර්ණබස්ද භය නැතුව කථාකරමින්: දෙවියන්වහන්සේගේ වචනය පළමුකොට නුඹලාට කියන්ට යුතුව තිබුණේය. නුඹලා ඒක පහකොට, සදාකාල ජීවනයට තමුන් නුසුදුස්සන් බව නුඹලාම විනිශ්චයකරගන්න හෙයින්, මෙන්න, අපි අන්‍යජාතීන් අතට හැරී යමුව.
අහෝ ඔවුන්ටද ඔවුන් සමඟ ඔවුන්ගේ දරුවන්ටද සදාකාලේටම ශුභ සිද්ධවන පිණිස නිතරම මට භයවීමටත් මාගේ සියලු ආඥා රක්ෂාකිරීමටත් මෙයාකාර සිතක් තිබුණොත් යහපත!
නුඹලාගෙන් කිසිවෙක් පාපයේ රැවටිලිකාරකමෙන් දැඩි නොවන පිණිස, අදයයි කියන තෙක් දවස්පතාම එකිනෙකාට අවවාදකරන්න.
අපගේ විශ්වාසයේ පටන්ගැන්ම අන්තිම දක්වා ස්ථිර ලෙස අල්ලාගෙන සිටිමු නම්, අපි ක්‍රිස්තුස්වහන්සේගේ පංගුකාරයෝ වී සිටිමුව.