එවිට රාම්ගේ පෙළපතේ බූසිය බාරකෙල්ගේ පුත්‍රවූ එලීහුගේ උදහස ඇවුළුණේය. යෝබ් දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම නොව තමාගේ ධර්මිෂ්ඨකම කියාගත් බැවින් ඔහුගේ උදහස යෝබ්ට විරුද්ධව ඇවුළුණේය.
ලූක් 10:29 - Sinhala Revised Old Version මාගේ අසල්වාසියා කවුදැයි යේසුස්වහන්සේගෙන් ඇසුවේය. Sinhala New Revised Version එහෙත් ඔහු තමන් නිවැරදි බව දක්වන්ට කැමැති ව “මාගේ අසල්වැසියා කවරෙක් දැ”යි ජේසුස් වහන්සේගෙන් ප්‍රශ්න කෙළේ ය. සිංහල කාලීන පරිවර්තනය එහෙත් ඔහු තම නිදොස් බව දක්වන්නට කැමතිව, “කවුරු ද මගේ අසල්වැසියා?” යි යේසුස්වහන්සේගෙන් ඇසී ය. Sinhala New Revised Version 2018 එහෙත් ඔහු තමන් නිවැරදි බව දක්වන්ට කැමැති ව “මාගේ අසල්වැසියා කවරෙක් දැ”යි ජේසුස් වහන්සේගෙන් ප්‍රශ්න කෙළේ ය. |
එවිට රාම්ගේ පෙළපතේ බූසිය බාරකෙල්ගේ පුත්‍රවූ එලීහුගේ උදහස ඇවුළුණේය. යෝබ් දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම නොව තමාගේ ධර්මිෂ්ඨකම කියාගත් බැවින් ඔහුගේ උදහස යෝබ්ට විරුද්ධව ඇවුළුණේය.
නුඹලා ළඟ වාසයකරන විදේශියා නුඹලා අතරෙහිම උපන්නෙකු මෙන් වේවා, නුඹට මෙන් ඔහුට ප්‍රේමකරන්න; මක්නිසාද නුඹලා මිසර දේශයෙහි විදේශියෝව සිටියහුය. මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.
එවිට උන්වහන්සේ සමූහයා තමන් ගෝලයන් සමඟ ළඟට කැඳවා ඔවුන්ට කියනසේක්: කවරෙක් නුමුත් මා පස්සේ එන්ට කැමති නම්, ඔහු තමාගේ කැමැත්ත අත්හැර, තමාගේ කුරුසිය රැගෙන, මා අනුව ඒවා.
ඉඳින් සොරුන් අතට අසුවූ තැනැත්තාට මොවුන් තුන්දෙනාගෙන් අසල්වාසියා වුණේ කවරෙක් කියා නුඹ සිතන්නෙහිදැයි ඇසූසේක.
උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: නුඹලා නම් මනුෂ්‍යයන් ඉදිරියෙහි තමුන් ධර්මිෂ්ඨකරගන්න අයය; නුමුත් දෙවියන්වහන්සේ නුඹලාගේ සිත් දන්නාසේක. මක්නිසාද මනුෂ්‍යයන් අතරේ උතුම්කොට සලකන දෙය දෙවියන්වහන්සේ ඉදිරියෙහි පිළිකුලක්ය.
මක්නිසාද ඔව්හු දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම නොදැන, තමුන්ගේ ධර්මිෂ්ඨකම ස්ථිරකරන්ට සොයමින්, දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකමට යටත් නූණෝය.
මක්නිසාද ආබ්‍රහම් ක්‍රියා කරණකොටගෙන ධර්මිෂ්ඨ කරනලද්දේවී නම්, ඔහුට පාරට්ටුකරගැනීමට කාරණයක් ඇත; නුමුත් දෙවියන්වහන්සේ ඉදිරියෙහි නොවේය.
ඉදින් ව්‍යවස්ථාව කරණකොටගෙන කිසිවෙක් දෙවියන්වහන්සේ ඉදිරිපිට ධර්මිෂ්ඨකරනු නොලබන බව පැහැදිලිය. මක්නිසාද ධර්මිෂ්ඨයා ඇදහිල්ල කරණකොටගෙන ජීවත්වන්නේය.
මනුෂ්‍යයෙක් ඇදහිල්ල පමණකින් නොව ක්‍රියාවලිනුත් ධර්මිෂ්ඨකරනු ලබන බව නුඹලාට පෙනෙන්නේය.