මක්නිසාද උන්වහන්සේ එනසේක; පොළොව විනිශ්චයකරන පිණිස එනසේක. උන්වහන්සේ ධර්මිෂ්ඨකමින් පොළොවද, ස්වකීය සැබෑකමින් මනුෂ්‍ය වර්ගයන්ද විනිශ්චයකරනසේක.
යොහන් 5:22 - Sinhala Revised Old Version තවද සියල්ලන් විසින් පියාණන්වහන්සේට ගෞරවකරන්නාක් මෙන්ම පුත්‍රයාටත් ගෞරවකරන පිණිස, Sinhala New Revised Version සැබැවින් ම පියාණන් වහන්සේ කිසිවකු විනිශ්චය නොකරන සේක. සම්පූර්ණ විනිශ්චය පුත්‍රයාණන් හට පවරා ඇත. සිංහල කාලීන පරිවර්තනය තවද පියාණන්වහන්සේ කිසිවකුත් විනිශ්චය නො කර, විනිශ්චය මුළුමනින්ම පුත්‍රයාණන් අතට බාර දී ඇත. Sinhala New Revised Version 2018 සැබැවින් ම පියාණන් වහන්සේ කිසිවකු විනිශ්චය නොකරන සේක. සම්පූර්ණ විනිශ්චය පුත්‍රයාණන් හට පවරා ඇත. |
මක්නිසාද උන්වහන්සේ එනසේක; පොළොව විනිශ්චයකරන පිණිස එනසේක. උන්වහන්සේ ධර්මිෂ්ඨකමින් පොළොවද, ස්වකීය සැබෑකමින් මනුෂ්‍ය වර්ගයන්ද විනිශ්චයකරනසේක.
මක්නිසාද උන්වහන්සේ ලෝකය විනිශ්චයකරන පිණිස එනසේක. උන්වහන්සේ ලෝකය ධර්මිෂ්ඨකමින්ද මනුෂ්‍ය වර්ගයන් සාධාරණකමින්ද විනිශ්චයකරනසේක.
තරුණය, නුඹේ යෞවන වයසේදී ප්‍රීතිවෙන්න; නුඹේ යෞවන දවස්වල නුඹේ සිත නුඹ සන්තෝෂකෙරේවා, නුඹේ සිතේ මාර්ගවලත් නුඹේ ඇස්වලට පෙනෙන හැටියටත් හැසිරෙන්න. නුමුත් මේ සියල්ල ගැන දෙවියන්වහන්සේ නුඹ විනිශ්චයට පමුණුවන බව දැනගන්න.
මක්නිසාද යහපත්වේවා, නපුරු වේවා, සියලු ක්‍රියාද සියලු රහස් දේද දෙවියන්වහන්සේ විනිශ්චයට පමුණුවනසේක.
මාගේ පියාණන්වහන්සේ විසින් සියල්ල මට භාරදෙනලද්දේය. පියාණන්වහන්සේ මිස අන් කිසිවෙක් පුත්‍රයා හඳුනන්නේ නැත; පුත්‍රයාත්, පුත්‍රයා විසින් යමෙකුට පියාණන්වහන්සේ එළිදරව්කරන්ට සතුටුවන්නේද ඔහුත් හැර අන් කිසිවෙක් පියාණන්වහන්සේ හඳුනන්නේ නැත.
මක්නිසාද මනුෂ්‍ය පුත්‍රයා තමන් පියාණන්වහන්සේගේ තේජසින් යුක්තව තමන් දූතයන් සමඟ එන්නේය; එකල උන්වහන්සේ එකිනෙකාට තම තමාගේ ක්‍රියා ලෙස විපාක දෙනසේක.
ඔබගේ පුත්‍රයාට ඔබ දුන් සියල්ලන්ට ඔහු විසින් සදාකාල ජීවනය දෙන පිණිස ඔබ සියලු මනුෂ්‍යයන් කෙරෙහි ඔහුට බලය දුන් ලෙස, පුත්‍රයා ඔබ ගෞරවයට පමුණුවන පිණිස ඔබ පුත්‍රයා ගෞරවයට පැමිණෙවුව මැනව.
යේසුස්වහන්සේ කථාකොට: ඇස් නොපෙනෙනවුන්ට පෙනෙන පිණිසද ඇස් පෙනෙනවුන් අන්ධවෙන පිණිසද විනිශ්චය සඳහා මේ ලෝකයට ආවෙමියි කීසේක.
ජීවත්වන්නන්ටද මළවුන්ටද විනිශ්චයකාරයා වන පිණිස දෙවියන්වහන්සේ විසින් නියමකරනලද තැනැත්තේ මුන්වහන්සේ බව සෙනඟට ප්‍රකාශකරන්ටත් සාක්ෂිදෙන්ටත් උන්වහන්සේ අපට අණකළසේක.
මක්නිසාද තමන්වහන්සේ විසින් පත්කළ මනුෂ්‍යයා ලවා ලෝකයා ධර්මිෂ්ඨකමින් විනිශ්චයකරවන්ට එක් දවසක් නියමකර තිබේ; උන්වහන්සේ ඒ මනුෂ්‍යයා මළවුන්ගෙන් නැගිටවීමෙන් සියල්ලන්ට ඒ ගැන සහතිකයක් දී තිබේයයි කීවේය.
ඔවුන්ගේ හෘදයසාක්ෂිය සාක්ෂිදීමෙන්ද, ඔවුන්ගේ සිතිවිලි ඔවුනොවුන්ට දෝෂාරෝපණය කිරීමෙන් හෝ නිර්දෝෂකිරීමෙන්ද, ව්‍යවස්ථාවේ ක්‍රියාව ඔවුන්ගේ සිත්වල ලියනලදැයි ඔව්හු දක්වති.
මක්නිසාද එකිනෙකා තම තමාගේ ශරීරයේදී කළාවූ දේවල ඵල, ඒ දේ යහපත් වුවත් අයහපත් වුවත්, කළ දේවල හැටියට ලබන පිණිස, අප සියල්ලෝම ක්‍රිස්තුස්වහන්සේගේ විනිශ්චයාසනය ඉදිරියෙහි ප්‍රකාශවෙන්ට ඕනෑය.
දෙවියන්වහන්සේ ඉදිරියෙහිද, ජීවත්ව සිටින්නන් සහ මලවුන්ද විනිශ්චයකරන්ට සිටින ක්‍රිස්තුස් යේසුස්වහන්සේ ඉදිරියෙහිද, උන්වහන්සේගේ ප්‍රකාශවීම හා උන්වහන්සේගේ රාජ්‍යයේ නාමයෙන් මා විසින් නුඹට අණකරන්නේ නම්:
ඔවුන් විසින් ජීවතුන්ද මළවුන්ද විනිශ්චයකරන්ට සූදානම්ව සිටින තැනන්වහන්සේට ගණන්දෙන්ට වෙනවා ඇත.