කන පිණිස ඔහු ඉදිරියෙහි කෑමද තබනලද්දේය. එහෙත් ඔහු: මාගේ කාරණය කියනතුරු නොකන්නෙමියි කීය. ඔහුද: කියන්නැයි කීය.
යොහන් 4:31 - Sinhala Revised Old Version ඒ අතර ගෝලයෝ කථාකොට: රබ්බි, කෑව මැනවයි උන්වහන්සේගෙන් ඉල්ලා සිටියෝය. Sinhala New Revised Version ඒ අතර ශ්‍රාවකයෝ, “ගුරුදේවයෙනි, වළඳනු මැනවැ”යි උන් වහන්සේගෙන් අයැද සිටියෝ ය. සිංහල කාලීන පරිවර්තනය ඒ අතර ගෝලයෝ, “රබ්බී, යමක් කන්නැ” යි උන්වහන්සේට පෙරැත්ත කළහ. Sinhala New Revised Version 2018 ඒ අතර ශ්‍රාවකයෝ, “ගුරුදේවයෙනි, වළඳනු මැනවැ”යි උන් වහන්සේගෙන් අයැද සිටියෝ ය. |
කන පිණිස ඔහු ඉදිරියෙහි කෑමද තබනලද්දේය. එහෙත් ඔහු: මාගේ කාරණය කියනතුරු නොකන්නෙමියි කීය. ඔහුද: කියන්නැයි කීය.
නුමුත් නුඹලා රබ්බියි කියවා නොගන්න. මක්නිසාද නුඹලාගේ ආචාරීන්වහන්සේ එක්කෙනෙක්මය, නුඹලා සියල්ලෝම සහෝදරයෝය.
උන්වහන්සේ පාවාදුන් යූදස්ද උත්තර දෙමින්: රබ්බී, ඒ මමදැයි ඇසුවේය. නුඹ කීවෙහියයි උන්වහන්සේ ඔහුට කීසේක.
පේතෘස් යේසුස්වහන්සේට කථාකොට: රබ්බි, මෙහි සිටීම අපට හොඳය. ඔබට එකක්ද මෝසෙස්ට එකක්ද එලියාට එකක්ද බැගින් මණ්ඩප තුනක් සාදමුයයි කීවේය.
යේසුස්වහන්සේ හැරී ඔවුන් තමන් පස්සෙන් එනවා දැක: නුඹලා සොයන්නේ කුමක්දැයි ඔවුන්ගෙන් ඇසූසේක. ඔව්හුද: රබ්බි, ඔබ නැවතී සිටින්නේ කොතැනදැයි කීවෝය. (රබ්බි යනු ආචාරිනී යන අර්ථය.)
නතානියෙල් උන්වහන්සේට උත්තරදෙමින්: රබ්බි, ඔබ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝය; ඔබ ඉශ්‍රායෙල්වරුන්ගේ රජ්ජුරුවෝයයි කීවේය.
ගෝලයෝද: රබ්බි, මේ ළඟදී යුදෙව්වරු ඔබට ගල්ගසන්ට සෙවුවෝය; එතැනට ඔබ නැවත යනසේක්දැයි උන්වහන්සේට කීවෝය.
හෙතෙම රාත්‍රියේ උන්වහන්සේ ළඟට ඇවිත්: රබ්බි, ඔබ දෙවියන්වහන්සේ කෙරෙන් ආවාවූ ගුරුවරයෙකැයි අපි දනිමුව. මක්නිසාද තමා සමඟ දෙවියන්වහන්සේ නැත්නම් ඔබ කරන්නාවූ මේ හාස්කම් කරන්ට කිසිවෙකුට නුපුළුවනැයි කීවේය.
එවිට ඔව්හු යොහන් ළඟට ඇවිත්: රබ්බි, යොර්දානෙන් එගොඩ ඔබ සමඟ සිටියාවූද ඔබගෙන් සාක්ෂි ලැබුවාවූද තැනැත්තේම බව්තීස්මකරනසේක, සියල්ලෝද උන්වහන්සේ වෙතට පැමිණෙතියි ඔහුට කීවෝය.
උන්වහන්සේගේ ගෝලයෝ: රබ්බි, මොහු අන්ධව ඉපදීමට පව්කළේ කවුද? මොහුද? මොහුගේ මවුපියෝදැයි ඇසුවෝය.