Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 26:49 - Sinhala Revised Old Version

49 එකෙණෙහිම ඔහු යේසුස්වහන්සේ ළඟට ඇවිත්: රබ්බි, ශුභසිද්ධවේවා කියා උන්වහන්සේ සිඹගත්තේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

49 එකෙණෙහි ම ඔහු ජේසුස් වහන්සේ වෙතට අවුත්, “ගුරුදේවයෙනි, ඔබට සෙත් වේ!” කියා උන් වහන්සේ සිඹගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

49 ඔහු කෙළින්ම යේසුස්වහන්සේ වෙත ගොස්, “සෙත් වේවා රබ්බී!” යි කියා උන්වහන්සේ සිප ගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

49 එකෙණෙහි ම ඔහු ජේසුස් වහන්සේ වෙතට අවුත්, “ගුරුදේවයෙනි, ඔබට සෙත් වේ!” කියා උන් වහන්සේ සිඹගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 26:49
15 හුවමාරු යොමු  

සියලු සහෝදරයන්ට ශුද්ධවූ සිඹීමකින් ආචාරකරන්න.


උන්වහන්සේ පාවාදුන් යූදස්ද උත්තර දෙමින්: රබ්බී, ඒ මමදැයි ඇසුවේය. නුඹ කීවෙහියයි උන්වහන්සේ ඔහුට කීසේක.


යුදෙව්වරුන්ගේ රජ්ජුරුවෙනි, ශුභ සිද්ධවේවා! කියා උන්වහන්සේට අතුල්පහර ගැසුවෝය.


නුඹ මා සිම්බේ නැත. නුමුත් මෑ මා ආ වේලේ පටන් මාගේ පාද සිඹීමෙන් නැවතුණේ නැත.


යුදෙව්වරුන්ගේ රජ්ජුරුවනි, ඔබට ශුභසිද්ධවේවයි කියා, උන්වහන්සේට ආචාරකරන්ට පටන්ගත්තෝය.


මිත්‍රයෙකු විසින් කරන තුවාල විශ්වාසකමින් වේ; එහෙත් සතුරෙකුගේ සිඹීම් අධිකව තිබේ.


යෝවාබ් අමාසාට කථාකොට: මාගේ සහෝදරය, නුඹ සුවසේ සිටිනෙහිදැයි අමාසාට කියා ඔහු සිඹින්ට ඔහුගේ රැවුල දකුණතින් අල්ලාගත්තේය.


එවිට සාමුවෙල් තෙල් කුලාව රැගෙන සාවුල්ගේ හිසේ වත්කොට ඔහු සිඹ: ස්වාමීන්වහන්සේ තමන්ගේ උරුමය කෙරෙහි අධිපතියාකොට නුඹ ආලේපකළසේක් නොවේදැයි කීය.


එවිට ඔහුගේ පියවූ ඊසාක්: ඉතින් මාගේ පුත්‍රය, ළඟට අවුත් මා සිඹගන්නැයි ඔහුට කීය.


වෙළඳාම්පළවලදී ආචාර ලැබීමටද මනුෂ්‍යයන් විසින් රබ්බියි කියනු ලැබීමටද කැමතිවෙති.


නුමුත් නුඹලා රබ්බියි කියවා නොගන්න. මක්නිසාද නුඹලාගේ ආචාරීන්වහන්සේ එක්කෙනෙක්මය, නුඹලා සියල්ලෝම සහෝදරයෝය.


උන්වහන්සේ පාවාදෙන්නා: මම යමෙකු සිඹගනිම්ද ඒ උන්වහන්සේය. උන්වහන්සේ අල්ලාගන්නය කියා ඔවුන්ට ලකුණක් දී තිබුණේය.


ඒ අතර ගෝලයෝ කථාකොට: රබ්බි, කෑව මැනවයි උන්වහන්සේගෙන් ඉල්ලා සිටියෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්