Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 23:7 - Sinhala Revised Old Version

7 වෙළඳාම්පළවලදී ආචාර ලැබීමටද මනුෂ්‍යයන් විසින් රබ්බියි කියනු ලැබීමටද කැමතිවෙති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 වෙළඳ පොළවල දී ගෞරවාචාර ලැබීමට ද, මිනිසුන් විසින් ‘ගුරුදේව’ කියා අමතනු ලැබීමට ද ප්‍රිය කරති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

7 ඔවුහු ප්‍රසිද්ධ ස්ථානවලදී ගරු බුහුමන් ලැබීමටත්, මිනිසුන්ගෙන් ‘රබ්බී’ කියා අමතා ගැනීමටත් ආශා කරති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 වෙළඳ පොළවල දී ගෞරවාචාර ලැබීමට ද, මිනිසුන් විසින් ‘ගුරුදේව’ කියා අමතනු ලැබීමට ද ප්‍රිය කරති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 23:7
19 හුවමාරු යොමු  

යේසුස්වහන්සේ හැරී ඔවුන් තමන් පස්සෙන් එනවා දැක: නුඹලා සොයන්නේ කුමක්දැයි ඔවුන්ගෙන් ඇසූසේක. ඔව්හුද: රබ්බි, ඔබ නැවතී සිටින්නේ කොතැනදැයි කීවෝය. (රබ්බි යනු ආචාරිනී යන අර්ථය.)


නතානියෙල් උන්වහන්සේට උත්තරදෙමින්: රබ්බි, ඔබ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝය; ඔබ ඉශ්‍රායෙල්වරුන්ගේ රජ්ජුරුවෝයයි කීවේය.


යේසුස්වහන්සේ: මරියා කියා ඈට කීසේක. ඈ හැරී හෙබ්‍රෙව් භාෂාවෙන්: රබ්බෝනියි උන්වහන්සේට කීවාය; එහි අර්ථය ආචාරිනි යනුයි.


ඔව්හු මුහුදෙන් එගොඩදී උන්වහන්සේ දැක: රබ්බි, ඔබ කොයි වේලේ මෙතැනට ආසේක්දැයි ඇසුවෝය.


එවිට ඔව්හු යොහන් ළඟට ඇවිත්: රබ්බි, යොර්දානෙන් එගොඩ ඔබ සමඟ සිටියාවූද ඔබගෙන් සාක්ෂි ලැබුවාවූද තැනැත්තේම බව්තීස්මකරනසේක, සියල්ලෝද උන්වහන්සේ වෙතට පැමිණෙතියි ඔහුට කීවෝය.


හෙතෙම රාත්‍රියේ උන්වහන්සේ ළඟට ඇවිත්: රබ්බි, ඔබ දෙවියන්වහන්සේ කෙරෙන් ආවාවූ ගුරුවරයෙකැයි අපි දනිමුව. මක්නිසාද තමා සමඟ දෙවියන්වහන්සේ නැත්නම් ඔබ කරන්නාවූ මේ හාස්කම් කරන්ට කිසිවෙකුට නුපුළුවනැයි කීවේය.


යේසුස්වහන්සේ ඔහුට කථාකොට: මා විසින් නුඹට මක්කරනවාට නුඹ කැමතිදැයි ඔහුගෙන් ඇසූසේක. රබ්බෝනි, පෙනීම ලබාගන්ටයයි අන්ධයා උන්වහන්සේට කීයේය.


පේතෘස් යේසුස්වහන්සේට කථාකොට: රබ්බි, මෙහි සිටීම අපට හොඳය. ඔබට එකක්ද මෝසෙස්ට එකක්ද එලියාට එකක්ද බැගින් මණ්ඩප තුනක් සාදමුයයි කීවේය.


නුමුත් නුඹලා රබ්බියි කියවා නොගන්න. මක්නිසාද නුඹලාගේ ආචාරීන්වහන්සේ එක්කෙනෙක්මය, නුඹලා සියල්ලෝම සහෝදරයෝය.


නුමුත් මේ පරම්පරාව කුමකට සමානකරම්ද? අපි නුඹලාට නළා පිම්බෙමුව, නුඹලා නැටුවේ නැත;


උන්වහන්සේ පාවාදුන් යූදස්ද උත්තර දෙමින්: රබ්බී, ඒ මමදැයි ඇසුවේය. නුඹ කීවෙහියයි උන්වහන්සේ ඔහුට කීසේක.


එකෙණෙහිම ඔහු යේසුස්වහන්සේ ළඟට ඇවිත්: රබ්බි, ශුභසිද්ධවේවා කියා උන්වහන්සේ සිඹගත්තේය.


පේතෘස්ද සිහිකොට: රබ්බි, බැලුව මැනව, ඔබ ශාපකළ අත්තික්කා ගහ වියළී තිබේයයි කීවේය.


උන්වහන්සේ තමන් ඉගැන්වීමේදී කියනසේක්: උතුරු සළු ඇඳ ඇවිදීමටත් කඩපිල්වලදී ආචාර ලැබීමටත්


ඔහු ආ කෙණෙහිම උන්වහන්සේ ළඟට පැමිණ: රබ්බි කියා උන්වහන්සේ සිඹගත්තේය.


ඵරිසිවරුනි, නුඹලාට දුක්වේ! මක්නිසාද නුඹලා සිනගෝගවලදී ප්‍රධාන ආසනවලටද වෙළඳාම්පළවලදී ආචාර ලැබීමටද කැමතිවන්නහුය.


ඒ අතර ගෝලයෝ කථාකොට: රබ්බි, කෑව මැනවයි උන්වහන්සේගෙන් ඉල්ලා සිටියෝය.


උන්වහන්සේගේ ගෝලයෝ: රබ්බි, මොහු අන්ධව ඉපදීමට පව්කළේ කවුද? මොහුද? මොහුගේ මවුපියෝදැයි ඇසුවෝය.


ගෝලයෝද: රබ්බි, මේ ළඟදී යුදෙව්වරු ඔබට ගල්ගසන්ට සෙවුවෝය; එතැනට ඔබ නැවත යනසේක්දැයි උන්වහන්සේට කීවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්