නුඹලා විශ්වාසකරන පිණිස මා එහි නොසිටියාට නුඹලා නිසා සතුටුවෙමි; එසේවී නුමුත් ඔහු ළඟට යමුයයි කීසේක.
යොහන් 19:35 - Sinhala Revised Old Version ඒ දුටු තැනැත්තේ සාක්ෂිදී තිබේ, ඔහුගේ සාක්ෂිය සැබෑය. නුඹලාත් විශ්වාසකරන පිණිස තමා සැබෑව කියන බව ඔහු දන්නේය. Sinhala New Revised Version එය දුටු තැනැත්තේ ඒ ගැන සාක්ෂි දරයි. ඔහුගේ සාක්ෂිය සැබෑ ම ය. ඔබත් විශ්වාස කරන පිණිස ඔහුගේ සාක්ෂිය සැබෑ බව ඔහු දනියි. සිංහල කාලීන පරිවර්තනය එය දුටු තැනැත්තා ඒ ගැන සාක්ෂි දරයි. ඒ සාක්ෂිය සත්‍යය ය. තමා පවසන්නේ සත්‍යය බව ඔහු දනී. එබැවින් ඔබත් විශ්වාස කරන පිණිස ඔහු සාක්ෂි දරයි. Sinhala New Revised Version 2018 එය දුටු තැනැත්තේ ඒ ගැන සාක්ෂි දරයි. ඔහුගේ සාක්ෂිය සැබෑ ම ය. ඔබත් විශ්වාස කරන පිණිස ඔහුගේ සාක්ෂිය සැබෑ බව ඔහු දනියි. |
නුඹලා විශ්වාසකරන පිණිස මා එහි නොසිටියාට නුඹලා නිසා සතුටුවෙමි; එසේවී නුමුත් ඔහු ළඟට යමුයයි කීසේක.
ඔබ නිතරම මාගේ වචන අසන බව දැනගෙන සිටියෙමි. නුමුත් මා එසේ කීවේ ඔබ විසින් මා එවූ බව අවට සිටින්නාවූ සමූහයා විශ්වාසකරන පිණිස ඔවුන් නිසායයි කීසේක.
එකල යේසුස්වහන්සේ තමන්ගේ මෑණියන්ද ළඟ සිටියාවූ තමන් විසින් ප්‍රේමකළාවූ ගෝලයාද දැක: ස්ත්‍රිය, මෙන්න, නුඹේ පුත්‍රයා! යයි තමන් මෑණියන්ට කීසේක.
නුමුත් මේවා ලියනලද්දේ යේසුස්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රවූ ක්‍රිස්තුස්වහන්සේ බව නුඹලා විශ්වාසකරන පිණිසත් විශ්වාසකොට උන්වහන්සේගේ නාමයෙන් ජීවනය ලබන පිණිසත්ය.
මේ දේ ගැන සාක්ෂිදෙන්නාවූ, මේ දේ ලියුවාවූ ගෝලයා මොහුය. මොහුගේ සාක්ෂිය සැබෑ බව අපි දනිමුව.
උන්වහන්සේ විසින් යුදෙව්වරුන්ගේ රටෙහිද යෙරුසලමෙහිද කරනලද සියල්ලට අපි සාක්ෂිකාරයෝය; ඔව්හු උන්වහන්සේව ගසක එල්ලා මැරුවෝය.
මක්නිසාද ඉවසිල්ල කරණකොටගෙනද ලියවිලිවලින් හටගන්න සැනසිල්ල කරණකොටගෙනද අප බලාපොරොත්තු ඇතුව සිටින පිණිස, පූර්වයෙහි ලියනලද සියල්ල අපගේ ඉගෙනගැනීම සඳහා ලියනලද්දේය.
ඉතින් වැඩිමහල්ලේක්ද ක්‍රිස්තුස්වහන්සේගේ දුක්විඳීමට සාක්ෂිකාරයෙක්ද එළිදරව්වෙන්ට තිබෙන තේජසට පංගුකාරයෙක්ද වන මම, නුඹලා අතරේ සිටින වැඩිමහල්ලන්ට අනුශාසනාකරමි.
දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ නාමය කෙරෙහි අදහන්නාවූ නුඹලාට මේ දේ මා ලියා එවුවේ නුඹලාට සදාකාල ජීවනය ඇති බව නුඹලා දැනගන්නා පිණිසය.
දෙමේත්‍රියස්ට සියල්ලන්ගේද සැබෑකමේද සාක්ෂිය ඇත්තේය. එසේය, අපිත් සාක්ෂිදෙමුව; අපේ සාක්ෂිය සැබෑ බව නුඹ දන්නෙහිය.