යොහන් 13:10 - Sinhala Revised Old Version යේසුස්වහන්සේද: නෑවාවු තැනැත්තේ මුළුමනින්ම පවිත්‍ර බැවින් ඔහුට ඕනෑකරන්නේ පාද සේදීම පමණක්ය. නුඹලා පවිත්‍රය, නුමුත් සියල්ලෝම නොවේයයි ඔහුට කීසේක. Sinhala New Revised Version ජේසුස් වහන්සේ ද, “ස්නානය කළ තැනැත්තේ මුළුමනින් ම පවිත්‍ර ය; පාද සේදීම හැර ඔහු තවත් සෝදනු ලබන්න වුවමනා නැත. ඔබ ද පවිත්‍ර ය; එහෙත් හැම කෙනෙක් ම එසේ නොවෙති”යි වදාළ සේක. සිංහල කාලීන පරිවර්තනය යේසුස්වහන්සේ ඔහු අමතමින්, “නා ගත් කෙනකුට ඕනෑ කරන්නේ, පා සේදීම පමණයි; ඔහු මුළුමනින් පවිත්‍රයි; ඔබත් පවිත්‍රයි. එනමුත් ඔබ හැම කෙනෙක්ම නො වේ” යි කී සේක. Sinhala New Revised Version 2018 ජේසුස් වහන්සේ ද, “ස්නානය කළ තැනැත්තේ මුළුමනින් ම පවිත්‍ර ය; පාද සේදීම හැර ඔහු තවත් සෝදනු ලබන්න වුවමනා නැත. ඔබ ද පවිත්‍ර ය; එහෙත් හැම කෙනෙක් ම එසේ නොවෙති”යි වදාළ සේක. |
ඒ දවස්වල සහ ඒ කාලයේදී ඉශ්‍රායෙල්ගේ අයුතුකම සොයන නුමුත් එය නොතිබෙයි; යූදාගේ පාපයන් සොයන නුමුත් ඒවා සම්බ නොවෙයි. මක්නිසාද මා විසින් ඉතුරුකරන අයින්ට කමාවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
අශාශෙල් උදෙසා වූ එළුවා යන්ට හරින තැනැත්තේ තමාගේ වස්ත්‍ර සෝදාගෙන වතුර නාගෙන පසුව කඳවුරට ආ යුතුය.
මා කථාකරන්නේ නුඹලා සියල්ලන් ගැන නොවේය. මා විසින් තෝරාගත්තවුන් මම දනිමි. නුමුත් මාගේ භෝජනය කන තැනැත්තා මට විරුද්ධව විලුඹ එසවූයේයයි ලියා තිබෙන ලියවිල්ල සම්පූර්ණ විය යුතුය.
සීමොන් පේතෘස්: ස්වාමීනි, මාගේ පාද පමණක් නොව අත්ද හිසද (සේදුව මැනවයි) උන්වහන්සේට කීවේය.
එබැවින් යමෙක් ක්‍රිස්තුස්වහන්සේ තුළ සිටින්නේ නම් ඔහු අලුත් මැවිල්ලක්ය. පරණ දේ පහව ගියේය; මෙන්න, සියල්ලම අලුත්වී තිබේ.
අප උන්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම වන පිණිස පාපයක් නොදත්තාවූ උන්වහන්සේ අප වෙනුවට පාපය වෙන්ට [දෙවියන්වහන්සේ] සැලැස්සූසේක.
එබැවින්, ප්‍රේමවන්තයෙනි, මේ පොරොන්දු අපට තිබෙන නිසා, මාංසයේද ආත්මයේද සියලු කිලුටුකම්වලින් අපම පවිත්‍රකර ගනිමින්, දෙවියන්වහන්සේ කෙරෙහි භයින් යුක්තව, ශුද්ධකම සම්පූර්ණකරගනිමු.
සමාදානයේ දෙවියන්වහන්සේම නුඹලා සහමුලින්ම පවිත්‍රකරනසේක්වා; නුඹලාගේ මුළු ආත්මයත් ප්‍රාණයත් ශරීරයත් අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ඊමේදී නිදොස්ව තිබෙන ලෙස ආරක්ෂාකරනු ලැබේවා.
මේවා (කෑමවලින්ද බීමවලින්ද නානාප්‍රකාර සේදීම්වලින්ද යුක්තවූ,) සකස්කිරීමේ කාලය දක්වා පවතින්නාවූ, මාංසයට අයිති නියෝගවා පමණක්ය.
මක්නිසාද බොහෝ වර අපි සියල්ලෝ පැකිලෙමුව. යමෙක් වචනයෙන් නොපැකිලේ නම්, ඔහු මුළු ශරීරය දමනයකරගන්ට පුළුවන් සම්පූර්ණ මනුෂ්‍යයෙක්ය.