මාක් 7:23 - Sinhala Revised Old Version මේ සියලු නපුරුදේ ඇතුළතින් නික්මී මනුෂ්‍යයා අපවිත්‍රකෙරේයයි කීසේක. Sinhala New Revised Version මෙකී සියලු නපුරු දේ ඇතුළතින් නික්ම ඒවායින් මිනිසා කෙලෙසනු ලැබේ ය”යි වදාළ සේක. සිංහල කාලීන පරිවර්තනය මේ සියලු නපුරු දෑ එන්නේ ඇතුළාන්තයෙන් ය; ඒවායින් මිනිසා අපවිත්‍ර වන්නේ යැ” යි පැවසූ සේක. Sinhala New Revised Version 2018 මෙකී සියලු නපුරු දේ ඇතුළතින් නික්ම ඒවායින් මිනිසා කෙලෙසනු ලැබේ ය”යි වදාළ සේක. |
උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: නුඹලාත් එසේම තේරුම් නැතුව සිටින්නහුද? පිටතින් මනුෂ්‍යයා තුළට පැමිණෙන කිසි දෙයක්වත් ඔහු අපවිත්‍රකරන්ට නොහැකි බව නුඹලාට තේරෙන්නේ නැද්ද?
උන්වහන්සේ එතැනින් නැගිට තීර් සහ සීදොන්හි සීමාවලට පිටත්ව ගොස් ගෙයකට ඇතුල්ව, ඒ බව කිසිවෙකු දැන නොගන්නවාට කැමැතිවූසේක. නුමුත් උන්වහන්සේට සැඟවී සිටින්ට බැරිවිය.
යමෙක් දෙවියන්වහන්සේගේ මාළිගාව නාස්තිකරන්නේ නම්, දෙවියන්වහන්සේ ඔහුව නාස්තිකරනසේක; මක්නිසාද දෙවියන්වහන්සේගේ මාළිගාව ශුද්ධය, ඒ මාළිගාව නුඹලාය.
පවිත්‍ර අයට සියලු දේ පවිත්‍රය. නුමුත් කිලුටුවූ නොඇදහිලිකාරවූ අයට කිසිවක් පවිත්‍ර නැත; ඔවුන්ගේ සිහියත් හෘදයසාක්ෂියත් කිලුටුව තිබේ.
එහෙත් ඒ ආකාරයෙන්ම මොව්හුත් තමුන්ගේ නිස්සාර හීන දැක්වීම්වලදී මාංසය කිලුටුකරගනිති, අධිපතිකම සුළුකරති, උත්තමයන්ට නින්දාකරති.