ඥානවන්තයන් කැටුව යන්න, එවිට නුඹ ඥානවන්තවන්නේය; එහෙත් අඥානයන්ගේ සමාගම්කාරයාට වේදනා සිදුවන්නේය.
මාක් 4:10 - Sinhala Revised Old Version උන්වහන්සේ තනියම සිටියදී දොළොස්දෙනා සමඟ උන්වහන්සේ පිරිවරා සිටි අය උපමා ගැන උන්වහන්සේගෙන් ඇසුවෝය. Sinhala New Revised Version උන් වහන්සේ තනියම සිටිය දී, දොළොස් දෙනා සමඟ උන් වහන්සේ පිරිවරා සිටි අය උපමා ගැන උන් වහන්සේගෙන් ඇසූ හ. සිංහල කාලීන පරිවර්තනය උන්වහන්සේ හුදෙකලාව සිටියදී, දොළොස් දෙනා සමඟ උන්වහන්සේ වටා සිටි අය, උපමා ගැන උන්වහන්සේගෙන් විමසූහ. Sinhala New Revised Version 2018 උන් වහන්සේ තනියම සිටිය දී, දොළොස් දෙනා සමඟ උන් වහන්සේ පිරිවරා සිටි අය උපමා ගැන උන් වහන්සේගෙන් ඇසූ හ. |
ඥානවන්තයන් කැටුව යන්න, එවිට නුඹ ඥානවන්තවන්නේය; එහෙත් අඥානයන්ගේ සමාගම්කාරයාට වේදනා සිදුවන්නේය.
එවිට උන්වහන්සේ සමූහයන් යන්ට හැර ගෙට ගියසේක. ගෝලයෝ උන්වහන්සේ ළඟට ඇවිත්: කෙතේ කිරිඳිවල උපමාව අපට තෝරාදුන මැනවයි කීවෝය.
එවිට උන්වහන්සේ උත්තරදෙමින්: දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ රහස නුඹලාට දී තිබේ. නුමුත් පිටත සිටින්නන්ට සියල්ලම උපමාවලින් කියනු ලැබේ.
උපමාවක් නැතුව උන්වහන්සේ ඔවුන්ට කථානොකළසේක. නුමුත් උන්වහන්සේ තමන්ගේම ගෝලයන්ට සියල්ල රහසේ තොරාදුන්සේක.