Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මාක් 4:10 - සිංහල කාලීන පරිවර්තනය

10 උන්වහන්සේ හුදෙකලාව සිටියදී, දොළොස් දෙනා සමඟ උන්වහන්සේ වටා සිටි අය, උපමා ගැන උන්වහන්සේගෙන් විමසූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 උන් වහන්සේ තනියම සිටිය දී, දොළොස් දෙනා සමඟ උන් වහන්සේ පිරිවරා සිටි අය උපමා ගැන උන් වහන්සේගෙන් ඇසූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 උන් වහන්සේ තනියම සිටිය දී, දොළොස් දෙනා සමඟ උන් වහන්සේ පිරිවරා සිටි අය උපමා ගැන උන් වහන්සේගෙන් ඇසූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 උන්වහන්සේ තනියම සිටියදී දොළොස්දෙනා සමඟ උන්වහන්සේ පිරිවරා සිටි අය උපමා ගැන උන්වහන්සේගෙන් ඇසුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 4:10
9 හුවමාරු යොමු  

උපමාවකින් තොරව උන්වහන්සේ ඔවුනට කිසිවක්ම පැවසුවේ නැත. එහෙත් ස්වකීය ගෝලයින්ට උන්වහන්සේ පෞද්ගලිකව හැම දෙයක්ම තේරුම් කළ සේක.


උන්වහන්සේ ජනයා වෙතින් ඉවත්ව, නිවසට ඇතුළු වූ පසු, ගෝලයෝ උන්වහන්සේගෙන් එම උපමාව ගැන විමසූහ.


ඉන්පසු උන්වහන්සේ සමූහයාගෙන් වෙන්ව නිවසට ගිය සේක. උන්වහන්සේ වෙත පැමිණි උන්වහන්සේගේ ගෝලයෝ, “කුඹුරේ කිරිඳි උපමාව අපට පහදා දෙන්නැ” යි කීහ.


උන්වහන්සේ මෙසේ කියමින් ඔවුන්ට උපමා මඟින් බොහෝ දෑ පවසන්නට වන් සේක: “වපුරන්නෙක් බීජ වපුරන්නට පිටත්ව ගියේ ය.


එසේ කී උන්වහන්සේ, “කන් ඇත්තා අසත්වා!” යි කී සේක.


උන්වහන්සේ ඔවුන් අමතමින්, “දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ රහස් දැනගැනීමට ඔබට වර දී තිබේ. එහෙත් පිටස්තර අයට හැම දෙයක්ම දන්වන්නේ උපමා මඟිනි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්