එවිට හානූන් දාවිත්ගේ සේවකයන් අල්වා, ඔවුන්ගේ රැවුල් බූගා, කළවාමුල් දක්වා ඔවුන්ගේ ඇඳුම් මැදින් කපාදමා ඔවුන් යන්ට හැරියේය.
මාක් 12:4 - Sinhala Revised Old Version නැවත ඔහු වෙන දාසයෙකු ඔවුන් වෙතට හැරියේය; ඔව්හු ඔහුගේ හිස තුවාලකොට ඔහුට නිග්‍රහකළෝය. Sinhala New Revised Version යළිත් ඔහු වෙන දාසයෙකු ඔවුන් වෙත යැවී ය. ඔව්හු ඔහුගේ හිස තුවාළ කොට ඔහුට නින්දා අපහාස ද කළහ. සිංහල කාලීන පරිවර්තනය එකල ඔහු වෙනත් දාසයකු ඔවුන් වෙත යැවී ය. ඔවුහු ඔහුගේ හිසට පහර දී, ඔහුට නින්දා සහගතව සැලකූහ. Sinhala New Revised Version 2018 යළිත් ඔහු වෙන දාසයෙකු ඔවුන් වෙත යැවී ය. ඔව්හු ඔහුගේ හිස තුවාළ කොට ඔහුට නින්දා අපහාස ද කළහ. |
එවිට හානූන් දාවිත්ගේ සේවකයන් අල්වා, ඔවුන්ගේ රැවුල් බූගා, කළවාමුල් දක්වා ඔවුන්ගේ ඇඳුම් මැදින් කපාදමා ඔවුන් යන්ට හැරියේය.
නුමුත් දෙවියන්වහන්සේ තමන්ගේ සතුරන්ගේ හිස, එනම් තමාගේ වරදෙහි නිතර පවතින්නාගේ කේස සහිතවූ මුදුන පොඩිකරනසේක.
ඔහු තවත් කෙනෙකු යැවීය; ඔව්හු ඔහු මැරුවෝය. තවත් බොහෝ දෙනෙකුගෙන් සමහරෙකුට තැළුවෝය, සමහරෙකු මැරුවෝය.