Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මාක් 12:5 - Sinhala Revised Old Version

5 ඔහු තවත් කෙනෙකු යැවීය; ඔව්හු ඔහු මැරුවෝය. තවත් බොහෝ දෙනෙකුගෙන් සමහරෙකුට තැළුවෝය, සමහරෙකු මැරුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 ඔහු තවත් කෙනෙකු යැවී ය. ඔව්හු ඔහු ද මැරූ හ; තවත් බොහෝ දෙනෙකුන්ට එසේ ම කළහ. සමහරු තැළුම් කෑ හ; සෙසු අය මැරුම් කෑ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

5 ඔහු තවත් කෙනකු යැවී ය. ඔවුහු ඔහු මරා දැමූහ. ඔහු තවත් කීප දෙනකු යැවී ය. ඔවුහු මොවුන්ගෙන් ඇතමකුට පහර දුන් අතර, ඇතමකු මරා දැමූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 ඔහු තවත් කෙනෙකු යැවී ය. ඔව්හු ඔහු ද මැරූ හ; තවත් බොහෝ දෙනෙකුන්ට එසේ ම කළහ. සමහරු තැළුම් කෑ හ; සෙසු අය මැරුම් කෑ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 12:5
11 හුවමාරු යොමු  

නුඹලාගේ පියාණන්වහන්සේ දයාවන්තව සිටින්නාක්මෙන් නුඹලාත් දයාවන්තව සිටින්න.


නුමුත් නුඹලාට කියමි–එලියා ආවේමය, ඔහු ගැන ලියා තිබෙන ලෙසම ඔව්හු තමුන් කැමතිදේ ඔහුට කළෝයයි කීසේක.


අනේ අනාගතවක්තෘවරුන් මරන්නාවූ, නුඹ ළඟට එවූවන්ට ගල්ගසන්නාවූ යෙරුසලම, යෙරුසලම, කිකිළී ඇගේ පැටවුන් පියාපත් යටට එකතුකරගන්නාක්මෙන් නුඹේ දරුවන් එකතුකර ගන්ට මම කී වරක් කැමතිවුණෙම්ද? එහෙත් නුඹලා කැමතිවුණේ නැත.


සෙස්සෝ ඔහුගේ දාසයන් අල්ලා, නිග්‍රහකොට, මැරුවෝය.


ප්‍රීතිවෙන්න, ඉතා සන්තෝෂවෙන්න; මක්නිසාද ස්වර්ගයෙහි නුඹලාගේ විපාකය මහත්ය. නුඹලාට පළමුවෙන් සිටි අනාගතවක්තෘවරුන්ටත් ඔව්හු එලෙසම පීඩාකළෝය.


එහෙත් ඔබ බොහෝ අවුරුදු ගණනක් ඔවුන් ගැන ඉවසා, ඔබගේ ආත්මයෙන් ඔබගේ ප්‍රොපේතවරුන් ලවා ඔවුන්ට අවවාදකෙරෙවුසේක. නුමුත් ඔව්හු ඇහුම්කන් නුදුන්නෝය. ඔබද දේශවල ජනයන් අතට ඔවුන් පාවාදුන්සේක.


නැවත ඔහු වෙන දාසයෙකු ඔවුන් වෙතට හැරියේය; ඔව්හු ඔහුගේ හිස තුවාලකොට ඔහුට නිග්‍රහකළෝය.


ඔහුට තව එක්කෙනෙක් එනම් ප්‍රේමවන්ත පුත්‍රයෙක් සිටියේය. ඔවුන් මාගේ පුත්‍රයාට ගෞරව කරනවා ඇත කියා අන්තිමේදී ඔහුත් ඔවුන් වෙතට යැවීය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්