ඔව්හු කපර්ණවුමට පැමිණියෝය; එකෙණෙහිම සබත් දවසේ උන්වහන්සේ සිනගෝගයට ඇතුල්වී ඉගැන්වූසේක.
මාක් 1:33 - Sinhala Revised Old Version මුළු නුවර වැසියෝ දොර ළඟ රැස්ව සිටියෝය. Sinhala New Revised Version නුවර වැසි මුළු ජනතාව දොරකඩ එක්රැස් වූ හ. සිංහල කාලීන පරිවර්තනය මුළු නගරයම දොර ළඟ එක්රොක් වූහ. Sinhala New Revised Version 2018 නුවර වැසි මුළු ජනතාව දොරකඩ එක්රැස් වූ හ. |
ඔව්හු කපර්ණවුමට පැමිණියෝය; එකෙණෙහිම සබත් දවසේ උන්වහන්සේ සිනගෝගයට ඇතුල්වී ඉගැන්වූසේක.
උන්වහන්සේ අනේකාකාර රෝගවලින් පීඩිතවූ බොහෝ දෙනෙකු සුවකළසේක, බොහෝ යක්ෂයන්ද දුරුකළසේක; ඒ යක්ෂයන් උන්වහන්සේ හැඳින්න බැවින් කථාකරන්ට උන්වහන්සේ ඔවුන්ට අවසර නුදුන්සේක.
එවිට මුළු යූදා රටවාසීහුද යෙරුසලමේ සියල්ලෝද ඔහු වෙතට පැමිණ තමුන්ගේ පව් කියාදෙමින් ඔහුගෙන් යොර්දාන් ගඟෙහි බව්තීස්මය ලැබුවෝය.