Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මාක් 1:21 - Sinhala Revised Old Version

21 ඔව්හු කපර්ණවුමට පැමිණියෝය; එකෙණෙහිම සබත් දවසේ උන්වහන්සේ සිනගෝගයට ඇතුල්වී ඉගැන්වූසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 ඉන්පසු ඔව්හු කපර්ණවුමට පැමිණියහ. සබත් දින උන් වහන්සේ ධර්මශාලාවට ගොස් අනුශාසනා කළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

21 ඔවුහු කපර්ණවුම් වෙත ගියහ. එකෙණෙහි සබතේදී උන්වහන්සේ සිනගෝගයට ඇතුල්ව ඉගැන්වූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 ඉන්පසු ඔව්හු කපර්ණවුමට පැමිණියහ. සබත් දින උන් වහන්සේ ධර්මශාලාවට ගොස් අනුශාසනා කළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 1:21
18 හුවමාරු යොමු  

සබත් දවස පැමිණි කල උන්වහන්සේ සිනගෝගයෙහි උගන්වන්ට පටන්ගත්සේක. බොහෝ දෙනෙක් ඒ අසා මවිතව: මොහුට මේ දේවල් කොයින්ද? මොහුට දී තිබෙන මේ ප්‍රඥාව කිමෙක්ද? මොහුගේ අතින් කරනලද බලවත් ක්‍රියාවලින් හැඟෙන්නේ කිමෙක්ද?


උන්වහන්සේ දේශනාකරමින්ද යක්ෂයන් දුරුකරමින්ද ගලීලය මුළුල්ලෙහි ඔවුන්ගේ සිනගෝගවලට ගියසේක.


තවද යේසුස්වහන්සේ ඔවුන්ගේ සිනගෝගවල උගන්වමින්ද රාජ්‍යයේ ශුභාරංචිය දේශනාකරමින්ද සෙනඟ අතරෙහි සියලු ආකාර ලෙඩ හා සියලු ආකාර රෝග සුවකරමින්ද ගලීලය මුළුල්ලෙහි ඇවිද්දසේක.


පාවුල් තමාගේ පුරුද්ද ලෙස ඔවුන් ළඟට ගොස්, සබත් දවස් තුනක් ඔවුන්ට කථාකර, ලියවිලි තෝරාදෙමින්,


ඔහු සියලු සබත් දවස්වල සිනගෝගයෙහිදී තර්කකර, යුදෙව්වරුන්ද ග්‍රීක්වරුන්ද ඇදහිල්ලට පමුණුවාගන්ට උත්සාහකළේය.


උන්වහන්සේ නාසරෙත් නුවර හැර, සාබුලොන් සහ නප්තලීයේ සීමාවල මුහුදුබඩ තිබෙන කපර්ණවුමට පැමිණ, එහි වාසයකළසේක.


උන්වහන්සේ සබත් දවසෙහි එක් සිනගෝගයක උගන්වමින් සිටිසේක.


එම්බා කපර්ණවුම, නුඹ ස්වර්ගය දක්වා උසස්කරනු ලබන්නීද? පාතාලය දක්වා පහතට හෙළනු ලබන්නීය.


උන්වහන්සේ තමන් වැඩුණු නුවරවූ නාසරෙත්ට පැමිණ, තමන්ගේ පුරුද්ද ලෙස සබත් දවසෙහි සිනගෝගයට ඇතුල්ව, කියවන පිණිස නැගුටුණුසේක.


උන්වහන්සේ එතැනින් නැගිට යුදයේ සීමාවලටත් යොර්දානෙන් එගොඩ පළාතටත් පැමිණිසේක. සමූහයෝ උන්වහන්සේ වෙතට නැවත රැස්වූවෝය; උන්වහන්සේද තමන් පුරුද්ද ලෙස නැවත ඔවුන්ට ඉගැන්නූසේක.


උන්වහන්සේ දවස් ගණනකට පසු කපර්ණවුමට නැවත ඇතුල්වූ කල, උන්වහන්සේ ගෙයි සිටින බව ආරංචිවිය.


එකෙණෙහිම ඔවුන්ට අඬගැසූසේක. ඔව්හුද තමුන්ගේ පියවූ සෙබදී වැඩකාරයන් සමඟ ඔරුවේ ඉන්ට හැර උන්වහන්සේ පස්සේ ගියෝය.


ඔව්හු සිනගෝගයෙන් පිටත්ව ආ කෙණෙහිම යාකොබ් සහ යොහන් සමඟ සීමොන්ගේද අන්දෘගේද ගෙදරට පැමිණියෝය.


මුළු නුවර වැසියෝ දොර ළඟ රැස්ව සිටියෝය.


උන්වහන්සේ නැවත සිනගෝගයට ඇතුල්වූසේක; වියළුණු අතක් ඇති මනුෂ්‍යයෙක් එහි සිටියේය.


එවිට උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: වෙදාණෙනි, තමාම සුවකරගන්න යන මේ උපහැරණ කීම මට කියා, නුඹ කපර්ණවුමෙහිදී කළාය කියා අප විසින් ඇසූ දේම නුඹේ රටවූ මෙහිදීත් කරන්නැයි නිසැකින්ම මට කියනවා ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්