මතෙව් 5:43 - Sinhala Revised Old Version නුඹේ අසල්වාසියාට ප්‍රේමකරව, නුඹේ සතුරාට වෛරකරවයි කී බව නුඹලා අසා තිබේ. Sinhala New Revised Version “ ‘නුඹේ අසල්වැසියාට ප්‍රේම කරන්න, සතුරාට වෛර කරන්නැ’යි කී බව ඔබ අසා ඇත. සිංහල කාලීන පරිවර්තනය “ ‘ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න; ඔබේ සතුරාට වෛර කරන්නැ’ යි කියා ඇති බැව් ඔබ අසා තිබේ. Sinhala New Revised Version 2018 “ ‘නුඹේ අසල්වැසියාට ප්‍රේම කරන්න, සතුරාට වෛර කරන්නැ’යි කී බව ඔබ අසා ඇත. |
පළිගන්නේවත් නුඹේ සෙනඟගේ පුත්‍රයන්ට විරුද්ධව කිසි වෛරයක් පවත්වන්නේවත් නැතුව නුඹට මෙන් නුඹේ අසල්වාසියාට ප්‍රේමකරන්න. මම ස්වාමීන්වහන්සේය.
නුඹේ පියාටත් මවුටත් ගෞරවකරව; තමාට මෙන් තමාගේ අසල්වාසියාට ප්‍රේමකරව යන මේවායයි කීසේක.
මිනී නොමරව, මිනීමරන කවරෙක් නුමුත් විනිශ්චයට සුදුස්සෙකැයි පුරාතනයන්ට කී බව නුඹලා අසා තිබේ.
අම්මොනියයෙක්වත් මෝවබියයෙක්වත් ස්වාමීන්වහන්සේගේ සභාවට ඇතුල් නොවිය යුතුය: ඔවුන්ගෙන් පැවතඑන කිසිවෙක් දසවෙනි පරම්පරාව දක්වාත් කවදාවත් ස්වාමීන්වහන්සේගේ සභාවට ඇතුල් නොවිය යුතුය.
එසේ වුවත්: නුඹට මෙන් නුඹේ අසල්වාසියාට ප්‍රේමකරව යන රාජකීය ව්‍යවස්ථාව ලියවිල්ලේ හැටියට පවත්වන්නහු නම්, නුඹලා කරන එක යහපත්ය.
දෙවියන්වහන්සේට ප්‍රේම කරන තැනැත්තේ තමාගේ සහෝදරයාටත් ප්‍රේමකරාවා යන මේ ආඥාව අපි උන්වහන්සේගෙන් ලැබීමුව.