ඉශ්‍රායෙල් පුත්‍රයෝ ඔවුන්ට කථාකොට: මිසර දේශයෙහිදී මස් භාජන ළඟ හිඳ සෑහෙන පමණ කෑම කෑ විට ස්වාමීන්වහන්සේගේ අතින් අපි නැසුණෙමුනම් යහපත; මක්නිසාද මේ මුළු සමූහයා ක්ෂුධාවෙන් මරවන පිණිස නුඹලා අප මේ වනාන්තරයට ගෙනාවෝයයි කීවෝය.
මතෙව් 4:3 - Sinhala Revised Old Version එවිට පරීක්ෂකයා උන්වහන්සේ වෙතට ඇවිත්: ඔබ දෙවියන්වහන්සේගේ පුත්‍රයා නම් මේ ගල් රොටි වෙන්ට අණකරන්නැයි කීවේය. Sinhala New Revised Version එවිට පරීක්ෂාකාරයා උන් වහන්සේ වෙත අවුත්, “ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් මේ ගල් ගෙඩි, පාන් ගෙඩි වන්න අණ කළ මැනවැ”යි කී ය. සිංහල කාලීන පරිවර්තනය එවිට, පරීක්ෂාකාරයා ඇවිත්, “ඔබ දෙවියන්වහන්සේගේ පුත්‍රයා නම්, රොටි වන ලෙසට මේ ගල්වලට අණ කරන්නැ” යි උන්වහන්සේට කීවේ ය. Sinhala New Revised Version 2018 එවිට පරීක්ෂාකාරයා උන් වහන්සේ වෙත අවුත්, “ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් මේ ගල් ගෙඩි, පාන් ගෙඩි වන්න අණ කළ මැනවැ”යි කී ය. |
ඉශ්‍රායෙල් පුත්‍රයෝ ඔවුන්ට කථාකොට: මිසර දේශයෙහිදී මස් භාජන ළඟ හිඳ සෑහෙන පමණ කෑම කෑ විට ස්වාමීන්වහන්සේගේ අතින් අපි නැසුණෙමුනම් යහපත; මක්නිසාද මේ මුළු සමූහයා ක්ෂුධාවෙන් මරවන පිණිස නුඹලා අප මේ වනාන්තරයට ගෙනාවෝයයි කීවෝය.
එවිට ඔරුවේ සිටි අය: ඒකාන්තයෙන්ම ඔබ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝය කියා උන්වහන්සේට නමස්කාරකළෝය.
සීමොන් පේතෘස් උත්තර දෙමින්: ඔබ ක්‍රිස්තුස්වහන්සේය, ජීවමාන දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝයයි කීවේය.
නුමුත් යේසුස්වහන්සේ කථා නොකර සිටිසේක. එවිට උත්තම පූජකයා: නුඹ දෙවියන්වහන්සේගේ පුත්‍රවූ ක්‍රිස්තුස්ද කියා අපට කියන ලෙස ජීවමාන දෙවියන්වහන්සේගේ නාමයෙන් මම නුඹ දිවුරවමියි උන්වහන්සේට කීවේය.
තවද: මොහු මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය, මොහු කෙරෙහි ඉතා ප්‍රසන්නව සිටිමියි අහසෙන් හඬක් විය.
අශුද්ධාත්මයෝද උන්වහන්සේ දුටු කල උන්වහන්සේ ඉදිරියෙහි වැටී: ඔබ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝයයි මොරගසා කීවෝය.
මහෝත්තම දෙවියන්වහන්සේගේ පුත්‍රවූ යේසුස්වහන්ස, ඔබවහන්සේට මාගෙන් කම මොකද? මට වද නොදෙනමෙන් දෙවියන්වහන්සේගේ නාමයෙන් උදක්ම ඉල්ලමියි මහත් හඬින් මොරගසා කීවේය.
දේවදූතයා ඈට උත්තරදෙමින්: ශුද්ධාත්මයාණන්වහන්සේ නුඹ කෙරෙහි පැමිණෙනසේක, මහෝත්තමයාණන්ගේ ආනුභාවද නුඹ වසාගන්නේය. ඒ නිසා උපදින්ට සිටින තැනැත්තේ ශුද්ධය, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝයයි කියනු ලබනසේක.
ඔවුන් සියල්ලෝ: එසේ නම් නුඹ දෙවියන්වහන්සේගේ පුත්‍රයාදැයි ඇසුවෝය. උන්වහන්සේද: ඒ මම බැවින් නුඹලා කියන්නහුයයි ඔවුන්ට කීසේක. ඔව්හුද: තවත් සාක්ෂි අපට කුමටද?
එකල යක්ෂයා උන්වහන්සේට කථාකොට: ඔබ දෙවියන්වහන්සේගේ පුත්‍රයා නම් මේ ගල රොටි වෙන්ට අණකළ මැනවයි කීවේය.
යක්ෂයෝද: ඔබ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝය කියා මහත් ශබ්ද පවත්වමින්, බොහෝ දෙනෙකුගෙන් දුරුවුණෝය. උන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේයයි ඔවුන් දැනගන සිටි නිසා උන්වහන්සේ ඔවුන්ට සැරකරමින් කථාකරන්ට ඉඩ නුදුන්සේක.
එවිට ඔහු උන්වහන්සේ යෙරුසලමට ගෙනගොස්, දේවමාළිගාව මුදුනේ සිටුවා: ඔබ දෙවියන්වහන්සේගේ පුත්‍රයා නම් මෙතැනින් පහතට පනින්න;
නතානියෙල් උන්වහන්සේට උත්තරදෙමින්: රබ්බි, ඔබ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝය; ඔබ ඉශ්‍රායෙල්වරුන්ගේ රජ්ජුරුවෝයයි කීවේය.
නුමුත් මේවා ලියනලද්දේ යේසුස්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රවූ ක්‍රිස්තුස්වහන්සේ බව නුඹලා විශ්වාසකරන පිණිසත් විශ්වාසකොට උන්වහන්සේගේ නාමයෙන් ජීවනය ලබන පිණිසත්ය.
ඔවුන් ඔහු අහක්කළ බව යේසුස්වහන්සේට ආරංචිවිය; උන්වහන්සේට ඔහු සම්බව: නුඹ දෙවියන්වහන්සේගේ පුත්‍රයා කෙරෙහි අදහනවාදැයි ඇසූසේක.
ඔහු අප්‍රමාදවම: යේසුස්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයාය කියා සිනගෝගවලදී උන්වහන්සේව ප්‍රකාශකළේය.
මක්නිසාද අප කරණකොටගෙන, එනම් මාද සිල්වානස්ද තිමෝතියස්ද යන අප විසින්, නුඹලා අතරෙහි දේශනාකරනු ලැබූ දෙවියන්වහන්සේගේ පුත්‍රවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ එසේය කියාත් නැත කියාත් වූවා නොව උන්වහන්සේ තුළ එසේය කියා වේ.
මම ක්‍රිස්තුස්වහන්සේ සමඟ කුරුසියෙහි ඇණගසනු ලැබ සිටිමි; එසේවී නුමුත් මම ජීවත්වෙමි; නුමුත් තවත් මා නොව ක්‍රිස්තුස්වහන්සේ මා තුළ ජීවත්වනසේක. තවද මා දැන් මාංසයෙහි ජීවත්වන ජීවිතය මට ප්‍රේමකළාවූ, මා උදෙසා තමන්ම පාවාදුන්නාවූ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ජීවත්වෙමි.
මේ නිසා මටත් තවත් ඉවසාගන්ට නොහැකිව, පරීක්ෂකයා යම් අන්දමකින් නුඹලාව පරීක්ෂා කිරීමෙන් අපේ වීර්යය හිස්වුණාදෝ කියා නුඹලාගේ ඇදහිල්ල ගැන දැනගන්නා පිණිස එවීමි.
වේශ්‍යාකම්කරන්නෙක්වත් කෑම ටිකකට තමාගේ කුලුඳුල්කම වික්කාවූ ඒසව් මෙන් දේව අභක්තිකයෙක්වත් නොසිටින පිණිසද බලාගන්න.
එබැවින් අහස පසුකරගියාවූ දෙවියන්වහන්සේගේ පුත්‍රවූ යේසුස් නම් මහා උත්තම පූජකයෙක් අපට සිටින නිසා, අපේ ඇදහිල්ල තදින් අල්ලාගන සිටිමු.
තවද පියෙක්වත් මවෙක්වත් පෙළපතක්වත් දවස්වල පටන්ගැන්මක්වත් ජීවිතයේ කෙළවරක්වත් නැත්තාවූ මේ තෙමේ දෙවියන්වහන්සේගේ පුත්‍රයාට සමානකරනු ලැබ නිතරම පූජකයෙක්ව පවතින්නේය.
පව්කරන තැනැත්තේ යක්ෂයාගෙන්ය; මක්නිසාද යක්ෂයා පටන්ගැන්මේ සිට පව්කරන්නේය. දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් ප්‍රකාශකරනු ලැබුවේ මේ පිණිසය, එනම් යක්ෂයාගේ ක්‍රියා විනාශකරන පිණිසය.
නුඹ විඳින්ට යන දේවලට භය නොවන්න. බලව, නුඹලා විමසනු ලබන පිණිස යක්ෂයා නුඹලාගෙන් සමහර දෙනෙකුන් හිරගෙයි දමන්ට යන්නේය; නුඹලා දස දවසක් පීඩා විඳින්නහුය. මරණය දක්වා විශ්වාසව සිටින්න, එවිට මම ජීවනයේ ඔටුන්න නුඹට දෙන්නෙමි.