ඔහු නැගිට කා බී, ඒ කෑමේ සවියෙන් දවල් සතළිසක්ද රෑ සතළිසක්ද ගොස්, දෙවියන්වහන්සේගේ කන්දවූ හොරෙබ් ළඟට පැමිණ,
මතෙව් 4:2 - Sinhala Revised Old Version උන්වහන්සේ දාවල් සතළිසක්ද රෑ සතළිසක්ද නිරාහාරව හුන් පසු, උන්වහන්සේට බඩගිනිවිය. Sinhala New Revised Version දහවල් සතළිසක් ද රෑ සතළිසක් ද නිරාහාර ව උන් පසු, උන් වහන්සේට සාගිනි ඇති විය. සිංහල කාලීන පරිවර්තනය දහවල හතළිහක් හා රෑ හතළිහක් නිරාහාරව සිටි පසු, උන්වහන්සේට සාගිනි විය. Sinhala New Revised Version 2018 දහවල් සතළිසක් ද රෑ සතළිසක් ද නිරාහාර ව උන් පසු, උන් වහන්සේට සාගිනි ඇති විය. |
ඔහු නැගිට කා බී, ඒ කෑමේ සවියෙන් දවල් සතළිසක්ද රෑ සතළිසක්ද ගොස්, දෙවියන්වහන්සේගේ කන්දවූ හොරෙබ් ළඟට පැමිණ,
මෝසෙස් වලාකුළ මැදට ඇතුල්වී කන්දට නැගුණේය. මෝසෙස් දවල් සතළිසක්ද රෑ සතළිසක්ද කන්දේ සිටියේය.
ඔහු දාවල් සතළිසක්ද රෑ සතළිසක්ද කෑම නොකා වතුර නොබී එහි ස්වාමීන්වහන්සේ සමඟ සිටියේය. උන්වහන්සේ ගිවිසුමේ වචන වන ආඥා දසය ලෑලිවල ලියා දුන්සේක.
මක්නිසාද මම බඩගිනිව සිටියෙමි, නුඹලා මට කන්ට දුන්නහුය. පිපාසිතව සිටියෙමි, නුඹලා මට බොන්ට දුන්නහුය. ආගන්තුකව සිටියෙමි, නුඹලා මා පිළිගත්තහුය;
මක්නිසාද මම බඩගිනිව සිටියෙමි. නුඹලා මට කන්ට නුදුන්නහුය. පිපාසිතව සිටියෙමි. නුඹලා මට බොන්ට නුදුන්නහුය.
සතළිස් දවසක් වනයෙහි ගෙනයනු ලැබූසේක. ඒ දවස්වලදී උන්වහන්සේ කිසිවක් නොකාසිටිසේක. ඒ දවස් නිමවූ පසු උන්වහන්සේට බඩගිනිවිය.
එහි යාකොබ්ගේ ළිඳ තිබුණේය. යේසුස්වහන්සේ ගමනින් වෙහෙසව සිටිසේක්, ඒ ආකාරයෙන්ම ළිඳ ළඟ හිඳගත්සේක. ඒ හවෙනි පැය පමණ විය.
මම ඔවුන්ගේ සහෝදරයන්ගෙන් නුඹ සමාන අනාගතවක්තෘ කෙනෙකු ඔවුන්ට නැගුටුවා දී මාගේ වචන ඔහුගේ මුඛයෙහි තබන්නෙමි, මා ඔහුට අණකරන සියල්ල ඔහු ඔවුන්ට කියන්නේය.
ස්වාමීන්වහන්සේ කෝපකරන හැටියට උන්වහන්සේගේ ඇස් හමුයෙහි නපුරුවූ දේ කරමින් නුඹලා කළාවූ නුඹලාගේ සියලුම පාපවල් නිසා මම පළමු වතාවේ මෙන් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි වැටී දවල් සතළිසක්ද රෑ සතළිසක්ද කෑම නොකා වතුර නොබී සිටියෙමි.
ස්වාමීන්වහන්සේ නුඹලා විනාශකරනසේකැයි කී බැවින් මා වැටී සිටිය දවස් ලෙස දවල් සතළිසකුත් රෑ සතළිසකුත් ස්වාමීන්වහන්සේ ඉදිරියේ වැටී,
එසේ වුණේ ස්වාමීන්වහන්සේ නුඹලා සමඟ කළ ගිවිසුමේ ලෑලි වන ගල්ලෑලි ලබාගන්ට මා කන්දට නැගී, කෑම නොකා වතුර නොබී දවල් සතළිසක් හා රෑ සතළිසක් කන්දේ සිටියාවූද,