Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 4:1 - Sinhala Revised Old Version

1 එකල යේසුස්වහන්සේ යක්ෂයා විසින් පරීක්ෂාකරනු ලබන පිණිස ආත්මයාණන්වහන්සේ විසින් වනාන්තරයට පමුණුවනු ලැබූසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 එකල ජේසුස් වහන්සේ යක්ෂයා විසින් පරීක්ෂා කරනු ලබන පිණිස ශුද්ධාත්මයාණන් විසින් පාළුකරයට පමුණුවනු ලැබූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

1 ඉන්පසු යක්ෂයා විසින් පරීක්ෂා කරනු ලබන පිණිස, ආත්මයාණන්වහන්සේ විසින් යේසුස්වහන්සේ පාළුකරයට ගෙන යනු ලැබූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 එකල ජේසුස් වහන්සේ යක්ෂයා විසින් පරීක්ෂා කරනු ලබන පිණිස ශුද්ධාත්මයාණන් විසින් පාළුකරයට පමුණුවනු ලැබූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 4:1
18 හුවමාරු යොමු  

මක්නිසාද උන්වහන්සේම පරීක්ෂාකරනු ලැබ දුක්වින්ද බැවින්, පරීක්ෂාකරනු ලබන්නන්ට පිහිටවෙන්ට උන්වහන්සේට පුළුවන.


මක්නිසාද දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ විසින් ගෙනයනු ලබන යම් පමණ දෙනෙක් ඇද්ද, එපමණ දෙනා දෙවියන්වහන්සේගේ පුත්‍රයෝය.


එවිට ආත්මය මා ඔසවාගෙන ඇතුල් මළුවට මා පැමිණෙවුවේය; ගෘහය ස්වාමීන්වහන්සේගේ තේජසින් පිරී තිබෙන බව දුටුමි.


තවත් නුඹලා සමඟ බොහෝකොට කථා නොකරමි, මක්නිසාද ලෝකයේ අධිපතියා එන්නේය. නුමුත් ඔහුට මා තුළ කිසිවක් නැත;


මෙලෙස ආත්මය මා ඔසවා, මා ගෙනගියේය. මමද මාගේ ආත්මයෙහි උදහසිනුත් තද දුකිනුත් යුක්තව ගියෙමි, ස්වාමීන්වහන්සේගේ අතද මා කෙරෙහි බලවත්ව තිබුණේය.


ඔවුන් වතුරෙන් ගොඩනැගුණු කල ස්වාමීන්වහන්සේගේ ආත්මයාණෝ පිලිප් රැගෙන ගියසේක; නපුංසකයා තවත් ඔහුව නුදුටුයේය, මක්නිසාද ඔහු ප්‍රීතිවෙමින් තමාගේ ගමන ගියේය.


එවිට ආත්මය මා ඔසවාගත්තේය. ස්වකීය ස්ථානයේ සිට ස්වාමීන්වහන්සේගේ මහිමයට ප්‍රශංසාවේවයි කියන මහත් ඝෝෂා ශබ්දයක් මා පස්සෙන් මට ඇසුණේය.


දෙවියන්වහන්සේගේ දර්ශනවලින් උන්වහන්සේ ඉශ්‍රායෙල් දේශයට මා පමුණුවා, ඉතා උස්වූ කන්දක් උඩ මා සිටෙවුසේක; ඒක පිට නුවරක නිර්මාණය වැනි දෙයක් දකුණෙන් තිබුණේය.


තවද මා ඔබ වෙතින් අහක්ව ගිය වහාම ස්වාමීන්වහන්සේගේ ආත්මය මා නොදන්නා තැනකට ඔබ ගෙනයනවා ඇත; මා ගොස් ආහබ්ට කී කල ඔහුට ඔබ සම්බ නොවන නිසා මා මරනවා ඇත. එහෙත් ඔබගේ මෙහෙකරුවූ මම බාලවයසේ පටන් ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇතුව සිටිමි.


ඔව්හු ඔහුට කථාකොට: මෙහි ඔබගේ මෙහෙකරුවන් අතරේ ශක්තිමත් මනුෂ්‍යයෝ පනස් දෙනෙක් සිටිති; ඔව්හු ගොස් ඔබගේ ස්වාමියා සොයත්වා. සමහරවිට ස්වාමීන්වහන්සේගේ ආත්මය ඔහු ගෙනගොස් යම් කිසි කන්දක් පිටවත් යම් කිසි මිටියාවතකවත් දමන්ට ඇතැයි ඔහුට කීවෝය.


මම තා සහ ස්ත්‍රිය අතරෙහිද තාගේ වංශය සහ ඇගේ වංශය අතරෙහිද සතුරුකම තබන්නෙමි; ඒ වංශය තාගේ හිස පොඩිකරන්නේය, තෝ ඔහුගේ විලුඹ පොඩිකරන්නෙහියයි කීසේක.


එවිට ආත්මය මා ඔසවා කල්දියාවෙහි වහල්ව සිටියවුන් ළඟට දෙවියන්වහන්සේගේ ආත්මය කරණකොටගෙන දර්ශනයෙන් මා පැමිණෙවුවේය. මෙසේ මා දුටු දර්ශනයද මා වෙතින් නැගී ගියේය.


තවද ආත්මය මා උස්සාගන ගොස් නැගෙනහිර දෙසට තිබෙන ස්වාමීන්වහන්සේගේ ගෘහයේ නැගෙනහිර දොරටුවට මා පැමිණෙවුවේය. බලව, මනුෂ්‍යයන් විසිපස් දෙනෙක් දොරකඩ සිටියෝය; ඔවුන් අතරේ සෙනඟගේ අධිපතියන් වන අස්සුර්ගේ පුත්‍රවූ යාසනියාද බෙනායාගේ පුත්‍රවූ පෙලතියාද සිටිනවා දුටිමි.


උන්වහන්සේ අතක ආකාරයක් දිගුකොට මාගේ හිසේ රොදකින් මා අල්වාගත්සේක; ආත්මයද දෙවියන්වහන්සේගේ දර්ශනවලින් පොළොවටත් අහසටත් අතරේ මා උස්සාගන ගොස්, යෙරුසලමේ උතුරු දෙසට තිබෙන්නාවූ, ස්වාමීන්වහන්සේගේ ජ්වලිතය උපදවන ජ්වලිතකමේ රූපාසනය තිබෙන්නාවූ, ඇතුල් දොරටුවට මා පැමිණෙවුවේය.


නුමුත් එක එක මනුෂ්‍යයා තම තමාගේ තෘෂ්ණාවෙන් අදිනු ලබන කල්හිද පොලඹවනු ලබන කල්හිද පරීක්ෂාකරනු ලබයි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්