මනුෂ්‍ය පුත්‍රය, ඉශ්‍රායෙල් දේශයෙහි තිබෙන ඒ පාළු ඉඩම්වල වසන්නෝ කථාකොට–ආබ්‍රහම් එක්කෙනෙක්ව සිටි නුමුත් ඔහුට දේශය උරුමවිය. අපි වනාහි බොහෝ දෙනෙක්ය; දේශයද උරුමයක් කොට අපට දී තිබේයයි කියති.
මතෙව් 3:9 - Sinhala Revised Old Version මක්නිසාද මේ ගල්වලින් ආබ්‍රහම්ට දරුවන් උපදවා දෙන්ට දෙවියන්වහන්සේට පුළුවනැයි නුඹලාට කියමි. Sinhala New Revised Version ‘ආබ්‍රහම් අපගේ පියාණෝ ය’යි කියාගන්නට නොසිතන්න. ඒ මන්ද, මේ ගල්වලින් වුව ද ආබ්‍රහම්ට දරුපරපුරක් උපදවා දෙන්න දෙවියන් වහන්සේට පුළුවනැ යි මම ඔබට කියමි. සිංහල කාලීන පරිවර්තනය ‘අපගේ පියාණන් වශයෙන් අපට ආබ්‍රහම් ඉන්නවා යැ’ යි ඔබට කියාගත හැකියයි නො සිතන්න; මන්ද මා ඔබට කියන්නේ, මේ ගල්වලින් වුවත් ආබ්‍රහම්ට දරුවන් උපදවා දෙන්නට දෙවියන්වහන්සේට පුළුවන් ය කියායි. Sinhala New Revised Version 2018 ‘ආබ්‍රහම් අපගේ පියාණෝ ය’යි කියාගන්නට නොසිතන්න. ඒ මන්ද, මේ ගල්වලින් වුව ද ආබ්‍රහම්ට දරුපරපුරක් උපදවා දෙන්න දෙවියන් වහන්සේට පුළුවනැ යි මම ඔබට කියමි. |
මනුෂ්‍ය පුත්‍රය, ඉශ්‍රායෙල් දේශයෙහි තිබෙන ඒ පාළු ඉඩම්වල වසන්නෝ කථාකොට–ආබ්‍රහම් එක්කෙනෙක්ව සිටි නුමුත් ඔහුට දේශය උරුමවිය. අපි වනාහි බොහෝ දෙනෙක්ය; දේශයද උරුමයක් කොට අපට දී තිබේයයි කියති.
මක්නිසාද ඇතුළතින් එනම් මනුෂ්‍යයන්ගේ සිතින් නපුරු සිතිවිලි, වේශ්‍යාකම්, සොරකම්, මිනීමැරීම්, කාමමිථ්‍යාචාරකම්,
මොරගසා: පියවූ ආබ්‍රහම්. මට කරුණාකොට, තමාගේ ඇඟිල්ලේ අග දියේ ගලා, මාගේ දිව සිසිල්කරන්ට ලාසරුස් එවුව මැනව; මක්නිසාද මම මේ ගිනිදැලෙහි වේදනා විඳිමියි කීවේය.
එබැවින්–ආබ්‍රහම් අපගේ පියාණෝයයි සිතින් කියන්ට පටන් නොගෙන පසුතැවිල්ලට සුදුසු ඵල උපදවන්න. මක්නිසාද මේ ගල්වලින් ආබ්‍රහම්ට දරුවන් උපදවා දෙන්ට දෙවියන්වහන්සේට පුළුවනැයි නුඹලාට කියමි.
යේසුස්වහන්සේ ඔවුන්ගේ කල්පනා දැන ඔවුන්ට උත්තරදෙමින්: නුඹලාගේ සිත්වලින් නුඹලා කල්පනාකරගන්නේ කිමෙක්ද?
උන්වහන්සේව කැඳවාගත් ඵරිසියා ඒ දැක: මුන්වහන්සේ අනාගතවක්තෘ කෙනෙක් නම් තමාට අතගසන මේ ස්ත්‍රිය කවුද කියාත් කොහොම කෙනෙක්ද කියාත් දැනගන්නවා ඇත, මක්නිසාද ඈ පව්කාරියෙකැයි තමාගේ සිත තුළ සිතා ගත්තේය.
ඔව්හු උන්වහන්සේට උත්තරදෙමින්: අපි ආබ්‍රහම්ගේ වංශයය, කිසි කලක අපි කිසිවෙකුට වහල් නූණෙමුව. නුඹලා නිදහස්වන්නහුයයි නුඹ කියන්නේ කොහොමදැයි කීවෝය.
නුඹලා ආබ්‍රහම්ගේ වංශය බව දනිමි; එහෙත් නුඹලා තුළ නිදහස්ලෙස ක්‍රියාකරන්ට මාගේ වචනයට ඉඩ නැති බැවින්, මා මරන්ට සොයහුය.
[එවිට සියල්ලෝම තම තමුන්ගේ ගෙවලට ගියෝය. යේසුස්වහන්සේ ඔලීව කන්දට ගියසේක. නුඹ අපගේ පියාවූ ආබ්‍රහම්ට වඩා උතුම් කෙනෙක්ද? ඔහු මළේය; අනාගතවක්තෘවරුද මළෝය. නුඹ කවරෙක කියා කියාගන්නෙහිදැයි කීවෝය.
සහෝදරයෙනි, ආබ්‍රහම්ගේ වංශයේ පුත්‍රයෙනි, නුඹලා අතරේ දෙවියන්වහන්සේ කෙරෙහි බය ඇත්තෙනි, මේ ගැළවීමේ වචනය එවනලද්දේ අපටය.
සහෝදරයෙනි, මට ඇහුම්කන්දෙන්න. දෙවියන්වහන්සේ තමන්ගේ නාමයට අන්‍යජාතීන්ගෙන් සෙනඟක් ගන්නා පිණිස පළමුවෙන් ඔවුන් දෙස බැලූ හැටි සිමියොන් කියාදුන්නේය.