Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 8:37 - Sinhala Revised Old Version

37 නුඹලා ආබ්‍රහම්ගේ වංශය බව දනිමි; එහෙත් නුඹලා තුළ නිදහස්ලෙස ක්‍රියාකරන්ට මාගේ වචනයට ඉඩ නැති බැවින්, මා මරන්ට සොයහුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

37 ඔබ ආබ්‍රහම්ගේ වංශයෙන් පැවත එන බව මම දනිමි. එසේ වුව ද, ඔබ තුළ මාගේ දහමට ඉඩක් නොවන බැවින් ඔබ මා මරන්නට සොයන්නහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

37 ඔබ ආබ්‍රහම්ගෙන් පැවතෙන්නන් වග මා දන්නවා. එහෙත් ඔබ, මා මරන්නට සොයයි. මන්ද මගේ වචනයට ඔබ තුළ කිසි ඉඩක් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

37 ඔබ ආබ්‍රහම්ගේ වංශයෙන් පැවත එන බව මම දනිමි. එසේ වුව ද, ඔබ තුළ මාගේ දහමට ඉඩක් නොවන බැවින් ඔබ මා මරන්නට සොයන්නහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 8:37
22 හුවමාරු යොමු  

නුමුත් ජම්මික මනුෂ්‍යයා දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේගේ කාරණා පිළි නොගනියි. ඒවා ඔහුට මෝඩකමය; ඒවා ආත්මිකලෙස විමසිය යුතු බැවින් ඒවා දැනගන්ට ඔහුට බැරිය.


මක්නිසාද ඉශ්‍රායෙල්ගෙන් වූ සියල්ලෝම ඉශ්‍රායෙල්වරු නොවෙති. ඔවුන් ආබ්‍රහම්ගේ වංශය නිසාම සියල්ලෝම දරුවෝද නොවෙති. නුමුත්: නුඹේ වංශය නම්කරනු ලබන්නේ ඊසාක් කෙරෙහියයි (කියා තිබේ.)


ඉන්පසු යේසුස්වහන්සේ ගලීලයෙහි සංචාරණයකළසේක. මක්නිසාද යුදෙව්වරු උන්වහන්සේ මරන්ට සෙවූ බැවින් උන්වහන්සේ යුදයෙහි සංචාරණයකරන්ට නොකැමැතිවූසේක.


එබැවින් ඔව්හු උන්වහන්සේට ගසන පිණිස ගල් අතට ගත්තෝය. නුමුත් යේසුස්වහන්සේ සැඟවී දේවමාළිගාවෙන් පිටවී ගියසේක.


සහෝදරයෙනි, ආබ්‍රහම්ගේ වංශයේ පුත්‍රයෙනි, නුඹලා අතරේ දෙවියන්වහන්සේ කෙරෙහි බය ඇත්තෙනි, මේ ගැළවීමේ වචනය එවනලද්දේ අපටය.


මාගේ කථාව නුඹලාට නොතේරෙන්නේ මක්නිසාද? මාගේ වචනය නුඹලාට අසන්ට බැරි නිසාමය.


මෙසේ එදා පටන් ඔව්හු උන්වහන්සේ මරන්ට මන්ත්‍රණයකළෝය.


මෝසෙස් නුඹලාට ව්‍යවස්ථාව දුන්නා නොවේද? එහෙත් නුඹලාගෙන් කිසිවෙක් ව්‍යවස්ථාව නොපවත්වයි. මා මරන්ට සොයන්නේ මක්නිසාදැයි කීසේක.


යුදෙව්වරු උන්වහන්සේට ගසන්ට නැවතත් ගල් අතට ගත්තෝය.


ඔවුන් මෙසේ ඇසුවේ උන්වහන්සේ පරීක්ෂාකරමින් උන්වහන්සේට වරද තබන්ට කාරණයක් ලබන පිණිසය. නුමුත් යේසුස්වහන්සේ නැමී ඇඟිල්ලෙන් බිම ලිවූසේක.


එබැවින් යෙරුසලම් වාසීන්ගෙන් සමහරු කියන්නෝ: ඔවුන් මරන්ට සොයන්නේ මොහු නොවේද?


එකම දෙවියන්වහන්සේ කෙරෙන් පැමිණෙන ගෞරවය නොසොයා, එකිනෙකාගෙන් ගෞරවය ලබන්නාවූ නුඹලාට විශ්වාසකරන්ට පුළුවන් කොහොමද?


මක්නිසාද යම් හෙයකින් තමුන්ගේ ඇස්වලින් නොදැක, කන්වලින් නොඅසා, සිතින් තේරුම් නොගෙන, නොහැරී, මා විසින් ඔවුන්ට සුව නොකරන පිණිස, මේ සෙනඟගේ සිත් දැඩිව තිබේ, ඔවුන්ගේ කන් හොඳට නෑසී, ඔවුන්ගේ ඇස් පියාගෙන සිටිතියි යනුයි.


ඔව්හු උන්වහන්සේට උත්තරදෙමින්: අපි ආබ්‍රහම්ගේ වංශයය, කිසි කලක අපි කිසිවෙකුට වහල් නූණෙමුව. නුඹලා නිදහස්වන්නහුයයි නුඹ කියන්නේ කොහොමදැයි කීවෝය.


මක්නිසාද මේ ගල්වලින් ආබ්‍රහම්ට දරුවන් උපදවා දෙන්ට දෙවියන්වහන්සේට පුළුවනැයි නුඹලාට කියමි.


නුඹලාගේ පියවූ ආබ්‍රහම් මාගේ දවස දකින්ට ප්‍රීතියෙන් සිටියේය; ඔහු ඒ දැක සන්තෝෂවීයයි කීසේක.


පියවරුනි, නුඹලාට ලියා එවුවේ, නුඹලා පටන්ගැන්මේ සිට සිටින්නාවූ තැනැන්වහන්සේව අඳුනන බැවින්ය. තරුණයෙනි, නුඹලාට ලියා එවුවේ, නුඹලා ශක්තිමත් බැවිනුත් නුඹලා තුළ දෙවියන්වහන්සේගේ වචනය පවතින බැවිනුත් නපුරාගෙන් නුඹලා ජයගත් බැවිනුත්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්