ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




මතෙව් 24:30 - Sinhala Revised Old Version

එකල මනුෂ්‍ය පුත්‍රයාගේ ලකුණ අහසේ පෙනෙන්නේය. එවිට පොළොවේ සියලු ගෝත්‍රයෝ වැලපෙන්නෝය, ඔව්හු මනුෂ්‍ය පුත්‍රයා බලයෙන්ද මහත් තේජසින්ද අහසේ වලාකුල් පිට එනවා දකින්නෝය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එකල මනුෂ්‍ය-පුත්‍රයාණන්ගේ සලකුණ අහසෙහි පහළ වෙයි. එවිට පොළොවේ සියලු ගෝත්‍රයෝ වැලපෙන්නෝ ය. ඔව්හු මනුෂ්‍ය-පුත්‍රයාණන් බලපරාක්‍රමයෙන් ද මහා තේජශ්‍රීයෙන් ද අහසේ වලාකුළු මත වඩිනු දකින්නෝ ය.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

“එකල මනුෂ්‍ය පුත්‍රයාණන්ගේ සලකුණ අහසේ දක්නට ලැබෙනු ඇත. එවිට පොළොවෙහි සියලු ගෝත්‍ර හඬා වැලපෙනු ඇත. මනුෂ්‍ය පුත්‍රයාණන් බලයෙන් හා මහත් තේජසින් යුතුව අහසේ වලාකුළු මතින් පැමිණෙනු ඔවුන් දකිනු ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එකල මනුෂ්‍ය-පුත්‍රයාණන්ගේ සලකුණ අහසෙහි පහළ වෙයි. එවිට පොළොවේ සියලු ගෝත්‍රයෝ වැලපෙන්නෝ ය. ඔව්හු මනුෂ්‍ය-පුත්‍රයාණන් බලපරාක්‍රමයෙන් ද මහා තේජශ්‍රීයෙන් ද අහසේ වලාකුළු මත වඩිනු දකින්නෝ ය.

පරිච්ඡේදය බලන්න



මතෙව් 24:30
17 හුවමාරු යොමු  

මම රාත්‍රි දර්ශනවලදී දුටිමි: බලව, අහසේ වලාකුල් සහිත මනුෂ්‍ය පුත්‍රයෙකුට සමාන කෙනෙක් ඇවිත් පුරාතන තැනන්වහන්සේ වෙතට පැමින්නේය, ඒ තැනන්වහන්සේ ඉදිරියට උන්වහන්සේ පමුණුවනු ලැබූසේක.


දාවිත්ගේ වංශය කෙරෙහිද යෙරුසලමේ වැසියන් කෙරෙහිද කරුණාවේ හා කන්නලව්කිරීමේ ආත්මය වගුරුවන්නෙමි; ඔවුන් තමුන් විසින් ඇන්නාවූ තැනැත්තා වන මා දෙස බලාසිට, එකම පුත්‍රයෙකු ගැන වැලපෙන්නාක් මෙන් උන්වහන්සේ ගැන වැලපෙනවා ඇත, කුලුඳුලා ගැන ශෝකවෙන්නාක් මෙන් උන්වහන්සේ ගැන ශෝකවෙනවා ඇත.


ඒ කාලයේ මෙගිද්දොන් සමභූමියෙහිදී වූ හදද්රිම්මොන්හි වැලපීම මෙන් යෙරුසලමෙහි මහත් වැලපීමක් වන්නේය.


උන්වහන්සේ ඔලීව කන්දේ වැඩහුන් කල ගෝලයෝ තනිව උන්වහන්සේ ළඟට ඇවිත්: ඒ දේ කොයි කලෙක සිද්ධවන්නේද? ඔබවහන්සේගේ ඊමටත් ලෝකාන්තිමයටත් ලකුණු කිමෙක්දැයි අපට කිව මැනවයි කීවෝය.


නෝවාගේ දවස් මෙන් මනුෂ්‍ය පුත්‍රයාගේ ඊමත් වන්නේය.


ජලගැල්ම පැමිණ සියල්ලන්ම ගසාගෙන යනතුරු ඔව්හු නොදැන සිටියෝය; මනුෂ්‍ය පුත්‍රයාගේ ඊමත් එලෙසම වන්නේය.


යේසුස්වහන්සේද: නුඹ කීවෙහිය. තවද නුඹලාට කියමි, මෙතැන් පටන් මනුෂ්‍ය පුත්‍රයා පරාක්‍රමයේ දකුණු පැත්තේ වාඩිව හිඳිනවාත් අහසේ වලාකුල් පිට එනවාත් නුඹලා දකින්නහුයයි ඔහුට කීසේක.


එකල මනුෂ්‍ය පුත්‍රයා මහත් බලයෙන්ද තේජසින්ද යුක්තව වලාකුල්වල එනවා ඔව්හු දකින්නෝය.


ඒ දේ කොයි කලක සිද්ධවන්නේද? ඒ සියල්ල සිද්ධවන්ට යන කල ඊට ලකුණ කිමෙක්ද කියා අපට කිව මැනවයි කීවෝය.


එකල මනුෂ්‍ය පුත්‍රයා බලයෙන් සහ මහත් තේජසින් යුක්තව වලාකුළකින් එනවා ඔව්හු දකින්නෝය.


නුමුත් මෙතැන් පටන් මනුෂ්‍ය පුත්‍රයා දෙවියන්වහන්සේගේ පරාක්‍රමයේ දකුණු පැත්තේ වැඩහිඳිනවා ඇතැයි ඔවුන්ට කීසේක.


ගලීලයේ මනුෂ්‍යයෙනි, නුඹලා ස්වර්ගය දෙස බල බලා සිටින්නේ මක්නිසාද? නුඹලා කෙරෙන් ස්වර්ගයට ඔසවාගනු ලැබූ මේ යේසුස්වහන්සේ ස්වර්ගයට යනවා නුඹලා දුටු ආකාරයෙන්ම එනවා ඇතැයි ඔවුන්ට කීවෝය.


දෙවියන්වහන්සේ නාඳුනන්නන්ටත් අපගේ ස්වාමිවූ යේසුස්වහන්සේගේ ශුභාරංචියට කීකරු නොවන්නන්ටත් ප්‍රතිඵල දෙන කල,


බලන්න, උන්වහන්සේ වලාකුල්වලින් එනසේක; සියලු ඇස්ද උන්වහන්සේට ඇන්න අයද උන්වහන්සේව දකින්නෝය; පොළොවේ සියලු ගෝත්‍රද උන්වහන්සේ නිසා වැලපෙන්නෝය. එසේය, ආමෙන්.


තවද මහත් පුදුමයක් අහසෙහි දක්නාලද්දේය. එනම් සූර්යයා පැළඳගෙන, පාදයට චන්ද්‍රයාද හිස පිට තාරකා දොළොසකින් යුක්ත ඔටුන්නක්ද ඇති ස්ත්‍රියෙක්ය;