Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 24:3 - Sinhala Revised Old Version

3 උන්වහන්සේ ඔලීව කන්දේ වැඩහුන් කල ගෝලයෝ තනිව උන්වහන්සේ ළඟට ඇවිත්: ඒ දේ කොයි කලෙක සිද්ධවන්නේද? ඔබවහන්සේගේ ඊමටත් ලෝකාන්තිමයටත් ලකුණු කිමෙක්දැයි අපට කිව මැනවයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 උන් වහන්සේ ඔලීව කන්දේ වැඩසිටි කල ශ්‍රාවකයෝ උන් වහන්සේ වෙත අවුත්, පෞද්ගලික ලෙස කතා කර, “ඒ දේ සිදුවන්නේ කවදා ද? ඔබේ පුනරාගමනය හා කල්පාන්තය පිළිබඳ පෙර ලකුණු මොනවා ද කියා අපට කිව මැනව”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

3 ඉන්පසු යේසුස්වහන්සේ ඔලීව කන්දේ හිඳ සිටියදී පෞද්ගලිකව උන්වහන්සේ වෙත ආ ගෝලයෝ, “එය සිදුවන්නේ කවරදා ද? ඔබගේ පැමිණීමේත්, මේ යුගයේ අවසානයේත් පෙර නිමිත්ත කුමක්දැයි අපට කියන්නැ” යි කීහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 උන් වහන්සේ ඔලීව කන්දේ වැඩසිටි කල ශ්‍රාවකයෝ උන් වහන්සේ වෙත අවුත්, පෞද්ගලික ලෙස කතා කර, “ඒ දේ සිදුවන්නේ කවදා ද? ඔබේ පුනරාගමනය හා කල්පාන්තය පිළිබඳ පෙර ලකුණු මොනවා ද කියා අපට කිව මැනව”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 24:3
23 හුවමාරු යොමු  

උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: පියාණන්වහන්සේ තමන්ගේම බලය යටතේ තබාගත් කාලයන්ද ප්‍රස්තාවන්ද දැනගැනීම නුඹලාට අයිති නැත.


නෝවාගේ දවස් මෙන් මනුෂ්‍ය පුත්‍රයාගේ ඊමත් වන්නේය.


ලෝකාන්තිමයේදී එසේම වන්නේය. දේවදූතයෝ නික්ම ඇවිත්, ධර්මිෂ්ඨයන් කෙරෙන් දුෂ්ටයන් වෙන්කොට,


ආචාරිනි, ඒ දේ කොයි කලක වන්නේද? ඒවා සිදුවෙන්ට එන කල ලකුණ කිමෙක්දැයි ඔව්හු උන්වහන්සේගෙන් ඇසුවෝය.


ඔවුන් යෙරුසලමට ළංව ඔලීව කන්දට සමීපවූ බෙත්පාගයට පැමිණි කල, යේසුස්වහන්සේ ගෝලයන් දෙදෙනෙකු යවමින්:


ජලගැල්ම පැමිණ සියල්ලන්ම ගසාගෙන යනතුරු ඔව්හු නොදැන සිටියෝය; මනුෂ්‍ය පුත්‍රයාගේ ඊමත් එලෙසම වන්නේය.


මක්නිසාද යම්සේ විදුලිය පෙරදිගින් නික්ම අපරදිග දක්වා පෙනේද, මනුෂ්‍ය පුත්‍රයාගේ ඊමත් එසේම වන්නේය.


එසේ ඇතුල්වෙන්ට නම් උන්වහන්සේ ලෝකයේ මැවීමේ පටන් නොයෙක්වර වධවිඳින්ට ඕනෑව තිබුණේය. නුමුත් තමන්ම පූජාකිරීම කරණකොටගෙන පාපය පහකරන පිණිස උන්වහන්සේ කාලයන්ගේ කෙළවරදී එක වරක් ප්‍රකාශවූසේක.


මා විසින් නුඹලාට අණකළ සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වන්න. මමද ලෝකාන්තිමය දක්වා සෑම කල්හිම නුඹලා සමඟ සිටිමියි කීසේක.


එවිට ගෝලයෝ තනිව යේසුස්වහන්සේ ළඟට ඇවිත්: ඔහු දුරු කරන්ට අපට බැරිවුණේ මක්නිසාදැයි ඇසුවෝය.


නුමුත් සොරා කොයි යාමයේ එන්නේදැයි ගෙයි ස්වාමියා දැනගන සිටියේ නම්, ඔහු අවදිව සිටිමින් තමාගේ ගෙය උමංකණින්ට නොදෙන බව දැනගන්න.


එවිට ගෝලයෝ ඇවිත්: ඵරිසිවරුන් ඒ වචනය අසා බාධාවූ බව දන්නාසේක්දැයි උන්වහන්සේගෙන් ඇසුවෝය.


එවිට උන්වහන්සේ සමූහයන් යන්ට හැර ගෙට ගියසේක. ගෝලයෝ උන්වහන්සේ ළඟට ඇවිත්: කෙතේ කිරිඳිවල උපමාව අපට තෝරාදුන මැනවයි කීවෝය.


මක්නිසාද මනුෂ්‍ය පුත්‍රයා තමන් පියාණන්වහන්සේගේ තේජසින් යුක්තව තමන් දූතයන් සමඟ එන්නේය; එකල උන්වහන්සේ එකිනෙකාට තම තමාගේ ක්‍රියා ලෙස විපාක දෙනසේක.


සැබවක් නුඹලාට කියමි: මනුෂ්‍ය පුත්‍රයා ස්වකීය රාජ්‍යයෙන් යුක්තව එනවා දකින තෙක් මෙහි සිටින්නන්ගෙන් සමහරෙක් කිසිසේත් මරණ රසය නොවිඳින්නෝයයි කීසේක.


එකල මනුෂ්‍ය පුත්‍රයාගේ ලකුණ අහසේ පෙනෙන්නේය. එවිට පොළොවේ සියලු ගෝත්‍රයෝ වැලපෙන්නෝය, ඔව්හු මනුෂ්‍ය පුත්‍රයා බලයෙන්ද මහත් තේජසින්ද අහසේ වලාකුල් පිට එනවා දකින්නෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්