මාගේ මිදිවත්ත උදෙසා මා විසින් නොකළාවූ වෙන කුමක් කරන්ට පුළුවන්ව තිබුණේද? එහි හොඳ මුද්‍රික ඵල හටගන්නවා මා බලාසිටි විට වල් මුද්‍රික ඵල හටගත්තේ මක්නිසාද?
මතෙව් 21:34 - Sinhala Revised Old Version ඵල නෙළන කාලය ළංවූ කල තමාට අයිති ඵල ලබාගන්නා පිණිස ඔහු තමාගේ දාසයන් ගොවීන් වෙතට යැවීය. Sinhala New Revised Version අස්වැන්න කාලය ළං වූ කල, පලදාවෙන් තම කොටස ගන්නා පිණිස ඔහු තම දාසයන් ගොවීන් වෙත යැවී ය. සිංහල කාලීන පරිවර්තනය පල නෙළන කාලය උදා වූ කල, තම කොටස ලබන පිණිස, ඔහු බදුකරුවන් වෙත තම සේවකයින් යැවී ය. Sinhala New Revised Version 2018 අස්වැන්න කාලය ළං වූ කල, පලදාවෙන් තම කොටස ගන්නා පිණිස ඔහු තම දාසයන් ගොවීන් වෙත යැවී ය. |
මාගේ මිදිවත්ත උදෙසා මා විසින් නොකළාවූ වෙන කුමක් කරන්ට පුළුවන්ව තිබුණේද? එහි හොඳ මුද්‍රික ඵල හටගන්නවා මා බලාසිටි විට වල් මුද්‍රික ඵල හටගත්තේ මක්නිසාද?
මාගේ සියලු සේවකයන්වූ අනාගතවක්තෘවරුන් නුඹලා ළඟට එවීමි; අලුයම් වේලාවේ පටන්ම එවා: නුඹලා එකිනෙකා තම තමාගේ නපුරු මාර්ගයෙන් හැරී, අන් දෙවිවරුන්ට සේවයකරන්ට ඔවුන් පස්සේ නොගොස්, නුඹලාගේ ක්‍රියා හරිගස්සාගන්න, එවිට නුඹලාටත් නුඹලාගේ පියවරුන්ටත් මා විසින් දුන් දේශයෙහි නුඹලා වාසයකරන්නහුයයි කීවෙමි. එහෙත් නුඹලා කන් යොමුකළේවත් මට ඇහුම්කන්දුන්නේවත් නැත.
එවිට ගොවියෝ ඔහුගේ දාසයන් අල්ලා, එකෙකුට ගැසුවෝය, එකෙකු මැරුවෝය, තවත් කෙනෙකුට ගල් ගැසුවෝය.
නුමුත් ගොවියෝ පුත්‍රයා දැක: මොහු උරුමක්කාරයාය; එන්න, මොහු මරා මොහුගේ උරුමය ගනිමුයයි ඔවුනොවුන් කථාකොට,
ඔව්හු කථාකොට: ඔහු ඒ නපුරු මනුෂ්‍යයන් භයානකලෙස විනාශකොට, නියම කාලවලදී තමාගේ ඵල කොටස දෙන්නාවූ වෙන ගොවීන්ට තමාගේ මිදිවත්ත භාරදෙන්නේයයි කීවෝය.
ඔහු සරණ මංගල්‍යයට ආමන්ත්‍රණය ලැබූවන් කැඳවන පිණිස තමාගේ දාසයන් යැවුවේය. නුමුත් ඔව්හු එන්ට අකැමැතිවූවෝය.
උන්වහන්සේ උපමාවලින් ඔවුන්ට කථාකරන්ට පටන්ගෙන: මනුෂ්‍යයෙක් මිදිවත්තක් වවා, වටේට වැට බැඳ, මිදියන්ත්‍රය සඳහා වළක් හාරා, කොතක් ගොඩනගා, ගොවීන්ට බදුදී, අන් රටකට ගියේය.
එබැවින් මිදිවත්තේ ස්වාමියා කුමක් කරන්නේද? ඔහු ඇවිත් ඒ ගොවීන් විනාශකොට මිදිවත්ත අන්‍යයන්ට දෙන්නේය.
උන්වහන්සේ සෙනඟට මේ උපමාව කියන්ට පටන්ගෙන: මනුෂ්‍යයෙක් මිදිවත්තක් වවා, ගොවීන්ට බදුදී, බොහෝ කලකට වෙන රටකට ගියේය.