Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 20:9 - Sinhala Revised Old Version

9 උන්වහන්සේ සෙනඟට මේ උපමාව කියන්ට පටන්ගෙන: මනුෂ්‍යයෙක් මිදිවත්තක් වවා, ගොවීන්ට බදුදී, බොහෝ කලකට වෙන රටකට ගියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 උන් වහන්සේ සෙනඟට මේ උපමාව කියන්නට පටන්ගත් සේක: “මිනිසෙක් මිදි වත්තක් වවා, ගොවීන්ට අඳයට දී, බොහෝ කලකට පිටරට ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

9 උන්වහන්සේ ජනයාට මෙම උපමා කතාව කියන්නට වන් සේක: “මිනිසෙක් මිදි වත්තක් වවා, ගොවීන්ට බදු දී, දිගු කලකට පිට රටකට ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 උන් වහන්සේ සෙනඟට මේ උපමාව කියන්නට පටන්ගත් සේක: “මිනිසෙක් මිදි වත්තක් වවා, ගොවීන්ට අඳයට දී, බොහෝ කලකට පිටරට ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 20:9
15 හුවමාරු යොමු  

එහෙත් මා විසින් නුඹ හොඳ මිදිවැළක්ද මුළුමනින්ම හරිවූ බීජයක්ද කොට හිටවා තිබුණේය. එසේ වී නම් නුඹ වෙනස්වී මට වල් මිදිවැළක නරක්වූ පැළයක් වුණේ කොහොමද?


එබැවින් උන්වහන්සේ කථාකොට: එක්තරා වංශවත් මනුෂ්‍යයෙක් තමාටම රාජ්‍යයක් ලබාගෙන නැවත එන පිණිස දුර රටකට ගියේය.


කුමක්හෙයින්ද එය වනාහි අන් රටකට යන මනුෂ්‍යයෙක් තමාගේ දාසයන් කැඳවා, ඔවුන්ට තමා සන්තක දේ භාරදෙන්නාක්මෙන්ය.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දෙන සියලු දොරටුවල නුඹේ ගෝත්‍රවල හැටියට විනිශ්චයකාරයන්ද මුලාදෑනීන්ද පත්කරගන්න. ඔව්හු ධර්මිෂ්ඨකමින් සෙනඟ විනිශ්චය කෙරෙත්වා.


එවිට යේසුස්වහන්සේ: මමත් මොන බලයකින් මේ දේ කරම්දැයි නුඹලාට නොකියමියි ඔවුන්ට කීසේක.


ඵල අවස්ථාවේදී ගොවියන් විසින් මිදි වත්තේ ඵල කොටස ඔහුට දෙන පිණිස ඔහු ඔවුන් ළඟට දාසයෙකු යැවීය. නුමුත් ගොවීහු ඔහුට තළා, ඔහු හිස් අතින් ඇරියෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්