ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




මතෙව් 21:19 - Sinhala Revised Old Version

උන්වහන්සේ පාර අද්දර තිබෙන අත්තික්කා ගහක් දැක ළඟට ගොස්, එහි කොළ මිස වෙන කිසිවක් නොදැක: මෙතැන් පටන් කිසිකලක නුඹෙන් ඵල හට නොගනීවයි ඒ ගහට කීසේක. අත්තික්කා ගහ වහාම වියළුණේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

උන් වහන්සේ පාර අද්දර තිබුණු අත්තික්කා ගසක් දැක, ළඟට ගොස්, එහි කොළ මිස අන් කිසිවක් නොදැක, “මෙතැන් පටන් කිසි කලෙක තාගෙන් පලදාවක් නො වේ වා”යි ඒ ගසට වදාළ සේක. අත්තික්කා ගස ඒ ඇසිල්ලෙහි ම වියළී ගියේ ය.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

මග අසල වූ අත්තික්කා ගහක් දුටු උන්වහන්සේ එතැනට ගිය නමුදු, එහි කොළ මිස, අන් කිසිවක් නො වීය. එවිට උන්වහන්සේ, “යළි කිසි දින පල දැරීමක් නුඹට නො වෙත්වා!” යි ඒ ගසට කී සේක. එකෙණෙහිම ඒ ගස වියළී ගියේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

උන් වහන්සේ පාර අද්දර තිබුණු අත්තික්කා ගසක් දැක, ළඟට ගොස්, එහි කොළ මිස අන් කිසිවක් නොදැක, “මෙතැන් පටන් කිසි කලෙක තාගෙන් පලදාවක් නො වේ වා”යි ඒ ගසට වදාළ සේක. අත්තික්කා ගස ඒ ඇසිල්ලෙහි ම වියළී ගියේ ය.

පරිච්ඡේදය බලන්න



මතෙව් 21:19
17 හුවමාරු යොමු  

ඔහු ඒක වටකොට අගළක් කපා, ගල් අහක්කොට, ඉතා හොඳ මිදිවැල් හිටුවා, එහි මැද මුරකොටුවක් ගොඩනගා, එහි මිදි යන්ත්‍රයක් සාදා, හොඳ මුද්‍රික ඵල හටගන්නවා ඇත කියා බලාසිටියේය. නුමුත් හටගත්තේ වල් මිදි ඵලය.


මම සහමුලින්ම ඔවුන් විනාශකරන්නෙමි; මිදි වැළේ වලු නැත, අත්තික්කා ගහේ ඵල නැත, එහි කොළද වියළීයන්නේය; මමද ඔවුන් පාගාදමන අය ඔවුන් ගැන නියමකෙළෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


ගෝලයෝ ඒ දැක: අත්තික්කා ගහ වහාම වියළුණේ කෙසේද කියා මවිතවූවෝය.


උන්වහන්සේ කථාකොට: මෙතැන් පටන් කිසිකලක කිසිවෙක් නුඹෙන් ඵල නොකාවයි ගසට කීසේක. ඒ කීම උන්වහන්සේගේ ගෝලයන්ට ඇසුණේය.


ඔව්හු පසුවදා උදේ යන කල අත්තික්කා ගහ මුල පටන් වියළී තිබෙනවා දුටුවෝය.


තවද දැනටම පොරොව ගස් මුලට තබා තිබේ. එබැවින් හොඳ ඵල නොදරන සියලු ගස් කපනු ලැබ ගින්නෙහි දමනු ලැබේයයි කීවේය.


මා තුළෙහි තිබී ඵල නොදරන සියලු අතු උන්වහන්සේ පහකරනසේක. ඵල දරන සියලු අතු වඩා ඵල දරන පිණිස උන්වහන්සේ පවිත්‍රකරනසේක.


යමෙක් මා තුළෙහි නොපවතී නම්, ඔහු අත්තක් මෙන් පිටත දමනු ලැබ වියළීයයි; ඒවා එක්කොට ගින්නට දමනු ලැබේ, ඒවා දාලායන්නේය.


දේවභක්තියේ වේසය දරන නුමුත්, එහි බලය එපාකළ අයව සිටින්නෝය. එබඳු අයගෙන් අහක්වෙන්න.


ඔව්හු දෙවියන්වහන්සේ දැනගන සිටින බව කියති; නුමුත් ඔව්හු පිළිකුල්ව, අකීකරුව, සියලු යහපත් ක්‍රියා ගැන නිෂ්ප්‍රයෝජනව සිටින බැවින් තමුන්ගේ ක්‍රියාවලින් උන්වහන්සේව නාඳුනන බව ප්‍රකාශකරති.


මොව්හු නම් නුඹලා සමඟ මංගල්‍ය කෑම කන විට නුඹලාගේ ප්‍රේම–මංගල්‍යවල නොපෙනී තිබෙන්නාවූ පර්වතයෝය, නිර්භීතව තමුන්ම පෝෂ්‍යකරගන්න එඬේරුය; හුළඟින් ගහගෙනයන වතුර නැති වලාකුල්ය; ඵල නැත්තාවූ, දෙවරක් මළාවූ, මුලින් උදුරනලද්දාවූ ශරත්කාලයේ ගස්ය.


අධර්මිෂ්ඨ තැනැත්තා මතුත් අධර්මිෂ්ඨකම් කරාවා. අපවිත්‍ර තැනැත්තා මතුත් අපවිත්‍රකරනු ලබාවා. ධර්මිෂ්ඨ තැනැත්තා මතුත් ධර්මිෂ්ඨකම් කරාවා. ශුද්ධ තැනැත්තා මතුත් ශුද්ධකරනු ලබාවා.