Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 15:2 - Sinhala Revised Old Version

2 මා තුළෙහි තිබී ඵල නොදරන සියලු අතු උන්වහන්සේ පහකරනසේක. ඵල දරන සියලු අතු වඩා ඵල දරන පිණිස උන්වහන්සේ පවිත්‍රකරනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 උන් වහන්සේ, මා තුළ ඇති, පල නොදරන සියලු අතු කපා හරින සේක. පල දරන සියලු අතු, වඩා පල දරන පිණිස පාහින සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

2 මා තුළ ඇති පල නො දරන හැම අත්තක් ම උන්වහන්සේ කපා හරින සේක්, පල දරන අතු හැම වඩාත් පල දරන පිණිස කප්පාදු කරන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 උන් වහන්සේ, මා තුළ ඇති, පල නොදරන සියලු අතු කපා හරින සේක. පල දරන සියලු අතු, වඩා පල දරන පිණිස පාහින සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 15:2
42 හුවමාරු යොමු  

තවද දැනටම පොරොව ගස් මුලට තබා තිබේ. එබැවින් හොඳ ඵල නොදරන සියලු ගස් කපනු ලැබ ගින්නෙහි දමනු ලැබේ.


උන්වහන්සේ උත්තරදෙමින්: මාගේ ස්වර්ගීය පියාණන්වහන්සේ විසින් නොඉන්දූ සියලුම පැළෑටි උදුරනු ලබන්නේය.


මම ප්‍රේමකරන සියල්ලන්ට තරවටුකොට දඬුවම්කරමි. එබැවින් නුඹ ජ්වලිතව සිට පශ්චාත්තාපවෙන්න.


මාගේ පියාණන්වහන්සේට ගෞරව ලැබෙන්නේ නුඹලා විසින් බොහෝ ඵල දැරීමෙන්ය; මෙසේ නුඹලා මාගේ ගෝලයෝ වන්නෝය.


මක්නිසාද යමෙකුට ඇත්තේද ඔහුට දෙනු ලැබෙන්නේය, ඔහුට බොහෝ වන්නේය. නුමුත් යමෙකුට නැත්තේද ඔහුට ඇති දේත් ඔහුගෙන් ගනු ලබන්නේය.


උන්වහන්සේගේ කුල්ල තමන්වහන්සේගේ අතේය, උන්වහන්සේ තමන් කමත හොඳ හැටි පවිත්‍රකරනසේක; තමන් ධාන්‍ය අටුවට රැස්කොට, බොල් නොනිවෙන ගින්නෙන් දවනසේකැයි කීවේය.


උන්වහන්සේ පාර අද්දර තිබෙන අත්තික්කා ගහක් දැක ළඟට ගොස්, එහි කොළ මිස වෙන කිසිවක් නොදැක: මෙතැන් පටන් කිසිකලක නුඹෙන් ඵල හට නොගනීවයි ඒ ගහට කීසේක. අත්තික්කා ගහ වහාම වියළුණේය.


එහෙත් ධර්මිෂ්ඨයා තමාගේ මාර්ගයේම පවතින්නේය, පිරිසිදු අත් ඇත්තා වඩ වඩා ශක්තිමත්වන්නේය.


කිසිවෙක් දෙවියන්වහන්සේගේ කරුණාවෙන් පසුබට නොවන පිණිසද, තික්තකමේ මුලක් හටගෙන එයින් නුඹලා කලඹා බොහෝ දෙනෙක් කිලුටු නොවන පිණිසද,


නුඹලා මා තෝරාගත්තා නොව මම නුඹලා තෝරාගෙන පත්කෙළෙමි. එසේ කළේ නුඹලා ගොස් ඵල දරන පිණිසත් නුඹලාගේ ඵල පවතින පිණිසත් මාගේ නාමයෙන් පියාණන්වහන්සේගෙන් නුඹලා ඉල්ලන කොයි දෙයක් නුමුත් උන්වහන්සේ නුඹලාට දෙන පිණිසත්ය.


ගල පිට ඒවා නම් වචනය අසා සන්තෝෂයෙන් පිළිගන්න නුමුත්, මුල්නැති බැවින්, කලකට පමණක් අදහා, පරීක්ෂා කාලයෙහි වැටීයන්නෝය.


උන්වහන්සේ රිදී උණුකර පිරිසිදුකරන කෙනෙක් මෙන් සිට, ලෙවී පුත්‍රයන් ධර්මිෂ්ඨකමෙන් ස්වාමීන්වහන්සේට පූජා ඔප්පුකරන්නන්ව සිටින පිණිස ඔවුන් පිරිසිදුකර, රන් රිදී මෙන් ඔවුන් පවිත්‍රකරනසේක.


නුමුත් ඔවුන් අපට අයිතිව සිටියේ නැත; ඔවුන් අපට අයිතිව සිටියා නම් අප සමඟ පවතිනවා ඇත. නුමුත් ඔවුන් සියල්ලන්ම අපට අයිති නැති බව ප්‍රකාශවන පිණිස ඔව්හු අපෙන් අහක්ව ගියෝය.


උන්වහන්සේ සියලු අධර්මිෂ්ඨකම්වලින් අප මුදා, යහපත් ක්‍රියා ගැන ජ්වලිතවූ සෙනඟක් ස්වකීය සම්පතක් කොට පවිත්‍රකරගන්න පිණිස, අප උදෙසා තමන්ම දුන්සේක.


මම මනුෂ්‍යයන්ගේද දේවදූතයන්ගේද භාෂාවලින් කථාකරන්නෙම් නුමුත් මට ප්‍රේමය නැත්නම්, හඬනගන පිත්තලට නොහොත් ශබ්ද පවත්වන අත්තලකට සමානවී සිටිමි.


තවද දෙවියන්වහන්සේට ප්‍රේමකරන්නන්ට, එනම් උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබූවන්ට, සියලු දේම යහපත පිණිස එකට ක්‍රියාකරන බව අපි දනිමුව.


මම ඔවුන් සමඟ සිටියදී ඔබ මට දුන් ඔබගේ නාමයෙන් ඔවුන් ආරක්ෂාකෙළෙමි. මම ඔවුන් ප්‍රවේසම්කෙළෙමි, ලියවිල්ල සම්පූර්ණ වන පිණිස විනාශයේ පුත්‍රයා හැර ඔවුන්ගෙන් කිසිවෙක් විනාශ නූණේය.


නුමුත් ධර්මිෂ්ඨයන්ගේ මාවත ඉර මුදුන් වේලාව දක්වා වඩ වඩා ආලෝකවේගන යන්නාවූ අලුයම් ආලෝකය මෙන්ය.


උන්වහන්සේ තවත් උපමාවක් කියනසේක්: ස්ත්‍රියෙකු විසින් පිටි නැළි තුනක් සහමුලින්ම පිපෙන තුරු එහි දමා තිබූ මුහුන්වලට ස්වර්ගරාජ්‍යය සමානයයි කීසේක.


එබැවින් ස්වාමීන්වහන්සේ ඇඳිනගනිමු, ඇඳිනගන්ට වීර්යකරමු; උන්වහන්සේගේ උදාවීම පහන්වීම මෙන් ඒකාන්තමය. උන්වහන්සේ වර්ෂාව මෙන්ද පොළොව තෙමන අන්තිම වර්ෂාව මෙන්ද අප ළඟට එනවා ඇත.


යටහත් අය ස්වාමීන්වහන්සේ කෙරෙහි වඩ වඩා ප්‍රීතිවෙනවා ඇත, මනුෂ්‍යයන් අතරෙන් දිළින්දෝ ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ කෙරෙහි ප්‍රීතිමත්වෙනවා ඇත.


එබැවින් මෙයින් යාකොබ්ගේ අපරාධය මැකීයන්නේය, එහි මුළු ඵලය නම්, පූජාසනයේ සියලු ගල් පොඩිවුණ හුණුගල් මෙන් ඔහු විසින් කරන හැටියටත් අෂේරා කනුද සූර්ය රූපද තවත් නොනැගිටින හැටියටත් ඔහුගේ පාපය පහකිරීමය.


ස්වාමීන්වහන්සේ අවංක බවත්, මාගේ පර්වතය බවත්, උන්වහන්සේ තුළ කිසි අධර්මිෂ්ඨකමක් නැති බවත් පෙන්වන පිණිස,


තීන්දුවේ කාලය දක්වා ඔවුන් පිරිසිදුකර ශුද්ධපවිත්‍රකරන්ට ඔවුන්ගෙන් නුවණ ඇති සමහරු වැටෙන්නෝය. මක්නිසාද නියම කාලය තව ප්‍රමාදවන්නේය.


හොඳ ඵල නොදරන සියලු ගස් කපනු ලැබ, ගින්නෙහි දමනු ලැබේ.


මක්නිසාද ඇති තැනැත්තාට දෙනු ලබන්නේය, ඔහුට බොහෝ වන්නේය. නුමුත් නැති තැනැත්තාගෙන් ඔහුට ඇති දේත් පහකරනු ලබන්නේය.


සරුබිමේ වපුරනලද්දෝ නම්, වචනය අසා, පිළිගෙන, තිස් ගුණයක්ද සැට ගුණයක්ද සියක් ගුණයක්ද බැගින් ඵල දරන්නෝයයි කීසේක.


මම සැබෑවූ මිදිවැලය, මාගේ පියාණන්වහන්සේ ගොවියාය.


මා විසින් නුඹලාට කී වචනය කරණකොටගෙන නුඹලා දැන් පවිත්‍රය.


යමෙක් මා තුළෙහි නොපවතී නම්, ඔහු අත්තක් මෙන් පිටත දමනු ලැබ වියළීයයි; ඒවා එක්කොට ගින්නට දමනු ලැබේ, ඒවා දාලායන්නේය.


නුමුත් සමහර අතු කඩාදමනලද්දේ වී නම්, වල් ඔලීව ගසක්වූ නුඹ ඒවා අතරේ පාස්සනු ලැබ, ඔලීව ගසේ සාරවත්කමේ මුලට පංගුකාරයෙක් වූයෙහි නම්,


එබැවින් දෙවියන්වහන්සේගේ යහපත්කමත් සැරකමත් බලන්න. වැටුණුවුන් කෙරෙහි සැරකමය; නුමුත් නුඹ උන්වහන්සේගේ යහපත්කමෙහි පවතින්නෙහි නම් නුඹ කෙරෙහි දෙවියන්වහන්සේගේ යහපත්කමය. එසේ නොපවතින්නෙහි නම් නුඹත් කපාදමනු ලබන්නෙහිය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්