ෂිලෝ එන තෙක් යූදා කෙරෙන් ජයකොන්තයවත් ඔහුගේ පාද අතරෙන් ආණ්ඩුකාරයාගේ සැරයටියවත් පහනොවන්නේය; මනුෂ්‍ය වර්ගයන්ගේ කීකරුකම ඔහුට වන්නේය.
මතෙව් 18:20 - Sinhala Revised Old Version මක්නිසාද දෙදෙනෙක් හෝ තුන්දෙනෙක් හෝ මාගේ නාමයෙන් යම් තැනක රැස්ව සිටිත් නම් මම එතැන ඔවුන් මැද සිටිමියි කීසේක. Sinhala New Revised Version මන්ද, යම් තැනක දෙදෙනෙක් හෝ තුන්දෙනෙක් හෝ මාගේ නාමයෙන් රැස් ව සිටිත් ද එතැන ඔවුන් මැද මමත් වැඩ සිටිමි.” සිංහල කාලීන පරිවර්තනය මන්ද දෙදෙනකු හෝ තිදෙනකු හෝ මාගේ නාමයෙන් එක්රැස් වන්නේ නම්, මමත් එතැන ඔවුන් සමඟ සිටිමි” යි පැවසූ සේක. Sinhala New Revised Version 2018 මන්ද, යම් තැනක දෙදෙනෙක් හෝ තුන්දෙනෙක් හෝ මාගේ නාමයෙන් රැස් ව සිටිත් ද එතැන ඔවුන් මැද මමත් වැඩ සිටිමි.” |
ෂිලෝ එන තෙක් යූදා කෙරෙන් ජයකොන්තයවත් ඔහුගේ පාද අතරෙන් ආණ්ඩුකාරයාගේ සැරයටියවත් පහනොවන්නේය; මනුෂ්‍ය වර්ගයන්ගේ කීකරුකම ඔහුට වන්නේය.
පස්වලින් පූජාසනයක් මට සාදා නුඹේ දවන පූජාද නුඹේ ශාන්ති පූජාද නුඹේ බැටළුවන්ද නුඹේ ගවයින්ද එහි පූජාකරව. මා විසින් මාගේ නාමය සඳහන් කරන සියලු තැන්වලදී නුඹ වෙතට අවුත් නුඹට ආශීර්වාදකරන්නෙමි.
ඔවුන් ඇතුල්වෙන කල අධිපතියාත් ඔවුන් අතරේ ඇතුල්වන්නේය; ඔවුන් පිටතට යනකල ඔහුත් පිටතට යන්නේය.
මක්නිසාද මම්ම ඒක අවට ගිනි පවුරක්ව ඒක තුළ තේජසව සිටින්නෙමියි කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි කියන්නැයි කීය.
එකල පේතෘස් උන්වහන්සේ ළඟට ඇවිත්: ස්වාමිනි, මට වරදකරන මාගේ සහෝදරයාට කීවරක් කමාවෙන්ටද? සත්වරක් දක්වාදැයි උන්වහන්සේගෙන් ඇසුවේය.
මා විසින් නුඹලාට අණකළ සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වන්න. මමද ලෝකාන්තිමය දක්වා සෑම කල්හිම නුඹලා සමඟ සිටිමියි කීසේක.
සතියේ පළමුවෙනිවූ ඒ දවසේ සවස්වූ කල, යුදෙව්වරුන්ට භයින් දොරවල් වසා තිබෙද්දී, ගෝලයන් එක්ව සිටිතැන්හි යේසුස්වහන්සේ ඇවිත් මැද සිට: නුඹලාට සමාදානය වේවා කියා ඔවුන්ට කීසේක.
අට දවසකට පසු උන්වහන්සේගේ ගෝලයෝ නැවතත් ගේ ඇතුළෙහි සිටියෝය, තෝමස්ද ඔවුන් සමඟ සිටියේය. දොරවල් වසා තිබියදී යේසුස්වහන්සේ ඇවිත් මැද සිට: නුඹලාට සමාදානය වේවයි කීසේක.
යේසුස්වහන්සේ ඔවුන්ට කථාකොට: සැබවක් සැබවක් නුඹලාට කියමි–ආබ්‍රහම් උපදින්ට පළමුවෙන් මම සිටිමියි කීසේක.
එනම්, අපගේ ස්වාමිවූ යේසුස්වහන්සේගේ නාමයෙන්, නුඹලා සහ මාගේ ආත්මය අපගේ ස්වාමිවූ යේසුස්වහන්සේගේ බලය ඇතුව රැස්වුණාම,
පාවුල්ද සිල්වානස්ද තිමෝතියස්ද යන අප විසින් පියවූ දෙවියන්වහන්සේ සහ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ තිබෙන තෙසලෝනිකවරුන්ගේ සභාවට ලියා එවන වගනම්: නුඹලාට අනුග්‍රහයත් සමාදානයත් වේවා.
අපේ සහෝදරීවූ අපියාටද අපේ හවුල් හේවායෙක්වූ අර්කිපස්ටද නුඹේ ගෙදර තිබෙන සභාවටද ලියා එවන වග නම්:
එපීසයෙහි සභාවේ දූතයාට මෙසේ ලියන්න: තමන් දකුණතෙහි තාරකා සත දරන්නාවූද, රන් පහන් රුක් සත මැද සක්මන්කරන්නාවූද තැනන්වහන්සේ මේ කාරණා කියනසේක.
තවද: මෙන්න, දෙවියන්වහන්සේගේ මණ්ඩපය මනුෂ්‍යයන් සමඟය, උන්වහන්සේ ඔවුන් සමඟ වාසයකරනසේක, ඔව්හු උන්වහන්සේගේ සෙනඟ වන්නෝය, දෙවියන්වහන්සේම ඔවුන් සමඟ සිට ඔවුන්ගේ දෙවියන්වහන්සේ වනසේක.