ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




මතෙව් 15:18 - Sinhala Revised Old Version

නුමුත් කටින් පිටවෙන දේ නික්මෙන්නේ සිතින්ය; මනුෂ්‍යයා අපවිත්‍රවෙන්නේ එයින්ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එහෙත්, කටින් පිටවන දේ නික්මෙන්නේ සිතින් ය; මිනිසා කෙලෙසනු ලබන්නේ එයින් ය.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

එහෙත් මුවින් පිටවන දෑ පැමිණෙන්නේ හදවතිනි. කෙනකු අපවිත්‍ර කෙරෙන්නේ ඒවායිනි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එහෙත්, කටින් පිටවන දේ නික්මෙන්නේ සිතින් ය; මිනිසා කෙලෙසනු ලබන්නේ එයින් ය.

පරිච්ඡේදය බලන්න



මතෙව් 15:18
14 හුවමාරු යොමු  

ඔහුගේ මුඛයෙහි වචන අයුතුකම හා වංචාව වේ. ඔහු නුවණැතිව සිටීමෙන්ද යහපත්කම් කිරීමෙන්ද වැලකී සිටී.


ධර්මිෂ්ඨයාගේ තොල් ප්‍රසන්න දේ දනියි; එහෙත් දුෂ්ටයාගේ මුඛය ප්‍රයෝග කථාකරයි.


ප්‍රඥාවන්තයන්ගේ දිව දැනගැන්ම හරිලෙස කියාදෙයි; එහෙත් අඥානයන්ගේ මුඛය මෝඩකම වගුරුවයි.


ධර්මිෂ්ඨයාගේ සිත උත්තරදෙන පිණිස විමසා බලයි; එහෙත් දුෂ්ටයාගේ මුඛය නපුරුකම් වගුරුවයි.


සියල්ලටම වඩා නුඹේ සිත ආරක්ෂාකරගන්න; මක්නිසාද එයින් ජීවනය නික්මෙන්නේය.


ප්‍රයෝග මුඛයක් ඇතුව ඇවිදින්නාවූ, තමාගේ ඇස්වලින් ඉඟිකරන්නාවූ, තමාගේ පාදවලින් හැඟුම් දෙන්නාවූ,


පොළොං වංශය, නපුරුව සිටින නුඹලා යහපත් දේ කෙසේ කියවුද? මක්නිසාද සිතේ පූර්ණකමෙන් මුඛය කථාකරයි.


කටට ඇතුල්වෙන දෙයින් මනුෂ්‍යයා අපවිත්‍රවෙනවා නොව, මනුෂ්‍යයා අපවිත්‍ර වෙන්නේ කටින් පිටවෙන දෙයින්යයි කීසේක.


කටට ඇතුල්වෙන සියල්ල බඩට පැමිණ වැසිකිළියට යන බව නුඹලාට තේරෙන්නේ නැද්ද?


නැවතද උන්වහන්සේ: නුමුත් මනුෂ්‍යයා අපවිත්‍රවෙන්නේ ඔහුගෙන් පිටවන දෙයින්මය.


එවිට ඔහු කථාකොට: දුෂ්ටවූ දාසය, නුඹේම කටින් නුඹ විනිශ්චයකරමි. මා නොතිබූ දේ ගන්නාවූ, නොවපුළ දේ කපන්නාවූ, කර්කස කෙනෙක් බව නුඹ දැනගෙන සිටියෙහිය;


පුරාතනයන්ගේ උපදේශ කීම ලෙස: දුෂ්ටයාගෙන් දුෂ්ටකම නික්මෙන්නේය. නුමුත් මාගේ අත ඔබ පිටට නොපැමිණෙන්නේය.