මම මාගේ සෙනඟ කෙරෙහි උදහස්වී, මාගේ උරුමය කෙලහා, ඔවුන් නුඹ අතට දුනිමි. නුඹ ඔවුන්ට අනුකම්පාවක් නොපෙන්වා, මහල්ලන් පිට නුඹේ වියගහ ඉතා බර කෙළෙහිය.
විලාප ගී 5:12 - Sinhala Revised Old Version අධිපතීහු තමුන්ගේ අත්වලින් එල්ලනු ලැබුවෝය. වැඩිමහල්ලන්ගේ මුහුණුවලට ගෞරව නොලැබුණේය. Sinhala New Revised Version අධිපතීහු තමන්ගේ අත්වලින් එල්ලනු ලැබූ හ. වැඩිහිටි අය ගරු නොකරන ලදහ. Sinhala New Revised Version 2018 අධිපතීහු තමන්ගේ අත්වලින් එල්ලනු ලැබූ හ. වැඩිහිටි අය ගරු නොකරන ලදහ. |
මම මාගේ සෙනඟ කෙරෙහි උදහස්වී, මාගේ උරුමය කෙලහා, ඔවුන් නුඹ අතට දුනිමි. නුඹ ඔවුන්ට අනුකම්පාවක් නොපෙන්වා, මහල්ලන් පිට නුඹේ වියගහ ඉතා බර කෙළෙහිය.
සියොන් දුවගේ වැඩිමහල්ලෝ බිම හිඳගෙන නිශ්ශබ්දව සිටිති; ඔව්හු තමුන්ගේ හිස් පිට ධූලි දමාගෙන, ගෝණි රෙදි හැඳ සිටිති. යෙරුසලමේ කන්‍යාවෝ තමුන්ගේ හිස් බිමට නමාගෙන හිඳිති.
ස්වාමීන්වහන්ස, ඔබ මෙසේ කළේ කාටදැයි බලා කල්පනාකළ මැනව. ස්ත්‍රීහු ස්වකීය ඵල වන අත දරුවන් කන්නෝද? පූජකයා සහ ප්‍රොපේතයාත් ස්වාමීන්වහන්සේගේ ශුද්ධස්ථානයෙහිදී මරනු ලබනෝද?
ස්වාමීන්වහන්සේගේ උදහස ඔවුන් භේදකෙළේය; උන්වහන්සේ තවත් ඔවුන් නොසලකනසේක. ඔව්හු පූජකයන්ගේ මුහුණට ගරු නොකළෝය, වැඩිමහල්ලන්ට කරුණා නොකළෝය.
පැසුණු හිසකේ ඇත්තා ඉදිරියෙහි නැගිට සිටින්න, මහල්ලාගේ මුහුණට ගෞරවකරන්න. නුඹේ දෙවියන්වහන්සේට භයවෙන්න; මම ස්වාමීන්වහන්සේය.