ඔහු ගම්වල රැක හිඳින තැන්හි නැවතී සිට අප්‍රකාශ ස්ථානවලදී නිර්දෝෂයන් මරයි. ඔහුගේ ඇස් අසරණ අයට විරුද්ධව රහසින් යොමා තිබේ.
විනිශ්චයකාරයෝ 9:25 - Sinhala Revised Old Version ෂෙකෙම් වැසියෝ ඔහුට විරුද්ධව කඳු මුදුන්වල රහසින් මනුෂ්‍යයන් සිටෙවුවෝය, ඔව්හු ඒ මාර්ගයෙහි තමුන් ළඟින් යන සියල්ලන්ගෙන් කොල්ලකෑවෝය. එපවත් අබිමෙලෙක්ට දන්වනලද්දේය. Sinhala New Revised Version ෂෙකෙම් වැසියෝ ඔහුට විරුද්ධ ව කඳු මුදුන්වල මිනිසුන් රහසින් සිටෙව්වෝ ය. ඔව්හු ඒ මාර්ගයෙහි ඔවුන් ළඟින් යන සියල්ලන්ගෙන් කොල්ලකෑවෝ ය. එපවත් අබිමෙලෙක්ට දන්වන ලද්දේ ය. Sinhala New Revised Version 2018 ෂෙකෙම් වැසියෝ ඔහුට විරුද්ධ ව කඳු මුදුන්වල මිනිසුන් රහසින් සිටෙව්වෝ ය. ඔව්හු ඒ මාර්ගයෙහි ඔවුන් ළඟින් යන සියල්ලන්ගෙන් කොල්ලකෑවෝ ය. එපවත් අබිමෙලෙක්ට දන්වන ලද්දේ ය. |
ඔහු ගම්වල රැක හිඳින තැන්හි නැවතී සිට අප්‍රකාශ ස්ථානවලදී නිර්දෝෂයන් මරයි. ඔහුගේ ඇස් අසරණ අයට විරුද්ධව රහසින් යොමා තිබේ.
ඔවුන්ට අණකොට: නුඹලා නුවරට එහායින් සැඟවී සිටින්න, නුවරින් වැඩිදුර නොගොස් සියල්ලෝම සූදානම්ව සිටින්න.
මෙසේ වුණේ යෙරුබ්බාල්ගේ පුත්‍රයන් සැත්තෑදෙනාට කළාවූ අයුක්තියේ ඵලද ඔවුන්ගේ ලේද ඔවුන් මැරූ ඔවුන්ගේ සහෝදරවූ අබිමෙලෙක් පිටටත් ඔහුගේ සහෝදරයන් මැරීමට ඔහුගේ අත් බලවත්කළාවූ ෂෙකෙම් වැසියන් පිටටත් පැමිණෙන පිණිසය.
තවද එබෙද්ගේ පුත්‍රවූ ගයල් තමාගේ සහෝදරයන් සමඟ ෂෙකෙම්ට පැමින්නේය. ෂෙකෙම් වැසියෝ ඔහු කෙරෙහි විශ්වාසය තැබූහ.