Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 9:24 - Sinhala Revised Old Version

24 මෙසේ වුණේ යෙරුබ්බාල්ගේ පුත්‍රයන් සැත්තෑදෙනාට කළාවූ අයුක්තියේ ඵලද ඔවුන්ගේ ලේද ඔවුන් මැරූ ඔවුන්ගේ සහෝදරවූ අබිමෙලෙක් පිටටත් ඔහුගේ සහෝදරයන් මැරීමට ඔහුගේ අත් බලවත්කළාවූ ෂෙකෙම් වැසියන් පිටටත් පැමිණෙන පිණිසය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 මෙසේ වූයේ, ජෙරුබ්බාල්ගේ පුත්‍රයන් සැත්තෑදෙනාට කරන ලද අයුක්තියේත්, ඔවුන්ගේ ලේ වැගිරීමේත් ප්‍රතිවිපාකය ඔවුන් මැරූ ඔවුන්ගේ සහෝදරයා වන අබිමෙලෙක් පිටත්, ඔහුගේ සහෝදරයන් මැරීමට අනුබල දුන් ෂෙකෙම් වැසියන් පිටත් පැමිණෙන පිණිස ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

24 මෙසේ වූයේ, ජෙරුබ්බාල්ගේ පුත්‍රයන් සැත්තෑදෙනාට කරන ලද අයුක්තියේත්, ඔවුන්ගේ ලේ වැගිරීමේත් ප්‍රතිවිපාකය ඔවුන් මැරූ ඔවුන්ගේ සහෝදරයා වන අබිමෙලෙක් පිටත්, ඔහුගේ සහෝදරයන් මැරීමට අනුබල දුන් ෂෙකෙම් වැසියන් පිටත් පැමිණෙන පිණිස ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 9:24
12 හුවමාරු යොමු  

ඔහු තමාට වඩා ධර්මිෂ්ඨවූ වඩා යහපත්වූ මනුෂ්‍යයන් දෙදෙනෙකු එනම් නේර්ගේ පුත්‍රවූ ඉශ්‍රායෙල් සේනාවට අධිපතියා වූ අබ්නේර්ටද යෙතෙර්ගේ පුත්‍රවූ යූදා සේනාවට අධිපතියා වූ අමාසාටද ගසා මාගේ පියවූ දාවිත් නොදැනුවත්ව ඔවුන් කඩුවෙන් මරාදැමූ බැවින් ස්වාමීන්වහන්සේ ඔහුගේ ලේ ඔහුගේම හිස පිටට මෙසේ පමුණුවනවා ඇත.


ඔහුගේ නපුරුකම ස්වකීය හිස පිටට හැරෙන්නේය, ඔහුගේ බලාත්කාරකම ස්වකීය ඉස් මුදුනෙහි වැටෙන්නේය.


නුමුත් ඒ කාරණය රජු ඉදිරියට පැමිණි කල, රජ හාමාන් විසින් යුදෙව්වරුන්ට විරුද්ධව කළ නපුරු යෝජනාව ඔහුගේම හිස පිටට හැරෙන හැටියට අණකර ලියා ඇරියේය; ඔහු සහ ඔහුගේ පුත්‍රයෝ ගහේ එල්ලා තබනලද්දෝය.


සාමුවෙල්ද: නුඹේ කඩුව ස්ත්‍රීන් දරුවන් නැති අය කළාක්මෙන් නුඹේ මෑණියොත් ස්ත්‍රීන් අතරෙහි දරුවන් නැත්තියක් වන්නීයයි කීය. සාමුවෙල් ගිල්ගාල්හිදී ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ආගග් කැබලිකොට කපාදැමුවේය.


නිදොස් කෙනෙකු මරන්ට අල්ලස් ගන්නාට ශාප වේවා. එවිට මුළු සෙනඟ: ආමෙන් කියත්වා.


එසේ නුඹලා වසන දේශය දූෂ්‍ය නොකරන්න. මක්නිසාද ලේ වැගිරීමෙන් දේශය පිළිකුල්වෙයි. තවද ලේ වැගිරෙවු තැනැත්තාගේ ලෙයින් මිස එහි වගුරුවනලද ලෙයේ දෝෂයෙන් දේශය මිදිය නොහැකිය.


ෂෙකෙම් වැසියෝ ඔහුට විරුද්ධව කඳු මුදුන්වල රහසින් මනුෂ්‍යයන් සිටෙවුවෝය, ඔව්හු ඒ මාර්ගයෙහි තමුන් ළඟින් යන සියල්ලන්ගෙන් කොල්ලකෑවෝය. එපවත් අබිමෙලෙක්ට දන්වනලද්දේය.


අදොනි-බෙශෙක් කථාකොට: අත්පාවල මාපට ඇඟිලි කපාදමනලද රජවරු සැත්තෑදෙනෙක් මාගේ මේසය යට කෑම ඇහිඳගත්තෝය. මා කළ ලෙස දෙවියන්වහන්සේ මට ප්‍රතිඵල දුන්සේකැයි කීවේය. ඔව්හු ඔහු යෙරුසලමට ගෙනගියෝය, ඔහු එහිදී මළේය.


ඔවුන්ගේ ලේ යෝවාබ්ගේ හිස පිටද ඔහුගේ වංශයේ හිස පිටද සදාකල්හිම පැමිණෙන්නේය. නුමුත් දාවිත්ටද ඔහුගේ වංශයටද ඔහුගේ පවුලටද ඔහුගේ සිංහාසනයටද සමාදානය ස්වාමීන්වහන්සේගෙන් සදාකල්හිම වන්නේයයි ඔහුට කීවේය.


ස්වාමීන්ගේ ධර්මිෂ්ඨකම පරිද්දෙන් උන්වහන්සේට ස්තුතිකරන්නෙමි. මහෝත්තමවූ ස්වාමීන්ගේ නාමයට ප්‍රශංසා ගී කියන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්