Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 9:26 - Sinhala Revised Old Version

26 තවද එබෙද්ගේ පුත්‍රවූ ගයල් තමාගේ සහෝදරයන් සමඟ ෂෙකෙම්ට පැමින්නේය. ෂෙකෙම් වැසියෝ ඔහු කෙරෙහි විශ්වාසය තැබූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

26 තවද, ඒබෙද්ගේ පුත් ගයල් සිය සහෝදරයන් සමඟ ෂෙකෙම්ට පැමිණියේ ය. ෂෙකෙම් වැසියෝ ඔහු කෙරෙහි විශ්වාසය තැබූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

26 තවද, ඒබෙද්ගේ පුත් ගයල් සිය සහෝදරයන් සමඟ ෂෙකෙම්ට පැමිණියේ ය. ෂෙකෙම් වැසියෝ ඔහු කෙරෙහි විශ්වාසය තැබූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 9:26
6 හුවමාරු යොමු  

මාගේ සහෝදරයිනි, මෙබඳු දුෂ්ටකමක් නොකරන්න.


එවිට ආබ්‍රම් ලොත්ට කථාකොට: මා සහ නුඹ අතරෙහිද මාගේ එඬේරුන් සහ නුඹේ එඬේරුන් අතරෙහිද ඩබරයක් නොවේවා; මක්නිසාද අපි සහෝදරයෝය.


ෂෙකෙම් වැසියෝ ඔහුට විරුද්ධව කඳු මුදුන්වල රහසින් මනුෂ්‍යයන් සිටෙවුවෝය, ඔව්හු ඒ මාර්ගයෙහි තමුන් ළඟින් යන සියල්ලන්ගෙන් කොල්ලකෑවෝය. එපවත් අබිමෙලෙක්ට දන්වනලද්දේය.


තවද ඔව්හු කෙත්වලට ගොස් තමුන්ගේ මිදි වතුවලින් ඵල නෙළා මැඩගෙන මංගල්‍ය පවත්වමින්, තමුන්ගේ දෙවියන්ගේ ගෘහයට ඇතුල්වී කා බී අබිමෙලෙක්ට දෙස් කීවෝය.


එබෙද්ගේ පුත්‍රවූ ගයල් කථාකොට: අප විසින් සේවයකිරීමට අබිමෙලෙක් කවුද? ෂෙකෙම් කවුද? ඔහු යෙරුබ්බාල්ගේ පුතා නොවේද? ඔහුගේ අධිපතියා ශෙබූල් නොවේද? නුඹලා ෂෙකෙම්ගේ පියවූ හාමොර්ගේ මිනිසුන්ට මෙහෙකරන්න. නුමුත් අපි කුමක් පිණිස ඔහුට මෙහෙකරමුද?


නුවර ආණ්ඩුකාරයාවූ ශෙබුල් එබෙද්ගේ පුත්‍රවූ ගයල්ගේ වචන ඇසූ කල ඔහුගේ කෝපය ඇවුළුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්