ඔහු බාල්ගේ පූජාසනය කඩාදැමූ නිසා බාල්ම ඔහුට විරුද්ධව කාරණා කියාවයි කියා ඒ දවසේදී ඔහුට යෙරුබ්බාල් යන නම තැබුවේය.
විනිශ්චයකාරයෝ 9:16 - Sinhala Revised Old Version ඉතින් අබිමෙලෙක් රජකමට පත්කරගැනීමෙන් නුඹලා සැබෑකමින්ද අවංකකමින්ද ක්‍රියාකොට, යෙරුබ්බාල්ට සහ ඔහුගේ වංශයට යහපත්කම් කර, ඔහුගේ අත්වල ක්‍රියාවල හැටියට ඔහුට කළහුද? Sinhala New Revised Version “දැන් ඉතින් ෂෙකෙම් වැසියෙනි, ඔබ හැම සැබෑ ලෙස ද අවංක ලෙස ද ක්‍රියා කොට අබිමෙලෙක් රජකමට පත් කළහු ද? ජෙරුබ්බාල්ගේ ක්‍රියාවලට ඔබින ලෙස ඔහුටත්, ඔහුගේ පවුලේ අයටත් යුතු දේ කළහු ද? Sinhala New Revised Version 2018 “දැන් ඉතින් ෂෙකෙම් වැසියෙනි, ඔබ හැම සැබෑ ලෙස ද අවංක ලෙස ද ක්‍රියා කොට අබිමෙලෙක් රජකමට පත් කළහු ද? ජෙරුබ්බාල්ගේ ක්‍රියාවලට ඔබින ලෙස ඔහුටත්, ඔහුගේ පවුලේ අයටත් යුතු දේ කළහු ද? |
ඔහු බාල්ගේ පූජාසනය කඩාදැමූ නිසා බාල්ම ඔහුට විරුද්ධව කාරණා කියාවයි කියා ඒ දවසේදී ඔහුට යෙරුබ්බාල් යන නම තැබුවේය.
යෙරුබ්බාල් එනම් ගිඩියොන් ඉශ්‍රායෙල්ට කළ සියලු යහපත්කම්වල හැටියට ඔහුගේ පවුලට කරුණාව පෙන්නුවේවත් නැත.
කටුඇඹිල්ල ගහද: නුඹලා සැබෑවටම නුඹලා කෙරෙහි රජෙකු කොට මා පත්කර ගන්නවා නම් ඇවිත් මාගේ සෙවෙණෙහි මුවාවී සිටින්න. නැතහොත් කටුඇඹිල්ල ගහෙන් ගින්නක් නික්ම ලෙබනොන්හි කිහිරි ගස් දවා දමාවයි ගස්වලට කීවේය.
මක්නිසාද මාගේ පියා තමාගේ ජීවිතය නොසලකා නුඹලා උදෙසා යුද්ධකර මිදියන්වරුන්ගේ අත්වලින් නුඹලා ගැළෙවුවේය.