Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 9:16 - Sinhala New Revised Version 2018

16 “දැන් ඉතින් ෂෙකෙම් වැසියෙනි, ඔබ හැම සැබෑ ලෙස ද අවංක ලෙස ද ක්‍රියා කොට අබිමෙලෙක් රජකමට පත් කළහු ද? ජෙරුබ්බාල්ගේ ක්‍රියාවලට ඔබින ලෙස ඔහුටත්, ඔහුගේ පවුලේ අයටත් යුතු දේ කළහු ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 “දැන් ඉතින් ෂෙකෙම් වැසියෙනි, ඔබ හැම සැබෑ ලෙස ද අවංක ලෙස ද ක්‍රියා කොට අබිමෙලෙක් රජකමට පත් කළහු ද? ජෙරුබ්බාල්ගේ ක්‍රියාවලට ඔබින ලෙස ඔහුටත්, ඔහුගේ පවුලේ අයටත් යුතු දේ කළහු ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

16 ඉතින් අබිමෙලෙක් රජකමට පත්කරගැනීමෙන් නුඹලා සැබෑකමින්ද අවංකකමින්ද ක්‍රියාකොට, යෙරුබ්බාල්ට සහ ඔහුගේ වංශයට යහපත්කම් කර, ඔහුගේ අත්වල ක්‍රියාවල හැටියට ඔහුට කළහුද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 9:16
4 හුවමාරු යොමු  

එපමණක් නොව, ජෙරුබ්බාල් හෙවත් ගිඩියොන් ඉශ්රායෙල් ජනයාට කළ සියලු යහපත් දේට ඔබින ලෙස ඔහුගේ පවුලට ඔව්හු කෙළෙහිගුණ ද නොදැක්වූ හ.


“බාල්ගේ පූජාසනය කඩා දැමූ නිසා බාල් ම තමා උදෙසා කරුණු කියා වා”යි ඒ දවසේ දී කියූ ජෝවාෂ් ‘බාල් ම තමාගේ ම විත්තිකාරයා ය’ යන අර්ථය ඇති ජෙරුබ්බාල් යන නම ගිඩියොන්ට තැබුවේ ය.


කටුඇඹිල්ල ගස පිළිතුරු දෙමින්, ‘ඔබ සැබෑවට ම ඔබ කෙරෙහි රජෙකු කොට මා පත්කරගන්නහු නම්, අවුත් මාගේ සෙවණෙහි රැකවරණය ලබා සිටින්න. එසේ නොකළොත්, කටුඇඹිල්ල ගසෙන් ගින්නක් නික්ම ලෙබනොන්හි කිහිරි ගස් දවාලන්නේ යැ’යි වෘක්ෂයන්ට කීවේ ය.


මාගේ පියා තමාගේ ජීවිතය නොතකා ඔබ උදෙසා යුද්ධ කර මිදියන්වරුන්ගේ අත්වලින් ඔබ ගැළෙවුවේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්