Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 9:15 - Sinhala Revised Old Version

15 කටුඇඹිල්ල ගහද: නුඹලා සැබෑවටම නුඹලා කෙරෙහි රජෙකු කොට මා පත්කර ගන්නවා නම් ඇවිත් මාගේ සෙවෙණෙහි මුවාවී සිටින්න. නැතහොත් කටුඇඹිල්ල ගහෙන් ගින්නක් නික්ම ලෙබනොන්හි කිහිරි ගස් දවා දමාවයි ගස්වලට කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 කටුඇඹිල්ල ගස පිළිතුරු දෙමින්, ‘ඔබ සැබෑවට ම ඔබ කෙරෙහි රජෙකු කොට මා පත්කරගන්නහු නම්, අවුත් මාගේ සෙවණෙහි රැකවරණය ලබා සිටින්න. එසේ නොකළොත්, කටුඇඹිල්ල ගසෙන් ගින්නක් නික්ම ලෙබනොන්හි කිහිරි ගස් දවාලන්නේ යැ’යි වෘක්ෂයන්ට කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 කටුඇඹිල්ල ගස පිළිතුරු දෙමින්, ‘ඔබ සැබෑවට ම ඔබ කෙරෙහි රජෙකු කොට මා පත්කරගන්නහු නම්, අවුත් මාගේ සෙවණෙහි රැකවරණය ලබා සිටින්න. එසේ නොකළොත්, කටුඇඹිල්ල ගසෙන් ගින්නක් නික්ම ලෙබනොන්හි කිහිරි ගස් දවාලන්නේ යැ’යි වෘක්ෂයන්ට කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 9:15
19 හුවමාරු යොමු  

ඵාරාවෝගේ ශක්තියෙන් ශක්තිමත් වෙන්ටත් මිසරයේ සෙවණ කෙරෙහි විශ්වාසකරන්ටත් මාගේ මුඛයෙන් නොවිචාරා මිසරයට යාමට පිටත්වෙන්නාවූද, කැරළිකාර දරුවන්ට දුක් වේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


ඔහුගේ සෙවණෙහි වසන්නෝ හැරී එන්නෝය; ඔව්හු ගොයම මෙන් නැවත ප්‍රාණවත්වී, මුද්‍රිකවැල මෙන් දළුදමන්නෝය. එහි සුවඳ ලෙබනොන්හි මුද්‍රිකපානය මෙන් වන්නේය.


උස්වූ උසස්ව තිබෙන ලෙබනොන්හි සියලු කිහිරි ගස්වලට විරුද්ධවද බාෂාන්හි සියලු අලෝන ගස්වලට විරුද්ධවද;


එසේ නැත්නම් අබිමෙලෙක්ගෙන් ගිනි නික්ම ෂෙකෙම් වැසියන්ද මිල්ලෝ වංශයද දවාදමාවා; ෂෙකෙම් වැසියන්ගෙන්ද මිල්ලෝ වංශයෙන්ද ගිනි නික්ම අබිමෙලෙක් දවාදමාවයි කීවේය.


එහි කොළ ශෝභනව, එහි ඵල බොහෝව තිබුණේය, එය තුළ සියල්ලන්ට ආහාර තිබුණේය. ඒක යට වනයේ මෘගයන්ට සෙවණ තිබුණේය, ඒකේ අතුවල ආකාශ පක්ෂියෝ ලැග්ගෝය, සියලු සත්වයන්ට එයින් කෑම ලැබුණේය.


ඇගේ අතුවල දඬුවලින් ගිනි නික්ම ඇගේ ඵල දවාදැමුවේය, එහෙයින් ආණ්ඩුකිරීමට ජයකොන්තයක් පිණිස ඈට සවි ඇති කිසි දණ්ඩක් නැත. මේක විලාපයක්ය, විලාපයක් පිණිස වන්නේයයි කීය.


නුඹේ සේවකයන් ලවා නුඹ ස්වාමීන්වහන්සේට අපහාසකරවා කථාකොට–මාගේ රථ රාශිය සමඟ මම කඳුවල මුදුනට එනම් ලෙබනොන්හි ඈත පළාත්වලට නැගුණෙමි; එහි උස්වූ කිහිරි ගස්ද අනර්ඝ දේවදාර ගස්ද කපාදමන්නෙමි. එහි උයන් වතු සහිත වනය වන ඉතා දුරවූ උස් ප්‍රදේශයටත් ඇතුල්වන්නෙමි.


ස්වාමීන්ගේ වෘක්ෂයෝ, එනම් උන්වහන්සේ සිටෙවු, ලෙබනොන්හි කිහිරි වෘක්ෂයෝ, තෘප්තියට පැමිණෙති;


ඉශ්‍රායෙල් රජවූ යෙහෝවාෂ් උත්තරදෙමින්: නුඹේ දුව මාගේ පුතාට භාර්යාකොට දෙන්නැයි ලෙබනොන්හිවූ ගොකටුගස ලෙබනොන්හිවූ කිහිරි ගසට කියා ඇරියේය. නුමුත් ලෙබනොන්හි වන මෘගයෙක් ඒ ළඟින් යන විට කටු ගස පාගාදැමුවේය.


මක්නිසාද හෙෂ්බොන් සිට ගින්නක්ද සීහොන් නුවරින් ගිනිදැලක්ද නික්මගියේය. එය මෝවබ්හි ආර්ද අර්ණොන් උස්තැන්වල ස්වාමිවරුන්ද දවා දැමීය.


ඒක සියලුම බීජවලට වඩා කුඩා නුමුත් වැඩුණු කල පළාගස්වලට වඩා මහත්ව, ආකාශ පක්ෂීන් ඇවිත් එහි අතුවල ලගින තරම් ගසක් වන්නේයයි කීසේක.


මෙන්න, අෂූරියයා ශෝභන අතුද ඝන සෙවණක්ද ඇත්තාවූ, ඉතා උස්වූ, ලෙබනොන්හි කිහිරි ගසක්ය; එහි මුදුන වලාකුල් අතරෙහි වූයේය.


බලවතා හණ මෙන්ද ඔහුගේ වැඩේ ගිනි පුපුරක් මෙන්ද වී, කිසිවෙකු විසින් නිවන්නේ නැතුව, එකට දාලායනවා ඇතැයි කියනසේක.


එවිට මුළු සෙනඟත් එකිනෙකා අත්තක් බැගින් කපාගෙන අබිමෙලෙක් පස්සේ ගොස් ඒවා කොත ළඟ තබා මිනිසුන් ඇතුළේ සිටිද්දී කොත ගිනිලෑවෝය. මෙසේ ෂෙකෙම් කොටුවේ සියල්ලන්වූ ස්ත්‍රීන් හා පුරුෂයන් දහසක් පමණ මළෝය.


එවිට සියලු ගස්: නුඹ ඇවිත් අප කෙරෙහි රජවුණමැනවයි කටුඇඹිල්ල ගහට කීවෝය.


ඉතින් අබිමෙලෙක් රජකමට පත්කරගැනීමෙන් නුඹලා සැබෑකමින්ද අවංකකමින්ද ක්‍රියාකොට, යෙරුබ්බාල්ට සහ ඔහුගේ වංශයට යහපත්කම් කර, ඔහුගේ අත්වල ක්‍රියාවල හැටියට ඔහුට කළහුද?


ස්වාමීන්ගේ ශබ්දය කිහිරිගස් බිඳියි; එසේය, ස්වාමීන්වහන්සේ ලෙබනොන්හි කිහිරිගස් කැබෙලිකොට බිඳිනසේක.


අබිමෙලක්ද ඔහු සමඟ සිටි කණ්ඩායම්ද ඉදිරියට දුව ගොස් නුවරට ඇතුල්වෙන දොරකඩ සිටියෝය. කණ්ඩායම් දෙකක්ද පිටත සිටි සියල්ලන් ළඟට දුවගොස් ඔවුන්ට පහරදුන්නෝය.


ඔහුගේ සෙවණෙහි ජාතීන් අතරේ අපට ජීවත්වෙන්ට ලැබේයයි අප කීවාවූ, අපගේ නාසයේ හුස්ම වැනිවූ, ස්වාමීන්වහන්සේගේ අභිෂේකලත් තැනැත්තේ ඔවුන්ගේ වළවල අසුවුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්