ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




විනිශ්චයකාරයෝ 9:14 - Sinhala Revised Old Version

එවිට සියලු ගස්: නුඹ ඇවිත් අප කෙරෙහි රජවුණමැනවයි කටුඇඹිල්ල ගහට කීවෝය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එවිට සියලු වෘක්ෂයෝ, ‘ඔබ අවුත් අප කෙරෙහි රජ වුණ මැනවැ’යි කටුඇඹිල්ල ගසට කී හ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එවිට සියලු වෘක්ෂයෝ, ‘ඔබ අවුත් අප කෙරෙහි රජ වුණ මැනවැ’යි කටුඇඹිල්ල ගසට කී හ.

පරිච්ඡේදය බලන්න



විනිශ්චයකාරයෝ 9:14
3 හුවමාරු යොමු  

ඉශ්‍රායෙල් රජවූ යෙහෝවාෂ් උත්තරදෙමින්: නුඹේ දුව මාගේ පුතාට භාර්යාකොට දෙන්නැයි ලෙබනොන්හිවූ ගොකටුගස ලෙබනොන්හිවූ කිහිරි ගසට කියා ඇරියේය. නුමුත් ලෙබනොන්හි වන මෘගයෙක් ඒ ළඟින් යන විට කටු ගස පාගාදැමුවේය.


මිදිවැලද: දෙවියන්වහන්සේ සහ මනුෂ්‍යයා ප්‍රීතිකරවන මාගේ රසය අත්හැර ගස් කෙරෙහි එහා මෙහා වැනෙන්ට යාම මට යුතුදැයි ඒවාට කීවේය.


කටුඇඹිල්ල ගහද: නුඹලා සැබෑවටම නුඹලා කෙරෙහි රජෙකු කොට මා පත්කර ගන්නවා නම් ඇවිත් මාගේ සෙවෙණෙහි මුවාවී සිටින්න. නැතහොත් කටුඇඹිල්ල ගහෙන් ගින්නක් නික්ම ලෙබනොන්හි කිහිරි ගස් දවා දමාවයි ගස්වලට කීවේය.