Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 9:13 - Sinhala Revised Old Version

13 මිදිවැලද: දෙවියන්වහන්සේ සහ මනුෂ්‍යයා ප්‍රීතිකරවන මාගේ රසය අත්හැර ගස් කෙරෙහි එහා මෙහා වැනෙන්ට යාම මට යුතුදැයි ඒවාට කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 මිදි වැල පිළිතුරු දෙමින්, ‘ඔබ කෙරෙහි රජකම් කරන පිණිස, මා දෙවිවරුන් සහ මනුෂ්‍යයන් ප්‍රීති කරවන මාගේ මිදියුස අත්හැරීම යුතු දැ’යි ඇසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 මිදි වැල පිළිතුරු දෙමින්, ‘ඔබ කෙරෙහි රජකම් කරන පිණිස, මා දෙවිවරුන් සහ මනුෂ්‍යයන් ප්‍රීති කරවන මාගේ මිදියුස අත්හැරීම යුතු දැ’යි ඇසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 9:13
9 හුවමාරු යොමු  

සිනාසීම පිණිස භෝජන පිළියෙළකරනු ලැබේ, මුද්‍රිකපානයද ජීවිතය ප්‍රීතිකරයි. තවද මුදලෙන් සියලුදේ ඉෂ්ටවෙයි.


මනුෂ්‍යයාගේ සිත සතුටුකරන මුද්‍රිකපානයත්, ඔහුගේ මුහුණ පැහැපත්කරන්ට තෙලුත්, සිත ශක්තිමත්කරන ආහාරත් හටගන්වනසේක.


පාන පූජාවක් පිණිස ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳ ඇති ගිනි පූජාවක් පිණිස මුද්‍රිකපාන හිනකින් භාගයක්ද ඔප්පුකරන්න.


පාන පූජාවක් පිණිස මුද්‍රිකපාන හිනකින් සතරෙන් කොටසක් දවන පූජාවට නුමුත් යාග පූජාවට නුමුත් එක එක බැටළු පැටවා සමඟ ඔප්පුකරන්න.


විනාශවෙන්ට යන අයට සුරාපානයද ශෝක සිත ඇත්තන්ට මුද්‍රිකපානයද දෙන්න.


පාන පූජාවක් පිණිස මුද්‍රිකපාන හිනකින් තුනෙන් කොටසක්ද ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් පිණිස ඔප්පුකරන්න.


එවිට ගස් තුමූ: නුඹ ඇවිත් අප කෙරෙහි රජවුණ මැනවියි මිදිවැලට කීවෝය.


එවිට සියලු ගස්: නුඹ ඇවිත් අප කෙරෙහි රජවුණමැනවයි කටුඇඹිල්ල ගහට කීවෝය.


මනුෂ්‍ය පුත්‍රයන්ට තමුන්ගේ ජීවිතයේ සියලුම දවස්වල අහසින් යට කිරීමට හොඳව තිබෙන්නේ මොකද කියා දකින තුරු, මාගේ සිත ප්‍රඥාවෙන් මා හසුරුවන අතර, මාගේ මාංසය මුද්‍රිකපානයට භාරදෙන්නෙත් මෝඩකම අල්ලාගන්නෙත් කොහොමදැයි මාගේ සිතින් විභාගකෙළෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්