යෙහෝවාෂ් වනාහි යෙහෝයාදා පූජකයා විසින් තමාට දැනමුතුකම් දුන් කාලය මුළුල්ලෙහි ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි හරිව තිබුණු දේ කෙළේය.
විනිශ්චයකාරයෝ 8:33 - Sinhala Revised Old Version තවද ගිඩියොන් මැරුණු වහාම ඉශ්‍රායෙල් පුත්‍රයෝ නැවතත් බාල් දේවතාවන් අනුව අනාචාරයෙන් හැසිරෙමින් බාල්බෙරීත් තමුන්ට දෙවිකොට තබාගත්තෝය. Sinhala New Revised Version ගිඩියොන් මියගිය පසු ඉශ්රායෙල් ජනයා යළිත් වහා ම සමිඳාණන් වහන්සේට අවිශ්වාසවන්ත වී බාල් දේවතාවා වැළඳ ගෙන ඔහුට නමස්කාර කරන්නට පටන්ගෙන බාල්-බෙරිත් තමන්ට දෙවි ලෙස තබා ගත්තෝ ය. Sinhala New Revised Version 2018 ගිඩියොන් මියගිය පසු ඉශ්රායෙල් ජනයා යළිත් වහා ම සමිඳාණන් වහන්සේට අවිශ්වාසවන්ත වී බාල් දේවතාවා වැළඳ ගෙන ඔහුට නමස්කාර කරන්නට පටන්ගෙන බාල්-බෙරිත් තමන්ට දෙවි ලෙස තබා ගත්තෝ ය. |
යෙහෝවාෂ් වනාහි යෙහෝයාදා පූජකයා විසින් තමාට දැනමුතුකම් දුන් කාලය මුළුල්ලෙහි ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි හරිව තිබුණු දේ කෙළේය.
මේ සෙනඟගේ පියවරුන් බාල් නිසා මාගේ නාමය මතකනැතිකළාක්මෙන්, තමුන් විසින් එකිනෙකාට කියාදෙන තමුන්ගේ ස්වප්න කරණකොටගෙන මාගේ සෙනඟ ලවාම මාගේ නාමය මතකනැතිකරවන්ට ඔව්හු සිතින් අභිප්‍රායකරති.
ඇගේ වේශ්‍යාකමේ නින්දිතකමින් ඈ දේශය පිළිකුල් කළාය, ඈ ගල් සහ දඬු සමඟ කාමමිථ්‍යාචාරය කළාය.
ඉශ්‍රායෙල්වරු වනාහි යෝෂුවාගේ සියලු දවස්වලදීද යෝෂුවාට පසුවත් ජීවත්ව සිටියාවූ, ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් උදෙසා කළ උන්වහන්සේගේ සියලු ක්‍රියා දැනගන සිටියාවූ වැඩිමහල්ලන්ගේ සියලු දවස්වලදීද ස්වාමීන්වහන්සේට සේවයකළෝය.
ඉශ්‍රායෙල් පුත්‍රයෝ නැවතත් ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණ දේ කොට බාල්දේවතාවුන්ටත් අෂ්ටාරොත්ටත් සිරියේ දෙවිවරුන්ටත් ශීදොන්හි දෙවිවරුන්ටත් මෝවබ්හි දෙවිවරුන්ටත් අම්මොන් පුත්‍රයන්ගේ දෙවිවරුන්ටත් පිලිස්තිවරුන්ගේ දෙවි වරුන්ටත්, සේවයකළෝය; ස්වාමීන්වහන්සේට සේවය නොකොට උන්වහන්සේ අත්හැරියෝය.
ඔව්හු තමුන්ගේ පියවරුන් මිසර දේශයෙන් ගෙනාවාවූ තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අත්හැර, අන් දෙවිවරුන්වූ තමුන් වටකර සිටිය මනුෂ්‍ය ජාතීන්ගේ දෙවිවරුන් පස්සේ ගොස්, ඔවුන්ට නමස්කාරකොට, ස්වාමීන්වහන්සේ කෝපකළෝය.
එහෙත් ඔව්හු ඒ විනිශ්චයකාරයන්ටත් ඇහුම්කන්නොදී, අන් දෙවිවරුන් අනුව අනාචාරයෙන් හැසිරෙමින්, ඔවුන්ට නමස්කාර කළෝය. ස්වාමීන්වහන්සේගේ ආඥාවලට කීකරුව සිටි තමුන්ගේ පියවරුන් මෙන් ඔව්හු නොකොට, ඔවුන්ගේ මාර්ගයෙන් වහාම ඉවත්ව ගියෝය.
නුමුත් විනිශ්චයකාරයා මැරුණු කල, ඔව්හු හැරී අන් දෙවිවරුන් පස්සේ ගොස්, ඔවුන්ට සේවයකොට නමස්කාරකරමින්, තමුන්ගේ පියවරුන්ටත් වඩා දූෂ්‍යකම් කළෝය; ඔව්හු තමුන්ගේ ක්‍රියාවලින්වත් තමුන්ගේ මුරණ්ඩු මාර්ගයෙන්වත් කිසිවක් අත්නෑරියෝය.
ඉශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණුදේ කළෝය, ඔව්හු තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සිහිනැතිකොට බාල් දේවතාවුන්ටත් අෂේරීන්ටත් සේවයකළෝය.
ගිඩියොන් එයින් ඒඵොද් සැට්ටයක් සාදා ඒක තමාගේ නුවරවූ ඔප්‍රාහි පිහිටෙවුවේය. සියලු ඉශ්‍රායෙල්වරු ඒක අනුව අනාචාරකමින් ගියෝය. ඒක ගිඩියොන්ටත් ඔහුගේ පවුලටත් මලපතක් විය.
යෝවාෂ්ගේ පුත්‍රවූ ගිඩියොන් බොහෝ ආයු වළඳා මැරී අබියෙශ්‍රීවරුන්ට අයිති ඔප්‍රාහි තමාගේ පියවූ යෝවාෂ්ගේ සොහොන්ගෙයි තැන්පත්කරනු ලැබුවේය.
තවද ඔව්හු කෙත්වලට ගොස් තමුන්ගේ මිදි වතුවලින් ඵල නෙළා මැඩගෙන මංගල්‍ය පවත්වමින්, තමුන්ගේ දෙවියන්ගේ ගෘහයට ඇතුල්වී කා බී අබිමෙලෙක්ට දෙස් කීවෝය.
තවද ඔව්හු බාල්-බෙරීත්ගේ ගෘහයෙන් රිදී මිල සැත්තෑවක් ඔහුට දුන්නෝය. එයින් අබිමෙලෙක් තමා කැටුව යන පිණිස කමකට නැති චණ්ඩි මිනිසුන් කුලියට ගත්තෝය.