Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 23:27 - Sinhala Revised Old Version

27 මේ සෙනඟගේ පියවරුන් බාල් නිසා මාගේ නාමය මතකනැතිකළාක්මෙන්, තමුන් විසින් එකිනෙකාට කියාදෙන තමුන්ගේ ස්වප්න කරණකොටගෙන මාගේ සෙනඟ ලවාම මාගේ නාමය මතකනැතිකරවන්ට ඔව්හු සිතින් අභිප්‍රායකරති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

27 මේ සෙනඟගේ පියවරුන් මා අමතක කර බාල් දෙවියා වෙත හැරුණාක් මෙන්, දිවැසිවරු තමන් එකිනෙකාට කියන සිහින කරණකොටගෙන මාගේ සෙනඟට මා අමතක කරන්න සැලැස්වීමට අභිප්‍රාය කරති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

27 මේ සෙනඟගේ පියවරුන් මා අමතක කර බාල් දෙවියා වෙත හැරුණාක් මෙන්, දිවැසිවරු තමන් එකිනෙකාට කියන සිහින කරණකොටගෙන මාගේ සෙනඟට මා අමතක කරන්න සැලැස්වීමට අභිප්‍රාය කරති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 23:27
14 හුවමාරු යොමු  

ඉශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණුදේ කළෝය, ඔව්හු තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සිහිනැතිකොට බාල් දේවතාවුන්ටත් අෂේරීන්ටත් සේවයකළෝය.


නුමුත් මායාකාර යන අර්ථ ඇති එලිමස් නම් තැනැත්තේ අධිපතියා ඇදහීමෙන් ඉවතට හරවාගන්ට අදහස්කරමින්, ඔවුන්ට විරුද්ධව සිටියේය.


තවද ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලා අතරෙහි සිටින නුඹලාගේ ප්‍රොපේතවරුන්ටද පේනකියන්නන්ටද නොරැවටෙන්න, නුඹලා දකින නුඹලාගේ ස්වප්නවලටත් ඇහුම්කන් නොදෙන්න.


තමාගේ පියවූ හෙසකියා නැතිකළ උස් තැන් ඔහු නැවත ගොඩනගා, බාල්ට පූජාසන තනා, ඉශ්‍රායෙල්හි රජවූ ආහබ් සෑදුවාක් මෙන් අෂේරා කණුවක්ද සෑදුවේය, ඔහු මුළු අහස් සේනාවට නමස්කාරකරමින් ඒවාට සේවයකෙළේය.


ඉශ්‍රායෙල් පුත්‍රයෝ නැවතත් ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණ දේ කොට බාල්දේවතාවුන්ටත් අෂ්ටාරොත්ටත් සිරියේ දෙවිවරුන්ටත් ශීදොන්හි දෙවිවරුන්ටත් මෝවබ්හි දෙවිවරුන්ටත් අම්මොන් පුත්‍රයන්ගේ දෙවිවරුන්ටත් පිලිස්තිවරුන්ගේ දෙවි වරුන්ටත්, සේවයකළෝය; ස්වාමීන්වහන්සේට සේවය නොකොට උන්වහන්සේ අත්හැරියෝය.


එහි නොහැසිර, තමුන්ගේ සිතේ මුරණ්ඩුකමේ හැටියටත් ඔවුන්ගේ පියවරුන් ඔවුන්ට ඉගැන්නූ ලෙස බාල් දේවතාවුන් පස්සෙත් ගිය නිසායයි කියනසේක.


මා විසින් අද නුඹට අණකරන නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ආඥාද විනිශ්චයන්ද පනත්ද නොපැවැත්වීමෙන් උන්වහන්සේ මතක නැති නොකරන්ට බලාගන්න.


නුඹේ සිත උඩඟු නොවන හැටියටද, මිසර දේශය වන වහල්කමේ ගෙයින් නුඹ පිටතට ගෙනාවාවූ, නුඹේ මතු කාලයේදී නුඹට යහපත කිරීමට නුඹ යටහත්කර නුඹ සෝදිසිකරන පිණිස,


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සිහිකරන්න, මක්නිසාද නුඹේ පියවරුන්ට දිවුළ තමන්ගේ ගිවිසුම අද තිබෙන්නාක් මෙන් ඉෂ්ටකරන පිණිස නුඹට සම්පත් ලබාගැනීමට පුළුවන්කම දෙන්නේ උන්වහන්සේය.


කන්‍යාවක් ඇගේ ආභරණද මනමාලියක් ඇගේ ඉඟපටියද සිහිනැති කරනවා ඇද්ද? එහෙත් මාගේ සෙනඟ ගණන් නැති දවස්වල මා සිහිනැතිකළෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්