එකිනෙකා එක මනුෂ්‍යයෙකු බැගින් මැරුවේය; එවිට සිරියවරු පලාගියෝය, ඉශ්‍රායෙල්වරු ඔවුන් පස්සේ එළවාගන ගියෝය. සිරියේ රජවූ බෙන්-හදද් අශ්වයෙකු පිට නැගී අසරුවන් සමඟ ගැළවීගියේය.
විනිශ්චයකාරයෝ 7:21 - Sinhala Revised Old Version ඔවුන් සියල්ලෝම කඳවුරු වටේට එකිනෙකා තම තමාගේ ස්ථානයෙහි සිටියෝය. මුළු සේනාවද දිව කෑගසමින් පලාගියෝය. Sinhala New Revised Version ඔව්හු සියල්ලෝ ම කඳවුර වටේ එකිනෙකා තම තමන්ගේ ස්ථානයේ සිටියෝ ය. මුළු සේනාව ද කෑගසමින් පලා ගියෝ ය. Sinhala New Revised Version 2018 ඔව්හු සියල්ලෝ ම කඳවුර වටේ එකිනෙකා තම තමන්ගේ ස්ථානයේ සිටියෝ ය. මුළු සේනාව ද කෑගසමින් පලා ගියෝ ය. |
එකිනෙකා එක මනුෂ්‍යයෙකු බැගින් මැරුවේය; එවිට සිරියවරු පලාගියෝය, ඉශ්‍රායෙල්වරු ඔවුන් පස්සේ එළවාගන ගියෝය. සිරියේ රජවූ බෙන්-හදද් අශ්වයෙකු පිට නැගී අසරුවන් සමඟ ගැළවීගියේය.
ඔහු කථාකොට: සියලු යූදාවරුනි, යෙරුසලමේ වැසියෙනි, යෙහෝෂාපාට් රජ්ජුරුවෙනි, ඇහුම්කන්දෙන්න. ස්වාමීන්වහන්සේ නුඹලාට මෙසේ කියනසේක–මේ මහත් සමූහයා නිසා භයනොවෙන්න, නොකැලඹෙන්න; මක්නිසාද මේ යුද්ධය නුඹලාගේ නොව දෙවියන්වහන්සේගේය.
යූදාවරුනි, යෙරුසලමේ වැසියෙනි, මේ යුද්ධයේදී නුඹලා සටන්කරන්ට ඕනෑ නැත. සැරසී නිශ්චලව සිට ස්වාමීන්වහන්සේ නුඹලාට දෙන ගැළවීම බලාසිටින්න. ස්වාමීන්වහන්සේ නුඹලා සමඟ සිටින නිසා භයනොවී, නොකැලඹී, හෙට ඔවුන් වෙතට පිටත්ව යන්නය කියා වදාරනසේකැයි කීවේය.
උන්වහන්සේ ඔවුන්ගේ චක්‍රරෝද ගැළෙවූසේක, ඔව්හු ඒවා අමාරුවෙන් දැක්කුවෝය. එබැවින් මිසරවරු කථාකොට: අපි ඉශ්‍රායෙල් කෙරෙන් පලායමු; මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔවුන් උදෙසා මිසරවරුන්ට විරුද්ධව සටන්කරනසේකැයි කීවෝය.
කිසිවෙක් එළවාගෙන නොඑන නුමුත් දුෂ්ටයෝ පලායති; එහෙත් ධර්මිෂ්ඨයෝ සිංහයෙකු මෙන් නිර්භීතව සිටිති.
මක්නිසාද ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ වන ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක්: හැරී නිශ්චලව සිටීම කරණකොටගෙන නුඹලා ගැළවෙන්නහුය; නොකැලඹී විශ්වාසකිරීමෙන් නුඹලාට බලය ලැබෙන්නේයයි කීසේක. නුමුත් නුඹලා අකැමැතිවී කථාකොට:
ගින්නේ උෂ්ණය නිවුවෝය, කඩුමුවහතින් ගැළවුණෝය, දුර්වලව සිට ශක්තිමත්කරනු ලැබුවෝය, යුද්ධයෙහි බලසම්පන්නවූවෝය, අන්‍ය සේනාවක් පන්නාදැමුවෝය.
කණ්ඩායම් තුනම හොරණෑ පිඹ කළගෙඩි බිඳදමා, වමතින් පන්දම්ද පිඹින පිණිස දකුණතින් හොරණෑද අල්ලාගෙන: ස්වාමීන්වහන්සේගේද ගිඩියොන්ගේද කඩුවයයි මොරගැසුවෝය.