Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 20:20 - Sinhala Revised Old Version

20 එකිනෙකා එක මනුෂ්‍යයෙකු බැගින් මැරුවේය; එවිට සිරියවරු පලාගියෝය, ඉශ්‍රායෙල්වරු ඔවුන් පස්සේ එළවාගන ගියෝය. සිරියේ රජවූ බෙන්-හදද් අශ්වයෙකු පිට නැගී අසරුවන් සමඟ ගැළවීගියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 එකිනෙකා එක මිනිසෙකු බැගින් මැරූ හ. එවිට සිරියාවේ වැසියෝ පලා ගියහ. ඉශ්රායෙල්වරු ද ඔවුන් ලුහුබැඳ ගියහ. සිරියාවේ රජ වන බෙන්‍-හදද් අසෙකු පිට නැඟී සිය අශ්වාරෝහක පිරිසක් සමඟ ගැළවී ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 එකිනෙකා එක මිනිසෙකු බැගින් මැරූ හ. එවිට සිරියාවේ වැසියෝ පලා ගියහ. ඉශ්රායෙල්වරු ද ඔවුන් ලුහුබැඳ ගියහ. සිරියාවේ රජ වන බෙන්‍-හදද් අසෙකු පිට නැඟී සිය අශ්වාරෝහක පිරිසක් සමඟ ගැළවී ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 20:20
15 හුවමාරු යොමු  

නැවත, මම වනාහි ඉර යට දිවීමේ දිනුම ශීඝ්‍ර අයටවත් යුද්ධයේ ජය බලවන්තයන්ටවත් කෑම ප්‍රඥාවන්තයන්ටවත් වස්තුව තේරුම් ඇත්තන්ටවත් කරුණාව දැනගැන්ම ඇත්තන්ටවත් ලැබෙනවා නොව, කාලයත් හදිසි කාරණාත් ඔවුන් සියල්ලන්ට සිද්ධවෙන බව දුටිමි.


ජාතීහු කෝලාහල කළෝය, රාජ්‍යයෝ සෙල්වුණෝය. උන්වහන්සේ ස්වකීය හඬ නිකුත් කළසේක, පොළොව දියවූවාය.


මහත් සේනාව කරණකොටගෙන ගැළවුණු රජෙක් නැත. බලසම්පන්න මනුෂ්‍යයෙක් තමාගේ මහත් ශක්තියෙන් නොගැළවෙයි.


එවිට අෂූර්හි රජවූ සෙනකෙරිබ් පිටත්ව ගොස් නිනිවෙහි වාසයකෙළේය.


එවිට ඔව්හු එකිනෙකා තමතමාගේ විරුද්ධකාරයාගේ හිස අල්ලා කඩුවෙන් ළැපැත්තට ඇන එක්ව වැටුණෝය. එබැවින් ගිබියොන් ළඟ තිබෙන ඒ ස්ථානයට හෙල්කත්-හශ්ශුරීම් යන නම තබනලද්දේය.


නුඹලාගෙන් පස්දෙනෙක් සියදෙනෙක්ද නුඹලාගෙන් සියදෙනෙක් දසදහසක්ද එළවනවා ඇත. එසේ නුඹලාගේ සතුරෝ නුඹලා හමුවෙහි කඩුවෙන් වැටෙන්නෝය.


එවිට ආසා ස්වාමීන්වහන්සේගේ ගෘහ ගබඩාවල ඉතුරුව තිබුණු රන් රිදී සියල්ලද රජගෙයි තිබුණු වස්තුද ගෙන තමාගේ සේවකයන්ගේ අතට භාරදී, දමස්කයෙහි විසූ සිරියේ රජවූ, හෙශියොන්ගේ පුත්‍රයා වන තබ්රිම්මොන්ගේ පුත්‍රවූ බෙන්-හදද්ට ඒවා යවමින්:


මෙසේ ජනපදවල අධිපතීන්ගේ සේවකයෝද ඔවුන් අනුව ගිය සේනාවද නුවරින් පිටතට ගොස්,


ඉශ්‍රායෙල් රජ පිටතට ගොස් අශ්වයන්ටද රථවලටද පහරදී, සිරියවරුන් අතරෙහි මහත් විනාශයක් කෙළේය.


නුමුත් නෙතානියාගේ පුත්‍රවූ ඉෂ්මායෙල් මනුෂ්‍යයන් අට දෙනෙකු සමඟ යොහානාන් ඉදිරියෙන් ගැළවී අම්මොන් පුත්‍රයන් ළඟට ගියේය.


ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ නප්තලීයෙන්ද ආෂෙරෙන්ද මුළු මනස්සෙන්ද රැස්ව මිදියන්වරුන් පස්සේ එළවාගන ගියෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්