කානාන්ගේ සීමාව ශීදොන් පටන් ගෙරාර් පිහිටි අතට ගාශා දක්වාද සොදොම්, ගොමොරා, අද්මා සහ ශෙබොයිම් යන මේවා පිහිටි අතට ලාෂා දක්වාද විය.
විනිශ්චයකාරයෝ 6:4 - Sinhala Revised Old Version ඔවුන්ට විරුද්ධව කඳවුරු බැඳ, ගාසා දොරටු දක්වා පොළොවේ භෝග ඵල නාස්තිකළෝය, ඔව්හු ආහාරවත් එළුබැටළුවන්වත් ගවයන්වත් කොටළුවන්වත් ඉශ්‍රායෙල්වරුන්ට ඉතිරිනොකළෝය. Sinhala New Revised Version ඔව්හු ඒ ප්‍රදේශයේ කඳවුරු බැඳ, ගාසා දොරටු දක්වා පොළොවේ භවභෝග නාස්ති කළෝ ය. ඔව්හු ආහාර වත්, එළු බැටළුවන් වත්, ගවයන් වත්, කොටළුවන් වත් ඉශ්රායෙල්වරුන්ට ඉතිරි නොකළෝ ය. Sinhala New Revised Version 2018 ඔව්හු ඒ ප්‍රදේශයේ කඳවුරු බැඳ, ගාසා දොරටු දක්වා පොළොවේ භවභෝග නාස්ති කළෝ ය. ඔව්හු ආහාර වත්, එළු බැටළුවන් වත්, ගවයන් වත්, කොටළුවන් වත් ඉශ්රායෙල්වරුන්ට ඉතිරි නොකළෝ ය. |
කානාන්ගේ සීමාව ශීදොන් පටන් ගෙරාර් පිහිටි අතට ගාශා දක්වාද සොදොම්, ගොමොරා, අද්මා සහ ශෙබොයිම් යන මේවා පිහිටි අතට ලාෂා දක්වාද විය.
ලොත් ඇස් ඔසවා බලා යොර්දානේ මුළු සමභූමිය හැම තැනම ජල සම්පන්නව තිබෙන බව දුටුවේය. ස්වාමීන්වහන්සේ සොදොම සහ ගොමොරා විනාශකරන්ට පළමුවෙන් ඒක ශොවර් දෙසට ස්වාමීන්වහන්සේගේ උයන මෙන්ද මිසර දේශය මෙන්ද වූයේය.
ඔවුන් නුඹේ පුත්‍රයන්ද දූවරුන්ද විසින් කන්ට යුතුවූ නුඹේ අස්වැන්නද නුඹේ ආහාරද කා දමනවා ඇත. ඔවුන් නුඹේ බැටළුවන්ද නුඹේ ගවයන්ද කා දමනවා ඇත; නුඹේ මිදිවැල්ද නුඹේ අත්තික්කා ගස්ද කා දමනවා ඇත; නුඹ විශ්වාසකරන නුඹේ බලකොටු නුවරවල් ඔවුන් කඩුවෙන් නටබුන්කරනවා ඇත.
මමද නුඹලාට මෙසේ කරන්නෙමි: මම නුඹලා කෙරෙහි භය එනම් ඇස් ක්ෂය කරන්නාවූ, ප්‍රාණය හීනකරන්නාවූ, ක්ෂයරෝගයද උණද පමුණුවන්නෙමි. නුඹලා නිෂ්ඵලයේ බීජ වපුරන්නහුය, මක්නිසාද නුඹලාගේ සතුරෝ ඒවා කන්නෝය.
අහෝ නුඹ සිඳිනු ලැබූ හැටි! සොරුවත් රාත්‍රියේ කොල්ලකාරයෝවත් නුඹ ළඟට ආවෝ නම් තමුන්ට සෑහෙන පමණ සොරකම්කර නොගන්නෝද? මිදිඵල නෙළන්නෝ නුඹ ළඟට ආවෝ නම් ඔවුන් ස්වල්පයක්වත් ඉතුරු කරන්නේ නැද්ද?
නුඹ වපුරන නුමුත් කපාගන්ට නොලැබේ. නුඹ ඔලීව ඵල මඩින නුමුත් තෙල් ගාගන්ට නොලැබේ; නුඹ මිදියුස මිරිකන නුමුත් මුද්‍රිකපානය බොන්ට නොලැබේ.
නුඹේ භූමියේ පලදාවද නුඹේ මුළු උත්සාහ ලාභයද නුඹ නොදන්න සෙනඟක් භුක්තිවිඳිනවා ඇත, නුඹ නිරන්තරයෙන් පීඩාවට හා බලාත්කාරයටම ගොදුරුවන්නෙහිය.
නුඹ විනාශවී යන තුරු ඔව්හු නුඹේ සිව්පාවුන්ගේ ඵලයද නුඹේ භූමියේ ඵලයද කාදමන්නෝය. ඔව්හු නුඹ නැතිකරදමන තුරු නුඹට ධාන්‍යවත් මුද්‍රික රසයවත් තෙල්වත් නුඹේ ගව වස්සන්වත් එළු බැටළු පැටවුන්වත් ඉතුරු නොකරන්නෝය.
ඉශ්‍රායෙල්වරුන් වැපුරුවාට පසු මිදියන්වරුද අමෙලෙක්වරුද පූර්ව දිශාවේ වැසියෝද ඔවුන්ට විරුද්ධව ඇවිත්,