Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 6:3 - Sinhala Revised Old Version

3 ඉශ්‍රායෙල්වරුන් වැපුරුවාට පසු මිදියන්වරුද අමෙලෙක්වරුද පූර්ව දිශාවේ වැසියෝද ඔවුන්ට විරුද්ධව ඇවිත්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 ඉශ්රායෙල්වරුන් බීජ වැපුරූ හැම විට ම මිදියන්වරු ද අමලෙක්වරු ද පෙරදිග වැසියෝ ද ඔවුන්ට පහර දෙන්නට පැමිණියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 ඉශ්රායෙල්වරුන් බීජ වැපුරූ හැම විට ම මිදියන්වරු ද අමලෙක්වරු ද පෙරදිග වැසියෝ ද ඔවුන්ට පහර දෙන්නට පැමිණියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 6:3
25 හුවමාරු යොමු  

මිදියන්වරුද අමලෙක්වරුද පූර්ව දිශාවේ සියලු වැසියෝද ගණනින් පළඟැටියන් මෙන් මිටියාවතේ පැතිර සිටියෝය; ඔවුන්ගේ ඔටුවෝද ගණනාවක් නැතුව මුහුදු වෙරෙළ් වැලිමෙන් බොහෝව සිටියෝය.


එවිට සියලු මිදියන්වරුද අමලෙක්වරුද පූර්ව දිශාවේ වැසියෝද එකට රැස්ව මෙගොඩට ඇවිත් යෙශ්‍රෙයෙල් මිටියාවතේ කඳවුරු බැඳගත්තෝය.


ඔහු අම්මොන් සහ අමලෙක් පුත්‍රයන් රැස්කරවාගන ගොස් ඉශ්‍රායෙල්ට පහර දුන්නේය, ඔව්හු ඉඳිගස් නුවරද හිමිකරගත්තෝය.


ඔහුගේ සම්පත් නම් බැටළුවන් සත් දහසකුත් ඔටුවන් තුන් දහසකුත් ගොන් බාන් පන්සියයකුත් කොටළුදෙනුන් පන්සියයකුත් වැඩකාරයන් ඉතා මහත් ගණනකුත්ය; මෙසේ ඒ මනුෂ්‍යයා නැගෙනහිර දිශාවේ සියලු මනුෂ්‍යයන්ට වඩා ශ්‍රේෂ්ඨව සිටියේය.


සාලමොන්ගේ ප්‍රඥාව පූර්වදිග රටවල සියලු ජනයාගේ ප්‍රඥාවටත් මිසරවරුන්ගේ මුළු ප්‍රඥාවටත් වඩා මහත්ව තිබුණේය.


සෙබාද ශල්මුන්නාද ඔවුන් සමඟ පූර්ව දිශාවේ වැසියෝ වූ මුළු සේනාවෙන් ඉතුරුවුණ සියල්ලෝ එනම් පහළොස් දහසක් පමණවූ ඔවුන්ගේ සේනාවද කර්කොර්හි සිටියෝය. මක්නිසාද කඩුගන්න මනුෂ්‍යයන් එකසිය විසිදහසක් නැසුණෝය.


එකල යාකොබ් ගමන්කොට පෙරදිග ජනයන්ගේ දේශයට පැමුණුණේය.


නුඹ වපුරන නුමුත් කපාගන්ට නොලැබේ. නුඹ ඔලීව ඵල මඩින නුමුත් තෙල් ගාගන්ට නොලැබේ; නුඹ මිදියුස මිරිකන නුමුත් මුද්‍රිකපානය බොන්ට නොලැබේ.


මා වපුරන ඒවා වෙන කෙනෙක් අනුභව කෙරේවා; එසේය, මාගේ කෙතේ අස්වැන්න උදුරාදමනු ලැබේවා.


නුඹ විනාශවී යන තුරු ඔව්හු නුඹේ සිව්පාවුන්ගේ ඵලයද නුඹේ භූමියේ ඵලයද කාදමන්නෝය. ඔව්හු නුඹ නැතිකරදමන තුරු නුඹට ධාන්‍යවත් මුද්‍රික රසයවත් තෙල්වත් නුඹේ ගව වස්සන්වත් එළු බැටළු පැටවුන්වත් ඉතුරු නොකරන්නෝය.


මමද නුඹලාට මෙසේ කරන්නෙමි: මම නුඹලා කෙරෙහි භය එනම් ඇස් ක්ෂය කරන්නාවූ, ප්‍රාණය හීනකරන්නාවූ, ක්ෂයරෝගයද උණද පමුණුවන්නෙමි. නුඹලා නිෂ්ඵලයේ බීජ වපුරන්නහුය, මක්නිසාද නුඹලාගේ සතුරෝ ඒවා කන්නෝය.


මිදියන්වරුන්ගේ අත ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව ජයගත්තේය. මිදියන්වරුන් නිසා ඉශ්‍රායෙල් පුත්‍රයෝ කඳුවල තිබෙන බිම්ගෙවල්ද ගුහාවල්ද කොටුද සාදාගත්තෝය.


ඔවුන්ට විරුද්ධව කඳවුරු බැඳ, ගාසා දොරටු දක්වා පොළොවේ භෝග ඵල නාස්තිකළෝය, ඔව්හු ආහාරවත් එළුබැටළුවන්වත් ගවයන්වත් කොටළුවන්වත් ඉශ්‍රායෙල්වරුන්ට ඉතිරිනොකළෝය.


ඉශ්‍රායෙල් පුත්‍රයෝ රැස්කරනු ලැබුවෝය, ඔව්හු ආහාර ලැබ ඔවුන්ට විරුද්ධව ගියෝය. ඉශ්‍රායෙල් පුත්‍රයෝ කුඩා එළු රැළවල් දෙකකට සමානව ඔවුන් ඉදිරියේ කඳවුරු බැඳ සිටියෝය; නුමුත් සිරියවරුන්ගෙන් දේශය පිරී තිබුණේය.


ස්වාමීන්වහන්සේ තමන්ගේ දකුණත සහ තමන්ගේ බලවත් හස්තය ගැන දිවුරමින්: සැබවින් නුඹේ ධාන්‍ය නුඹේ සතුරන්ට කෑම පිණිස මම තවත් නොදෙන්නෙමි; නුඹ වැඩකර ලබාගත් නුඹේ මුද්‍රිකයුෂ විදේශීහු නොබොන්නෝය.


මම නැගෙනහිර දිශාවේ වැසියන්ට උරුමයක් කොට නුඹ පාවාදෙන්නෙමි, ඔවුන් නුඹ තුළ තමුන්ගේ කඳවුරු බැඳ, තමුන්ගේ වාසස්ථාන නුඹ තුළ පිහිටුවාගන්නවා ඇත; ඔවුන් නුඹේ ඵල කා, නුඹේ කිරිබොනවා ඇත.


නුමුත් ආබ්‍රහම්ට සිටිය උප භාර්යාවන්ගේ පුත්‍රයන්ට ආබ්‍රහම් තෑගිදී ඔහු ජීවත්ව සිටි කල්හිම තමාගේ පුත්‍රවූ ඊසාක් කෙරෙන් ඔවුන් අහක්කර නැගෙනහිර දෙසට එනම් පෙරදිග රටට යන්ට හැරියේය.


එකල අමලෙක්වරු අවුත් රෙඵිඩිම්හිදී ඉශ්‍රායෙල් සමඟ සටන්කළෝය.


ශීදොන්වරුන් සහ අමලෙක්වරුද මායොන්වරුද නුඹලාට පීඩා කළෝය; නුඹලා මට මොරගැසූකල ඔවුන්ගේ අතිනුත් නුඹලා ගැළෙවුවෙමි.


මෙසේ හීරාම් සාලමොන්ගේ මුළු කැමැත්ත ලෙස කිහිරි ලීද දේවදාර ලීද ඔහුට දුන්නේය.


ඔව්හු ඉගිලී ගොස්, බටහිරෙන් පිලිස්තිවරුන්ගේ කර පිටට බසින්නෝය; ඔව්හු එක්ව පෙරදිග වැසියන්ගෙන් කොල්ලකා, තමුන්ගේ අත ඒදොම් සහ මෝවබ් පිටට දිගුකරන්නෝය; අම්මොන් පුත්‍රයෝද ඔවුන්ට කීකරුවන්නෝය.


කේදාර් ගැනත් බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් විසින් පහරදුන් හාශෝර්හි රාජ්‍යවල් ගැනත්ය. ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලා නැගිට කේදාර්ට නැගීගොස්, නැගෙනහිර දිශාවේ පුත්‍රයන් නාස්තිකරන්න.


ස්වාමිවූ දෙවියන්වහන්සේගේ වචනය අසන්න; ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මාගේ ශුද්ධස්ථානය කෙලහුණු නිසා ඊට විරුද්ධවද ඉශ්‍රායෙල් රට පාළුවී තිබෙන නිසා ඊට විරුද්ධවද යූදා වංශය වහල්කමට ගිය නිසා ඔවුන්ට විරුද්ධවද නුඹ ඔහෝයයි කී බැවින්,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්