Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 28:51 - Sinhala Revised Old Version

51 නුඹ විනාශවී යන තුරු ඔව්හු නුඹේ සිව්පාවුන්ගේ ඵලයද නුඹේ භූමියේ ඵලයද කාදමන්නෝය. ඔව්හු නුඹ නැතිකරදමන තුරු නුඹට ධාන්‍යවත් මුද්‍රික රසයවත් තෙල්වත් නුඹේ ගව වස්සන්වත් එළු බැටළු පැටවුන්වත් ඉතුරු නොකරන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

51 ඔව්හු ඔබ වැනසී යන තුරු ඔබේ ගොවිසම්පත ද ගෙවතුවල පලදාව ද කාදමන්නෝ ය. ඔබට ධනධාන්‍ය හෝ මිදියුස හෝ තෙල් හෝ එළු බැටළු පැටවුන් හෝ ගව පට්ටි හෝ ඉතිරි නොකරන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

51 ඔව්හු ඔබ වැනසී යන තුරු ඔබේ ගොවිසම්පත ද ගෙවතුවල පලදාව ද කාදමන්නෝ ය. ඔබට ධනධාන්‍ය හෝ මිදියුස හෝ තෙල් හෝ එළු බැටළු පැටවුන් හෝ ගව පට්ටි හෝ ඉතිරි නොකරන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 28:51
13 හුවමාරු යොමු  

නුඹේ භූමියේ පලදාවද නුඹේ මුළු උත්සාහ ලාභයද නුඹ නොදන්න සෙනඟක් භුක්තිවිඳිනවා ඇත, නුඹ නිරන්තරයෙන් පීඩාවට හා බලාත්කාරයටම ගොදුරුවන්නෙහිය.


ස්වාමීන්වහන්සේ තමන්ගේ දකුණත සහ තමන්ගේ බලවත් හස්තය ගැන දිවුරමින්: සැබවින් නුඹේ ධාන්‍ය නුඹේ සතුරන්ට කෑම පිණිස මම තවත් නොදෙන්නෙමි; නුඹ වැඩකර ලබාගත් නුඹේ මුද්‍රිකයුෂ විදේශීහු නොබොන්නෝය.


දේශයේ සෙනඟට මෙසේ කියන්න–ඉශ්‍රායෙල් රටෙහි සිටින යෙරුසලමේ වැසියන් ගැන ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: ඔව්හු තමුන්ගේ කෑම පිරිමසා ගෙන කා, තමුන්ගේ වතුර කනස්සලුකමින් බොන්නෝය, මෙසේ වන්නේ ඔවුන්ගේ දේශය එහි වැසි සියල්ලන්ගේ බලාත්කාරකම නිසා එහි තිබෙන සියල්ලෙන් පාළුවෙන පිණිසය.


එම්බා වනයේ තිබෙන මාගේ කන්ද, නුඹේ සම්පතද නුඹේ සියලුම වස්තුද නුඹේ සියලු පළාත්වල කළ පාපය නිසා නුඹේ උස් තැන්ද කොල්ලයක් කොට දෙන්නෙමි.


නුඹේ සම්පතද නුඹේ වස්තුද මිලයකට නොව නුඹේ සියලු පළාත්වල නුඹේ සියලු පව් නිසා කොල්ලයක් කොට දෙන්නෙමි.


නුඹලාගේ දේශය පාළුවී තිබේ; නුඹලාගේ නුවරවල් ගින්නෙන් දවා දමා තිබේ; නුඹලාගේ භූමිය නුඹලා ඉදිරියේදී විදේශියෝ නාස්තිකෙරෙති, ඒක විදේශීන්ගේ වැනසීමක් ලෙස පාළුවක් වී තිබේ.


මා විසින් නුඹලාගේ කෑම නමැති රුකුල බින්ද විට ස්ත්‍රීහු දසදෙනෙක් එක් උදුනෙක්හි නුඹලාගේ රොටි පුලුස්සා කිරමින් නැවත භාරදෙන්නෝය. නුඹලා කා සෑහීමට නොපැමිණෙන්නහුය.


නුඹට නොතේරෙන භාෂාවක් කථාකරන්නාවූ ජාතියක් රාජාලියා වේගයෙන් එන්නාක් මෙන් දුර සිට පොළොවේ කෙළවරෙන් ස්වාමීන්වහන්සේ නුඹට විරුද්ධව පමුණුවනසේක.


නුඹේ මුළු දේශයෙහි තිබෙන්නාවූ නුඹ විශ්වාසය තැබූ නුඹේ උස්වූ බලවත් පවුරු වැටෙන තුරු, ඔව්හු නුඹේ සියලු නුවර දොරටුවලදී නුඹ වටලාගන්නෝය. නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දුන් නුඹේ මුළු දේශයෙහි තිබෙන නුඹේ සියලු නුවර දොරටුවලදී ඔව්හු නුඹ වටලාගන්නෝය.


මම නැගෙනහිර දිශාවේ වැසියන්ට උරුමයක් කොට නුඹ පාවාදෙන්නෙමි, ඔවුන් නුඹ තුළ තමුන්ගේ කඳවුරු බැඳ, තමුන්ගේ වාසස්ථාන නුඹ තුළ පිහිටුවාගන්නවා ඇත; ඔවුන් නුඹේ ඵල කා, නුඹේ කිරිබොනවා ඇත.


රැකවලුන්ගේ අධිපතියා සමඟ සිටි කල්දිවරුන්ගේ මුළු සේනාව යෙරුසලමේ පවුරු හාත්පසින්ම බිඳ දැමුවෝය.


සාගින්නෙන් මැරුම්කන්නන්ට වඩා කඩුවෙන් මැරුම්කන්නන්ට පහසුව ඇත්තේය; මක්නිසාද මොව්හු කෙතේ අස්වැන්න නැතිකමින් පීඩිතව ක්ෂයවී යති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්