ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




විනිශ්චයකාරයෝ 6:37 - Sinhala Revised Old Version

බැලුව මැනව, මම බැටළුලොම් මිටියක් පාවරේ තබන්නෙමි; ලොම් මිටිය පිට පමණක් පිනි ඇතුව මුළු බිම වියළී තිබුණොත් ඔබවහන්සේ කී ලෙස මා ලවා ඉශ්‍රායෙල් ගළවන බව එයින් මම දැනගන්නෙමියි කීවේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මෙන්න මම, බැටළු ලොම් මිටියක් කමතේ තබන්නෙමි; මුළු බිම වියළී තිබියදී, ලොම් මිටිය පිට පමණක් පිනි තිබුණොත්, ඔබ වහන්සේ වදාළ ලෙස මා ලවා ඉශ්රායෙල් ජාතිය ගළවන බව එයින් මම දැනගන්නෙමි”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මෙන්න මම, බැටළු ලොම් මිටියක් කමතේ තබන්නෙමි; මුළු බිම වියළී තිබියදී, ලොම් මිටිය පිට පමණක් පිනි තිබුණොත්, ඔබ වහන්සේ වදාළ ලෙස මා ලවා ඉශ්රායෙල් ජාතිය ගළවන බව එයින් මම දැනගන්නෙමි”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න



විනිශ්චයකාරයෝ 6:37
11 හුවමාරු යොමු  

මට බොන පිණිස නුඹේ කළය පහත්කරන්නැයි මම යම් තරුණියකට කීවාම: බොන්න, නුඹේ ඔටුවන්ටත් බොන්ට දෙමියි කියන්නාවූ ඕතොමෝ ඔබගේ මෙහෙකරුවූ ඊසාක්ට ඔබවහන්සේ නියම කළ තැනැත්තී වේවා; මාගේ ස්වාමියා කෙරෙහි ඔබවහන්සේ කරුණාව පෙන්වූ බව එයින් දැනගන්නෙමියි කීය.


තණකොළ කැපූ කෙත් පිට වැස්ස මෙන්ද බිම තෙමන වැසිවලා මෙන්ද උන්වහන්සේ පහළවන්නේය.


මම ඉශ්‍රායෙල්ට පිනි මෙන් වන්නෙමි. ඔහු මානෙල් මෙන් මල් දරන්නේය, ලෙබනොන් මෙන් මුල් අදින්නේය.


නුමුත් උන්වහන්සේ උත්තරදෙමින්: ඉශ්‍රායෙල් වංශයේ නැතිවුණු බැටළුවන් වෙතට මිස අන්‍යයන් වෙතට මම එවනු නොලද්දෙමියි කීසේක.


මාගේ ශික්ෂාව වර්ෂාව මෙන් බසින්නේය, මාගේ කථාව පිනිමෙන්ද, ළා තණකොළ පිට වැසිපොද මෙන්ද, තණකොළ පිට වැස්ස මෙන්ද පහළ වන්නේය.


ඔහු උන්වහන්සේට කථාකොට: දැන් ඔබ ඉදිරියෙහි මට කරුණාව ලැබී තිබේනම්, ඔබ මා සමඟ කථාකරන බවට ලකුණක් මට පෙන්නුව මැනව.


ගිඩියොන් දෙවියන්වහන්සේට කථාකොට: ඔබවහන්සේ කී ලෙස මා ලවා ඉශ්‍රායෙල් ගළවනසේක් නම්,


ඒ එසේ සිද්ධවිය. ඔහු පසුවදා අලුයම නැගිට ලොම් මිටියෙන් පිනි මිරිකා තැටියක් පුරා වතුර මිරිකා හැරියේය.